Friday, January 25, 2013

සංසන්දනය...

ඇත්තටම සංසන්දනය කියන්නෙ මොකටද? අපේ ගතිගුණ හරි දේපල හරි වෙනත් මොනවම හරි දෙයක් තවත් කෙනෙකුට තියෙන දේවල් එක්ක මැනල බලල සන්තෝස වීම හෝ කම්පා වීමට..?

සංසන්දනය මම අකමැතිම දෙයක්... මාව මේ ලෝකෙ වෙන කිසීම කෙනෙක් එක්ක සංසන්දනය කරනවට මම අකමැතියි... හොඳ හෝ නරක වෙනුවෙන්... නමුත් බොහොමයක් දෙනාට සංසන්දනය නොකර ඉන්න අපහසුයි, ඒ වගෙම බොහෝම දෙනෙක් සැසඳෙන්න අකමැතියි...

මම ලෝකෙ දැකපු මුල්ම සංසන්දනය මම නරක වැඩක් කරපු වෙලාවට අම්ම මාව තවත් හොඳයි කියන ළමයෙක් එක්ක කරන සංසන්දනය... ඒත් ඒ ළමය නරක වැඩක් කරපු වෙලාවට... අපේ අම්ම ඒක දකින්නෙ නෑ නෙ... දැක්කත් "එයා නරක වැඩක් කළා, ඔයා ඒක නොකළ නිසා ඔයා හොඳයි" කියල සංසන්දනය කරන්නෙත් නෑ නෙ... ඒ නිසාම මම පුංචි කාලෙම මට පුළුවන් තරමින් සංසන්දනයට විරුද්ධ වුණා...
එතනින් පටන් අරන් කී දෙනෙක් එක්ක කොයිතරම් වාර ගණනක් අපිව සංසන්දනය වෙලා ඇතිද... මාව ප්‍රධාන වශයෙන්ම සංසන්දනය වුණේ හිතුවක්කාරකමට... ඒත් ඒ හිතුවක්කාරකම ඇතුළෙ මට තිබුණ දක්ෂතා විශේෂතා, කෙටියෙන්ම කියතොත් මගේ මුළු අනන්‍යතාවයම සැඟවිලා තියෙනව... හදිස්සීයෙන්වත් මගේ අම්ම මගේ හිතුවක්කාරම බලෙන්ම නැති කරගන්න සමත් වුණා නං අද මම කියන පෞරුෂය මම තුළ නැතිවෙලා ගිහිල්ල තියෙන්නත් තිබුණා... අදත් මට හිතෙන්නෙ මම තුළ දකින නරක ගති නැති වුණා නං මම තුළ දකින අම්ම ආඩම්බර වෙන දේවලුත් ඒත් එක්කම නැති වෙලා ගිහින් බොහොම දුර්වල පෞරුෂයක් ඉතිරි වේවි කියල...

සැසඳීම සතුට ගෙනෙන වෙලාවලුත් ඉඳල හිටල ඇති වෙනව.. ඒ අනුන්ගෙ නරකක් එක්ක අපිව සංසන්දනය කරල ඔයා හරී හොඳයි කියල කෙනෙක් කිව්වම... අනිත් අතින් ඒ හොඳ තියෙනව වගේ පෙනුනට අපි ළඟ ඇත්තටම නැත් නං... එතකොට ඒ සංසන්දනයත් සතුටකට වඩා අපහසුවක් ගේනව...

සංසන්දනයෙ තියෙන අනිත් නරකම දේ අපි බොහොමයක් වෙලාවට අපිව සංසන්දනය කරගන්නෙ අපිට වඩා යමක් තියෙන මිනිස්සු එක්ක... හොඳට මතක් කරල බලන්න... කවදාවත් හිඟන්නෙක් දැකල ඒ මනුස්සයට වඩා හොඳ ජීවිතයක් මට තියෙන නිසා සතුටු වෙලා තියෙනව ද කියල... නිතරම උන්න්නතිකාමයෙන් පසුවෙන මිනිස් සිත ඒකට නුහුරුයි...

තමන්ව සංසන්දනය වෙනවට ගොඩක් අකමැති වුණාට අනුන්ව සංසන්දනය කරන්න අපි කොයිතරම් කැමතිද...

