Thursday, February 2, 2012

"මට ඉඳුරු දික්පතී - දනෝ සක් දෙවිඳු යයි පවසතී " - Myths of indra and sakra


පුංචි කාලෙ කතන්දර අහන්න තිබ්බ ආසාවෙත්, අම්ම රෑ කෑම හදල ඉවර කරනකං අපිව බලාගන්න තිබ්බ ලේසිම විදිය නිසා  රසකර කර කතා කියන්න තාත්තට තිබුන හැකියාවෙත්, කියපු කතා මතක තියාගෙන ඉඳල ඒක දෙසරයක් නං කියන්න නොදීමෙ මගේ හැකියාවෙත්, ඔය ඔක්කොගෙම සංකලනය නිසා අන්තිමට ජාතක කතා පවා තාත්ත කතා විදියට කියල මම ඇහුව. ජාතක කතාවල ගොඩක් වෙලාවට එන සක් දෙවිඳු ජනප්‍රියම චරිතයක් ඔන්න මගේ. අපේ ජාතක කතාවල ඉන්න සක් දෙවිඳු නං හොඳට පින් දහම් කරල යහපත් කල් ක්‍රියාවෙන් නෙ ඉන්නෙ...

ගුත්තිලේ කියනව වගේ

"සහසක් දිවැස් ඇතී
දෙදෙව් ලොවටම අධිපතී
මට ඉඳුරු දික්පතී
දනෝ සක් දෙවිඳු යයි පවසතී "  කියල...

ඉතින් ඒ කියන විදියට අපේ (බෞද්ධ) ජාතක කතාවල ශක්‍ර දෙවියොයි ඉන්දියාවෙ කතාවල ඒ කියන්නේ, ඔය ශාකුන්තලයෙ, ඌර්වශි වගේ ඍශිවරුත් එක්ක බැඳුන කතාවල ඉන්ද්‍ර දෙවියොයි එක්කෙනෙක් කියල තමා මට හිතෙන්නෙ...

මොකද ඉන්ද්‍ර දෙවියො ඍශිවරු බලවත් වෙනකොට දිව්‍යාංගනාවො එවල ඒ ගොල්ලන්ගෙ සීලය බිඳල දැම්මලු... (ඒත් අපේ සක් දෙවියො එහෙම කරන කෙනෙක් වෙන්න බෑ කියල තමයි මගෙ අදහස...)

මේනකා කියල සුන්දර දිව්‍ය අප්සරාවකට සකුන්තලා ඉපදුනා කියල නෙ කාලිදාස කියන්නෙ...

ඒත් ඌර්වශි කියන්නෙ ඉන්ද්‍ර දෙවියොන්ට යටපත් කරගන්න බැරිවුණ ඍශිවරු දෙන්නෙක්, ඉන්ද්‍ර දෙවියො එක්ක කෝප වෙලා, දිව්‍ය අප්සරාවන්ට වඩා ලස්සනට මැවුව ගැහැණියක්...

ඉන්ද්‍ර දෙවියො ඈව දිව්‍ය ලෝකෙට ගෙනිච්චත් ගැහැණියක් විදියට ඉපදුන නිසාද ද මන්ද ඈ මනුෂ්‍ය ලෝකෙ පුරුරාව රජතුමාට ප්‍රේමයෙන් බැඳිල ආපහු මනුෂ්‍ය ලෝකෙට ඇවිත්...
දේව ශාප, දේව වරම් අතරින් ඇදිල යන මේ කතාව හරිම ලස්සනයි...
ඒත් ඒ ඉන්ද්‍ර දෙවියො අපේ ශක්‍ර දෙවියො වගේ නෙවෙයි, හොඳ නෑ...

ඔය කතා ඔක්කොම ආපහු මතක් කළේ මේ ෂෝට් ෆිල්ම් එක...
http://www.dailymotion.com/video/xjunwf_urvashi-1_shortfilms

16 comments:

  1. දේව කතා ටිකක් කිව්වානම් හොඳයි..මම හරිම කැමතියි ඒ වගේ කතා වලට..
    සෙනසුරා බටකොළ කවපු කතාව..ගණදෙවියො සෙනසුරු අපලෙන් බේරුනු හැටි එහෙම බ්ලොග් එකක් තියෙනවා මම දැක්කා..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. අර ලින්ක් එකේ තියෙන්නෙ කතාවක් තමයි...ලස්සනයි ඒක

      Delete
  2. අනේ සකෝ බල ලෝ !
    මම් අහලා තියෙනවා සක්‍රයාට ඇස් දාහක් (සහසැස්) තියෙනවැයි කියලා.

