Sunday, October 31, 2010

මතක අතීතයෙ පිටු... කාලය මැව් වෙනසක අරුමේ...



කොහොමටත් මගේ ජීවිතේ සහෝදරියො රඳනව අඩුයි, ඒත් සහෝදරියොත් ජීවිතේ රැඳෙන්න ගත්තෙ බ්ලොග් ලියද්දි...අක්කල ම දෙන්නෙක්...

"තාත්විකයි නුඹෙ සෙනෙහස
මාත්තරා නැති වුණාට"

කොයි තරම් කවි ලිව්වත් කියෙව්වත් මගෙ හිතේ නතර වුණ කවි දෙපදය අක්කෙ ඔයාගෙ, තේරුම අහල තේරුම් කරගත්ත ඒ කවි පද දෙක අදත් තදින් ම මගෙ හිතේ සටහන් වෙලා තියනව...ඔයා වගෙ ම...

කොහෙ හරි ලියවෙන වචනවලින් හිත රිදිල ඉන්න වෙලාවක ඒ බව තේරුම් ගන්න තරම් කෙනෙක් තවත් කෙනෙක්ගෙ හිත තේරුම්ගන්නෙ කොහොමද කියල හිතාගන්න මට අදත් බැහැ... වේදනාවෙන් ඉන්න මොහොතක ඒක කියල ඒ ප්‍රශ්නෙ බෙදාහදාගන්න මේ තරම්ම යාළුවො හොයාගන්න සෙනෙහස අකුරු වෙන්නෙ කොහොමද?

බ්ලොග් එක මගේ ජීවිතේ අනිත් සබඳතා එක්ක එකතු වුණේ තවත් කාලය ගතවෙද්දි... එක්කෙනා දෙන්න බැගින් මගේ යාළුවො මගේ බ්ලොග් එකට ගොඩ වෙන්න ගත්ත... ඒ අතරෙ "මා දුටු ජපානයෙන්' කියල මගෙ අතින් ලියවෙච්ච සටහන් ටිකත් මතක අතීතෙට විශේෂ ම මතකයක් එකතු කරනව... ජපානෙ ඉන්න ලංකාවෙ අය ගොඩක් දෙනෙක් ඒ සටහන් ටික බලල තියනව... ඒ වගෙම මම දැක්ක ජපානයෙ මගේ ලස්සන මතක ඒ සටහන් එක්ක සදාකාලික වෙනව...

මේ තරම්ම මේ සබඳතා ජීවිතේට එකතු කරගත්තෙ ඒව ජීවිතේට වටින්නෙ ඇයි කියලත් දැන් හිතනව ද? යාළුවො ජීවිතේට කොයිතරම් වැදගත් ද කියල දැනෙන්නෙ රටින් පිට ඉන්දදි කියලයි මට හිතෙන්නෙ... කොහොමටත් මේ කියන අපි ගොඩක් දෙනෙක් ඉන්නෙත් රටින් පිට නෙ...අපේ කියන ඔක්කොම බැඳීම්වලින් ඈත්වෙලා ජීවත් වෙද්දි ජීවිතේ එපා වෙනව යාලුවො නැත්නම්... මොන රටක මොන විදියක හරි හිතට දැනෙන යාලුවො නැත්නම්...
ඒකයි යාළුවො මේ තරම් ම වටින්නෙ...

අවුරුද්දක බ්ලොග් ලිවීම මට ලබාදීපු ලොකුම දේ හිතේ සතුටයි  ඒ යාළුවො ටිකයි තමයි...

-----------------------------------

දැන් නම් කාලය ආපහු වෙනස් වෙලා, අළුත් යාළුවො ආයෙ හැදිල, අලුත් සම්බන්ධතා හැදිල... ඒත් අමාරුවෙන් ඉඳපු කාලයක් ගත කරගන්න උදව් වුණ බ්ලොග් එකත් හොඳ ම යාළුවෙක් නෙ...ඒකට ගොඩ වැදුණ හැමෝමත් එක්කම...

දැනට ලියවිලා තියෙන කමෙන්ට් එක්දාස් හයසිය ගණනෙන් දාහක් වත් ඔයාල අතින් ලියවිලා ඇති... ඔයාල තියල ගිය ඒ හැම සටහනක් ම මගේ හිත සතුටින් පිරෙව්ව... සටහනක් තියල නොගියත් ලියපු සටහනකට ගොඩ වැදිල එක මොහොතක් ගත කරල හරි ගිය ඔයාල ඔක්කොට ම ස්තුතියි කියල තමා අන්තිමට ම මම මේ කියන්නෙ.... ඒක කියන්න ම තමා මේ තරම් දිගට දවස් ගණනාවක් තිස්සෙ මේ සටහන් තිබ්බෙ....

මතක අතීතයෙ කතාව මෙතනින් ඉවරයි...ඒත්...

8 comments:

  1. නගාගේ අපූරු බ්ලොග් කෙරුවාවේ වර්ෂ පූර්ණයට මගෙන් උණුසුම් සුභපැතුම් . . . !

    ReplyDelete
  2. ඔයා හරියටම හරි දුමී අය්යෙ, ඒක අපූරුම බ්ලොග් කෙරුවාවක්, අත්‍යාවශ්‍ය ම වෙලාවක ජීවිතේ යාලුවොන්ගෙන්, ආදරෙන් පුරවපු...
    මම බ්ලොග් එකට මෙච්චර ම ආදරෙත් ඒ නිසාම වෙන්න ඇති...

    ReplyDelete
  3. චේජනා නඟේ,

    මගේ සුබ පැතුම්,

    කිව්ව වගේම ඇත්තටම අපූරුම තමයි,

    ReplyDelete
  4. නංගියෙ

    හැමදාමත් නොබැලුවාට​
    අතැරුනෙ නැ කිසිවක්
    අවුරුද්දක් පිරෙන දාට​
    පතනෙමි මම සුබ පැතුමක්

    කවදත් දයාබර අක්කා

    ReplyDelete
  5. ඒක නෙ අක්කෙ,මම ඊළඟ පිටුවත් නොලියා මේ බලන් ඉන්නෙ අය්ය එනකන් තමා...

    ReplyDelete
  6. all the best to you nangi.. sorry I dont have sinhala fonts here. talk to you later.
    love
    nethu

    ReplyDelete
  7. As usual,

    "තාත්විකයි නුඹෙ සෙනෙහස
    මාත්තරා නැති වුණාට"

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...