එහෙම සසඳන්න හිතෙන වෙලාවක සැසඳෙන්න තියෙන අකමැත්ත සිහි වෙනව නං...

29 comments:

  1. මමත් සැසඳෙන්න අකමැතියි.... ඒත් සසඳන්න නම් කැමතියි. ඒක මිනිස්සුන්ගේ හැටි වෙන්න ඕනේ... හැම දෙයක්ම සාපේක්ෂව බලන්න පුරුදු වෙලා තියෙන නිසා වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. කවුරුත් ඔයා වගේ තමයි...

      Delete
  2. ඔක්කොමත් හරි කියමු!
    අනික් පැත්තේ දොඩං ගෙඩියක් තිබ්බේ මොකෝ හොඳයි?

    ReplyDelete
    Replies
    1. *දොඩං* ඇපල් එක්ක සංසන්දනය කරන්න... :D

      Delete
  3. හොද ලිපියක්.අනේ මට මුලින් එන්න බැරිවුණානේ.පළමු කමෙන්ටුව ප්‍රසන්න අයිය දාලා.

    ReplyDelete
  4. සංසන්දනය ..අපේ දිහාත් අකමැතිම දෙයක්. දැන් අධ්‍යාපනයේ කියන්නේ ලමයි සසදන්න එපා කියලනේ .

    බැඳ ගත්තු ගමන් අපේ උන්ද කිවේ මේ මාව එහෙම එක එක්කෙනා එක්ක සසඳන්න එපා කියලයි . ගෙදර වැඩට උදව් කරන අපේ මස්සිනා ගැන හිතල තමයි ඕක කියන්න ඇත්තේ කියල මන් නම් දනන් හිටියා ..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ ගෙදර වැඩ කරල දෙන මස්සිනා එක්ක ගෙදර උන්ද සංසන්දනය කරල බැලුවෙම නැත්ද තාම... :D

      Delete
  5. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධිත කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට ඔයා හොඳට මේක කරගෙන යනවා. මෙහෙම දිගටම කමෙනට් කලාට මාව වරදවා තේරුම් අරගන්න එපා. මම කැමතියි මට පුලුවන් උපකාරන්න. මගේ බ්ලොග් කියවන හා මාව සම්බන්ධ කරගත හැකි අයට සම්බන්ධ වෙන්න මගේ ජංගම දුරකථන අංකය කියන්න (0718064226) කතා කරන්න මට.