    ReplyDelete
  3. "ඒත් ඒ ඉන්ද්‍ර දෙවියො අපේ ශක්‍ර දෙවියො වගේ නෙවෙයි, හොඳ නෑ.."

    :-) මේක මරු කථාව

    "දිව්‍ය අප්සරාවන්ට වඩා ලස්සනට මැවුව ගැහැණියක්..."
    මෙයාව හම්බවුනානේ මට - මම ගෙදර එක්කන් ආව

    ReplyDelete
    Replies
    1. සඟවා ගනු මැන ඔබේ රුව සොඳුරියේ!
      අනෙකෙකු නෙත් ඔබෙ
      මුව මත ගැටෙතැයි
      බියවී සැලී සැලී යයි

      Delete
  4. සක්කරයට ඇස් ලක්ෂගානක් හම්බුනේ වල්කමේ ගිහින් .. ඒ කතාව ලියන්න පුළුවන් අන්තිම පේලියේ නම්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ලියන්න ඕනෙ නෑ කියල හිතුන් නිසා තමයි අනිත් ටික ලියල ඒක අතෑරියෙ... :)

      Delete
  5. අපේ බණ කතාව ඉන්න ශක්‍රය බොහෝම දැහැමි උපාසකයෙක්නෙ..හෙහ්,හෙහ්, ඒකටත් එක්ක ඉන්දියාවෙ දේව කතා වල ඉන්න ඉන්ද්‍ර. හෙහ්, හෙහ්, බොහොම නරකයි..හැසිරීම අන්තිමයි......ඉන්දියානු කතා ඒඅතින් හැබැයි යථාර්තයට කිට්ටුයි.

    මම පොඩි කාලෙ කියෙව්ව සෝමදේවයන් ගේ කථා සරිත් සාගරය කියල පොතක්...හරිම ලස්සන කථා රාශියක් තිබුණ ඒ පොතේ....මා ලඟ දැන් නෑ ඒක. පොත් සාප්පුවකවත් දැක්කෙ නම් නෑ.

    ස්තූතියි චේජනා.......අපූරු කතාවක්...Thanks for sharing.....

    ReplyDelete
    Replies
    1. "ඉන්දියානු කතා ඒඅතින් හැබැයි යථාර්තයට කිට්ටුයි." :D

      අනේ කථා සරිත් සාගරය කියල එකක මට කියවන්න ලැබිල නෑ නෙ...

      Delete
  6. ස්තුතියි ! නංගියා, බලා ගෙන යන කොට ඉන්ද්‍ර දෙවියන් එච්චර හොද නෑ වගේ. ඉස්සර කථා සරිත් සාගරය හා පැන්ඩෝරා‍ගේ පෙට්ටගම මම ගොඩාක් ආසා කරපු පොත් දෙකක්.

    ReplyDelete
  7. රාමායනයෙත් ඉන්ද්‍ර දෙවියෝ හිටියද මන්දා, ඒ වගේ මතකයක් තියෙනවා. කොහොමත් ඉන්ද්‍ර දෙවියෝ ඉන්දියාවට මිසක් ලංකාවට සමීප චරිතයක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍ර දෙවියො ශක්‍ර දෙවියන්ට සමානයි වගෙ නෙ කතාවල තියෙන්නෙ... කතා අපේ නොවුනට ජාතක කතා ඉතින් අපේ වගෙ නෙ...:)

      Delete
    2. @ ලහිරු,

      රාමායණයෙ ඉන්නව ඉන්ද්‍ර....රාවණගෙ පුතාට ඉන්ද්‍රජිත් කියල කියන්නෙ යුද්දෙකදි ඉන්ද්‍රව පරාජය කල නිසා......

      Delete
  8. මමත් හරි ආසයි දේවකථා කියවන්න....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...