    ReplyDelete
  6. පෙර පාසල් ගුරුවරියක් අධ්‍යාපනය හා දැනුම අතින් පොහොසත් විය යුතුයි. නමුත් බොහොමයක් දෙනා සිතා සිටින්නේ කුඩා දරුවන්ට ඉගැන්වීම ඉතාමත් පහසු කටයත්තක් බවයි. එහෙත් නිවැරැදි ගුරු පුහුණුවකදී පෙර පාසල් ගුරුවරියන්ට මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, අධ්‍යාපන මනෝ විද්‍යාව ආදිය පිළිබඳ දැනුවත් බවක් ලබා දෙනු ලබයි. ළමයින්ගේ වෙනස්කම්, ඒ අයගේ ස්වභාවය, හැසිරෙන ආකාරය, හැසිරීම් හැඩගස්වන ආකාරය, ඉගෙනුම් අත්දැකීම් ලබාදෙන අයුරු, ළමයින් තක්සේරු කරන ආකාරය වටහා ගැනීමට ඉහත කී විෂයයන් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි. මනෝ විද්‍යාව යනු කුමක්ද ? මනෝ විද්‍යාව පළමුව ආරම්භ වූයේ දර්ශන විෂයයේ කොටසක් ලෙසිනි. මුලින්ම එය “ ආත්මය” පිළිබඳ විද්‍යාවක් වශයෙන් ද, 18 වැනි සියවසේ පමණ එය “ මනස” පිළිබඳ අධ්‍යයනයක් ලෙස ද, පසු කලෙක “ විඥානය “ පිළිබඳ අධ්‍යයනයක් වශයෙන්ද සලකන ලදී. නූතන සංකල්පය අනුව එය, හැසිරීම් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කරන විද්‍යාවක් වශයෙන් ගණන් ගැනේ. එයට සවිඥානික මෙන්ම අවිඥානික හැසිරීම් ද සම්බන්ධ වේ. වෙනත් අයුරකින් කිවහොත්, පුද්ගලයා තුළ ඇතිවන හැසිරීම් පාලනය කිරීමට, සංවර්ධනය කිරීමට, අවබෝධය ලබා දෙන විද්‍යාවක් ලෙස ද මෙය හැඳින්විය හැකි වේ. මනස පිළිබඳ විද්‍යාත්මක ලෙස සිතීමට පළමුවෙන්ම එළඹුණු පුද්ගලයා ඩෙස්කාටේ ( 1596 -1650 ) නම් දාර්ශනිකයාය. එහෙත් මනෝ විද්‍යාව විද්‍යාවක් වශයෙන් ගොඩ නැගුණේ 19 වැනි සියවසේදී විල්හෙල්ම් වුන්ඩ්ට් විසින් ජර්මනියේ ලිප්සිග් විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරය පිහිට වූ පසුවය. මනෝවිද්‍යාත්මක කරුණු ප‍්‍රසිද්ධියට පත් කිරීමට පෙර පරීක්ෂණ අනුසාරයෙන් සාධනය තහවුරු කිරීම ආරම්භ වූයේ මොහුගෙනි.
    මනෝවිද්‍යාවේ ශාඛා ඇත මනෝවිද්‍යාව ඉතා පුළුල් විද්‍යාවක් වන අතර, එය විවිධ උප කොටස් රාශියකට අද බෙදී ඇත. මිනිස් කි‍්‍රයාකාරීත්වයේ පුළුල් වීමත් සමග මෙම විෂයය විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ සංවර්ධනය වීම සිදු විය. දැනට එය අධ්‍යාපන, ළමා, සංවර්ධන, අසාමාන්‍ය, යුද, සන්නිවේදන, කාර්මික, ඉංජිනේරු, ගඟන, සත්ත්ව ආදී බොහෝ විෂය ක්ෂේත‍්‍රයනට අදාළව බෙදී ගොස්, ඒවා වෙනවනම දියුණු වෙමින් පවතී. මේ අතර අධ්‍යාපන මනෝවිද්‍යාව ඉතා පුළුල් වූත් වැදගත් වූත් ක්ෂේත‍්‍රයකි.එය ව්‍යවහාරික මනෝවිද්‍යාවේ එක් අංශයක් වන අතර එහි විෂය ක්ෂේත‍්‍රය වනුයේ පාසල් සංවිධානය තුළ සිසු ඉගෙනීම්වල, සිසු හැසිරීම්වල සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමයි.ළමා මනෝවිද්‍යාව එහි එක් අංශයකි. ළමයින් පිළිබඳ හා පංතිකාමරය තුළ කටයුතු කරන විට ගුරුවරයකු මෙම අධ්‍යාපන මනෝවිද්‍යාත්මක දැනුම භාවිත කළ යුතුය.
    ළමා මනෝ විද්‍යාව ළමයා පිළිබඳ අධ්‍යයනය ඉතා ඈත අතීතයේ දී පවා සිදු කළත්, එය විද්‍ය්‍යාත්මකව දියුණු වූයේ මනෝ විද්‍යාවේ දියුණුවත් සමගය.ළමයිනට පෙර කල කුඩා වැඩිහිටියනට සේ සලකනු ලැබූයෙන් ඔවුන් පිළිබඳ විශේෂ විද්‍යාත්මක අධ්‍යයන සිදු නොකෙරිණි.ළමයින් අධ්‍යයනය අපහසුකර එකක් ද විය. 14 වැනි සියවසේ ආමෝස් කොමිනියස් විසින් ළමා ස්වභාවය, හැකියා හඳුනාගෙන කටයුතු කරන්නට ළමයින්් අධ්‍යයනය කළ යුතු බව පැවසීය. පසු කල රූසෝ ඉදිරිපත් කළ අදහස් නිසා ළමයා පිළිබඳ වැඩි උනන්දුවක් හට ගති. ජින් පියාජේ, වොට්සන්, මීලර් පැට්ලොව්, ඩොලාර්ඩ් ආදී මනෝ විද්‍යාඥයෝ හා සමාජ විද්‍යාඥයෝ ද බොහෝ පර්යේෂණ සිදු කළ අතර විශාල දැනුම් සම්භාරයක් මනෝ විද්‍යාවට එකතු කළහ. මෙම දැනුම වන්නේ පර්යේෂණ ඔස්සේ පුළුල්ව යමින් ළමා මනෝ විද්‍යාව, ළමා සංවර්ධනය පිළිබඳ අදහස් හා එක්ව යමින්, පුළුල් ක්ෂේත‍්‍රයක් ලෙස තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

    ReplyDelete
  7. අධ්‍යාපන මනෝවිද්‍යාව යනු මිනිසා අධ්‍යාපන පසුබිමක ඉගෙන ගන්නා ආකාරය, අධ්‍යාපනික වෙනස්නකම්වල ඵලදායීතාව ඉගැන්වීමේ මනෝ විද්‍යාත්මක පසුබිම සහ පාසල් සමාජ මනෝ විද්‍යාත්මක පසුබිම ගැන කරන විග්‍රහයකි. නමුත් අධ්‍යාපනික මනෝවිද්‍යාව සහ පාඨශාලීය මනෝවිද්‍යාව එකිනෙකට බැඳුණ ද ගවේශකයින් සහ මතවාදීන් අධ්‍යාපනික මනෝ විද්‍යාඥයින් ලෙසද පාසල් හා ඒවා ආශ්‍රීත මනෝ විද්‍යාඥයින් පාඨශාලීය මනෝවිද්‍යාඥයින් ලෙස ද හැඳින්විය හැක. අධ්‍යාපනික මනෝ විද්‍යාව මගින් ශිෂ්‍යයා ඉගෙනීම සහ තම බුද්ධිය වැඩි දියුණු කරන ආකාරය ගැන අවධානය යොමු කර ඇති අතර විශේෂයෙන්ම මෙහිදී අධිමානසිකත්වයක් ඇති සිසුන් සහ අබාධිත සිසුන් ගැන වැඩි අවධානයක් යොමු කරයි.
    අධ්‍යාපන මනෝවිද්‍යාව යන්න එය අනිත් අංගයන් හා ඇති සබඳතාවයන් මගින් බොහෝ දුරට අවබෝධ කර ගත හැකිය. මෙය මනෝවිද්‍යාව හා අතර ඇති සම්බන්ධතාවය ද වෛද්‍ය විද්‍යාව සහ ජීව විද්‍යාව අතර සහ භෞතික විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව අතර ඇති බැඳීමට සමාන වෙයි. එමෙන්ම අධ්‍යාපනික මනෝවිද්‍යාව මගින් පුහුණු සැලසුම් අධ්‍යාපනික තාක්ෂණවේදය, විෂය මාලා සැකසුම , සංවිධානාත්මකතා අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, පන්ති පාලනය වැනි උප කොටස් මනාව පහදා දෙයි. මෙය ඥානාත්මක විද්‍යාව සහ ඉගෙනීම් විද්‍යාව යන දෙඅංශයටම දායක වෙයි. විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත්තේ ශාස්ත්‍ර පීඨය තුළයි. මෙම නිසා මූලික මනෝවිද්‍යා පාඨග්‍රන්ථයන්හි අධ්‍යාපනික මනෝවිද්‍යාව සඳහා යොදවා ඇති (හඳුන්වාදීම) ඉඩ ප්‍රමාණය අල්ප වේ.

    ReplyDelete
    Replies
    1. බින්දිත් කියල තියෙනව වගෙ නූතන අධ්‍යාපන මනෝ විද්‍යාව, සංසන්දනය ප්‍රතික්ෂේප කරන බව හා තවත් ඉතාම සුළු කරුණු කිහිපයක් හැරුනුකොට මම මනෝවිද්‍යාව ගැන දන්නෙම නැහැ කිව්වොත් හරි... ඒ නිසා ඔබ කියන කරුණු ගැන පිළිතුරක් දෙන්න තරම්වත් මට මනෝ විද්‍යාව ගැන වැටහීමකුත් නැහැ....

      Delete
  8. සන්සන්දනය කිරීම නරකයි කියල කියන්නෙ මට හිතෙන්නෙ මේ නිසා.. දැන් You can't compare an apple with an orange කියල කියනවනෙ. ඒකෙන් අදහස් වෙන්නෙ සසඳන්න නම් සැසඳීමට ලක්වන දේ සර්වසම වෙන්න ඕනෙ.ඒත් මෙතන ප්‍රශ්නෙ වෙන්නෙ මිනිස්සු ගත්තම දෙදෙනෙක් කවදාවත් සර්වසම වෙන්නෙ නෑ. මම හිතන්නෙ සම නිවුන්නු උනත් එහෙම නෑ. ඒ නිසා පුද්ගලයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සැසඳීම වැරදියි..... හරි කතාව ඇත්ත,...:)

    ඒත් ඔය සංකල්පයෙ තාර්කික අවසානය දක්වා ගියොත් මේ ලෝකෙ බොහොමයක් කටයුතු නවත්තල දාන්න වෙනවා. දැන් විභාගයක් ගන්න. විභාගෙකදි කරන්නෙ විභාගයට මුහුණදෙන්නන් එකිනෙකා හා සැසඳීම නෙවෙයිද?

    විභාගාපේක්ෂකයින් සියළු දෙනා සමාන කාලයක් තුල සමාන විෂය කරුණු ඉගෙන ගත්තට එයාලගෙ යමක් වටහා ගැනීමේ නැත්නම් ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස්. එතකොට එකම ප්‍රශ්න පත්‍රයකට දෙන පිළිතුරු වලින් කොහොමද එහෙම දෙන්නෙක්ගෙ හැකියාව සහ දැනුම නිවැරදිව මනින්නෙ?

    සැසඳීම වැරදියි කියන සංකල්පය අනුව විභාග, ක්‍රීඩා තරඟ ඔය ඔක්කොම වැරදියි… :)

    ඔන්න දැන් මැඩම් මගෙ අදහසට පිළිතුරක් දෙන්න ඒ අදහස තව කාගෙ හරි අදහසක් එක්ක සසඳන්න එහෙම ඔට්ටු නෑ හොඳද? :) :)

    ReplyDelete
  9. ඔන්න රවි අය්යෙ, ඔයාගෙ අදහස වෙන කාගෙවත් අදහසක් එක්ක තියා මගෙ අදහස එක්කවත් සසඳන්න ගියෙ නෑ ඔන්න මම ...

    ඒක එහෙම්ම තිබුන තැනම තියෙන්න ඇරියා .... :):)

    ReplyDelete
    Replies
    1. ඒත් මට එකම එක ප්‍රශ්නයක් තියෙනව අහන්න, සර්වසම දේවල් දෙකක් සසඳන්නෙ කොහොම ද?

      Delete
    2. අන්න ආව නියම තැනට. සැසඳිය හැක්කේ එමෙන්ම සැසඳිය යුත්තේ සර්වසම වූ වස්තූන් හෝ පුද්ගලයින් පමණි. එහෙත් සර්වසම වූ වස්තූන් හෝ පුද්ගලයින් සැසඳිය නොහැක. සැසඳීම යනු එකිනෙකට සාපේක්ෂව යම් ගති ලක්ෂණයන්හි වෙනස පිළිබඳ අධ්‍යයනයකි. සර්වසම වූ කල එවන් සැසඳීමක් කල නොහැක.එබැවින් අපට නිගමනය කල හැක්කේ කිසිම දිනෙක කවර හෝ සැසඳීමක් සාර්ථක හෝ සාධාරණ නොවන බව නොවේද?..:)

      Delete
    3. ඇත්තටම රවි අය්යෙ මම නොහිතපු පැත්තක් මම ඔයාගෙන් ඉගෙනගත්තා... විභාගයකදි කරන්නෙත් අපිව සැසඳීමක් කියල මට අමතක වෙලා තිබුණද මම අමතක කරල තිබුණ ද කියල මට මතක් කරල දුන්න ඔයා... විභාගයක් කියන්නෙ සැසඳීම බොහොම පිළිවෙලකට කෙරෙන තැනක් කියල මට අමතක උනේ විභාගයක් හැම වෙලාවෙම තිබිය යුතුම දෙයක් වගේ කියල හැඟීමක් හිතට කා වැදිලමයි තිබුණෙ... ඒක කොච්චර තදින් කා වැදිල තිබුණද කියතොත් විභාගයක් නැතිව වෙන විදියක ඇගයීමකින් උපාධියක් ලබාගන්න සුදුසුකම් මනිනකොට මට ඒක ටිකක් අමුත්තක් විදියටත් ගොඩක් අමාරු විදියටත් දැනුණ කාලෙකුත් තිබුණා... ඒ වෙලාවෙත් විභාගයක් කියන්නෙත් තවත් එක සසඳීමක් කියල හිතන්න මට බැරි උනා....

      Delete
    4. මම දැක්ක නරකම සැසඳීම අපෙ අම්ම මාව වෙන ළමයි එක්ක සසඳන එක නිසා හැම වෙලාවෙම ඒකට විරුද්ධ වෙන එක තමයි මම කළේ... ඒ ඇරුනුකොට වෙන යාළුවෙක් වුණත් මාව කවුරු හරි එක්ක සැසඳුවොත් රණ්ඩු වෙන එකයි...

      දැන් ඉතින් මොනව කරන්නද ?
      :D

      Delete
    5. "ඒ ඇරුනුකොට වෙන යාළුවෙක් වුණත් මාව කවුරු හරි එක්ක සැසඳුවොත් රණ්ඩු වෙන එකයි.."
      ඕව ගැනනම් ඉතින් මොකට කියනවද :-)

      Delete
    6. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න කියල එහෙම අහල තියෙනවද අය්යෙ?

      Delete
  10. වෙලාවකට සංසන්දනය කිරීම හොඳ දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සංසන්දනය කරල බලන එක හොඳයි කියල හිතන වෙලාවලුත් තියෙනව...?

      Delete
  11. තමන්ගෙ නරකක් වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන කොට තමන්ගෙ හිත රිදෙනව නං තමන්ගෙ හොදක් වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන කොට ඒ මනුස්සයගෙ හිත රිදෙනව කියල වටහගන්න බොහෝ දෙනෙක්ට අමාරුයි මං හිතන්නෙ.වඩාත් වැදගත්ම දේ කිසි කෙනෙක් සම්පූර්ණ නෑ කියන එක හොදින් මතකයෙ රදවගෙන සිටීම.තව අයකුගෙ දක්ෂතා අගය කිරීම සහ සැබෑ හිතවත්කමින් වැරැද්දක් පෙන්වා දීම නම් නරකක් හැටියට සලකන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සංසන්දනය කරල් වැරදි පෙන්නල දෙන එක තමයි අහගෙන ඉන්න අමාරු...

      Delete
  12. මේ සසැදීම මා කුඩා කාලයේ පටන් අත් විඳි දෙයක්. අපේ අම්මා බොහෝ විට මාව ලොකු නංගිත් එක්ක සසඳනවා. මම එයා තරම් දක්ෂ කෙනෙක් නෙවි, මතක තියා ගැනීම මගෙ අන්තිමයි. මට මේකට හරිම තරහයි. හැබැයි අද ඒ නිසාම මම ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මම හැම වෙලාවෙම උත්සාහ කලේ මට හරි කියල හිතෙන දේ කරන්නත් හිතුවක්කාරෙට වැඩ කරන්නත්. මේක මට හරිගියා. එයාලට මගෙ ගතිගුණ වලටත් අනෙක් අතිනුත් කිට්ටුවට එන්න බැරිඋනා කියල එයාලම දැහැන් කියනව. ඉවසීම අතිනුත් මං ඉදිරියෙන් . හැම හැල හැප්පීමක් ම දරාගන්න මට පුළුවනි එයාලට වඩා. මාත් ටිකක් ඔන්න හිතනවා මේ ඇයි කියල. මේක පුද්ගල ස්වභාවය වෙන්න ඇති නංගි. අපි කැමතිම අකමැති දේම කරන්න. පොඩි බබාල කරන්නෙම අපි එපා කියන එකමයි. ඉස්සර අපේ මහත්තයා පුතාලට කියන්නෙ ප්‍රතිවිරුද්ධ දේ. අල්ලන්න එපා නම් අල්ලන්න කියනවා. අල්ලන්න ඕනෙ දේට එපා කියනවා. එහෙම තමයි ලොකු අබැද්ධියක් නැතිව මේ තුන් දෙනා ලොකුකර ගත්තෙ.D;මේව විශ්ලෙෂණය කරන්න මනෝවිද්‍යාව ගාවගන්න එකත් විහිළුවක්. එදිනෙදා අත්දැකීම් හොඳටම ඇති මේ දේවල් සරලව තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩාක් ලොකු අත්දැකීම් ගොඩක් මේ දේවල් ගැන තියෙන බවක් පේන්නෙ අක්කෙ. ඔයාට බැරිද මේ වගේ ඒ අත්දැකීමුත් ලියන්න...

      Delete
  13. සංසන්දය පිළිබඳව මේ එක එක් කෙනා කියලා තිබෙන දේ දැක්කම මගේ ජීවන අත්දැකීම් එක්ක සසඳ බැලීමක් කරලා ඔයාට පොඩි උදාහරණයක් දෙන්න මට හිතුනා. මම මීට අවුරුදු 24 කට යලින් යුද හමුදා පොලිස් නිලධාරියෙක්. ඒත් මම සේවය කලේ කෙටි කාලයක්. මම එයින් නීත්‍යානූකූලව ඉවත්වෙලා උසස් අධ්‍යාපනයට යොමුවුනා. රැකියාවල් කරන්න යොමුවුනා. දැන් මම උසස් අධ්‍යාපනය පැත්තෙන් විශ්වවිද්‍යාල කීපයකින් ආචාර්ය උපාධිය, දර්ශනපති පශ්චාත් උපාධිය, විෂය කීපයකින් විශේෂවේදී ගෞරව උපාධි ප්‍රථම පංති සාමාර්ථ සහිතව ලබාගත් ඒ වගේම විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි හා උපාධි 7 කට වඩා හිමි කරගත් පිළිගත් විශ්වවිද්‍යාල මට්ටමේ ශාස්ත්‍රීය විද්වතෙක්. උගතෙක්. දිගටම හමුදා සේවයේ සිටි මගේ බැජියෝ මේ වෙද්දී මේජර්, කර්නල් නිලතබ හොබවලා විශ්‍රාමත් අරගෙන. සමහරු දැනටත් මට මුණ ගැහෙනවා. එහෙම මුණ ගැහිලා කතාබහ කරද්දී මට ඒ අය එක්ක මගේ පුද්ගලික හා සමාජයීය පසුබිම පිලිබඳ සංසන්දයක් නොදැනුවත්ව සිදුවෙනවා. අද මම ඉන්න තැනට එන්න බැහැ එදා හමුදා ජීවිතයේ දිගටම හිටියා නම්. ඒ වගේම එයාලට මගේ වගේ උගත්කමක් නැහැ. අපිට එක දෙයක් ලැබෙද්දී තව දෙයක් අත හරින්න සිදු වෙනවා. ඒක ලෝක ස්වභාවය. මේ හේතුව නිසා මම හරිම මධ්‍යස්ථයි. මම දැන් රැකියාව කරන තැන ඉහළම ප්‍රධානියා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කෙනෙක්. ඒ වගේම තවත් මේජර්, කර්නර් නිලතල දරණ අය ඉන්නවා. මම තමයි මෙහෙ ඉන්න උගත්ම කෙනා. දැනට මම ඉහළ කළමනාකාරීත්වයට අයත් මාණ්ඩලික නිලධාරියෙක්. මට පහළ මට්ටමේ ඉන්න සේවකයින් වගේම මට ඉහළ ඉන්න නිලධාරීන් පවා මගේ ඉවසීම, තැන්පත්කම, උගත්කම, සංවරබව පිළිබඳව හොඳ ආකල්පයකින් ඉන්නේ. ඒ අය මාව හමුදා නිලධාරීන් සමඟ සංසන්දය කරලා සර්ත් තව පොඩ්ඩක් සැර වෙන්න නැතිනම් දරුණු වෙන්න නැතිනම් ඔහොම අමාරුයි කියපු වෙලාවල් තිබ්බා. තවම තියෙනවා. සමහරු කියනවා මගේ මූණටම සර්ගේ ඔය තනතුරට සර් නෙවෙයි හමුදාවේ නිලධාරියෙක් හරි යන්නේ කියලා. එහෙම කියන අය හීනෙකින්වත් හිතන්නේ නැහැ මමත් යුද හමුදා නිලධාරියෙක් නැතිනම් මගේ බැජියොත් මේජර්ලා කර්නල් ලා කියලා. මොකද ඒ අය හමුදා නිලධාරින් පිළිපඳව ඇතිකරගෙන තිබෙන ආකල්පය මගේ බාහිර ස්වරූපය පිළිබඳ යම් සංසන්දයක් කරලා එහෙම මා පිලිබඳව වැරදියට හිතන නිසා. මොකද ඒ අය දන්නේ නැහැ මම හමුදා නිලධාරියෙක්ව හිටියා කියලා. මම ඒ සුදුසුකම් වලින් නෙවෙයි මගේ උගත්කම හා සේවා පළපුරුද්ද මත රැකියාව කරන නිසා ඒවා පැවසීමේ ඕන කමකුත් මා තුළ තිබුනේ නැහැ. ඒත් මම හැම වෙලාවේදීම හිතින් මේ අය මාව දකින පිළිවෙල හා සැබෑවටම මම කවුද කියලා මනසින් පමණක් සංසන්දනය කරපු වෙලාවල් තිබුනා. ඔයා වුනත් මම දැන්මේ කතාව කිව්වේ නැතිනම් මම ගැන වුනත් හිතන්නේ නිකම් නිකම් උපාධිධාරියෙක් නැතිනම් ආචාර්ය උපාධියක් තියෙන තවත් එක්තරා නට් කේස් එකක් විදිහටයි. මොකද අපේ සමාජයේ සමහරු ආචාර්ය මහාචාර්යවරුන් දිහා බල්න පුරුදුවෙලා එන්නේ සංසන්දනාත්මකව ඒ වගේ නිසා. නමුත් කිසිම කෙනෙක් හිතන්නේ නැහැ හමුදා නිලධාරියෙකුගේ පෞරුෂයට ඒ වගේ මහාචාර්ය කෙනෙකුගේ උගත්කමකුත් එක්ක ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක් වේවිද කියලා. මම සැර පරුෂ කෙනෙක් නෙවෙයි. හමුදාවේ ඉද්දී වුනත් මම හරිම මෘදුයි. රැකියාවේ ස්වරූපය අනුව මිනිසුන් මනින එක මේ සමාජය නවත්වන්නේ කවදාද චේජනා? එහෙම කරන එක මොන තරම් බොරුවක්ද කියලා පෙන්නලා දෙන්න තමයි මේ ඔයාට මගේ සැබෑ ස්වරූපය උදාහරණයක් කර ගත්තේ. පම්පෝරි ගැහිල්ලක් කියලා මාව වෙන් අය එක්ක සංසන්දය කරලා බලලා හිතන්න එපා. අනික මාව වෙනත් පිරිමි එක්ක සංසන්දනය කරලා බලලා මා පිළිබඳ යම්යම් නිගමන ලබා ගන්න හදිස්සි වෙන්නත් එපා.

    ReplyDelete
  14. @ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ,
    -------------------------------------
    මම ව්ශවව්ද්‍යාල කථිකාචාර්යරියක්. මෙරට මෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල මා විසින් දේශන කරලා විවිධ තරාතිරමේ විද්වතුන් දැන හඳුනා ගැනීමට ලැබිලා තියෙනවා. ඒ අතර ඔබතුමා වැනි විශිෂ්ඨ උගතෙක් ඒ වගේම සමාජයේ හසල අත්දැකීම් ඇති පඬිවරයෙකු දැන හඳුනා ගැනීමට ලැබීම මා හට බලවත් සතුටක්. මම දැකලා තියෙනවා ඔබතුමා විසින් විශාල බ්ලොග් අඩවි ප්‍රමාණයක් කරගෙන යනවා. මම ඒවා ඉතා ආසාවෙන් කියවනවා. මම ඔබතුමාට සුබ පතනවා. මේ වගේම අපිට නොදන්නා දේවල් කියා දෙන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කර සිටිනවා.

    ReplyDelete
  15. මහාචාර්යතුමනි ඔබතුමාගේ වෙබ් අඩවි අපිත් කියවනවා. හරිම අර්ථාන්විතයි. ඒ වගේම ඒ වායේ තිබෙන අදහස් හරිම ගැඹුරුයි. මම හිතන්නේ අද මේ රටේ පෙරමුණ ගත යුතු ඔබ වැනි බුද්ධිමතුන් විද්වතුන් හට තවමත් මේ සමාජයේ නිසි තැන ලැබිලා නැහැ කියලයි.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...