Thursday, October 14, 2010

මතක අතීතයෙ පිටු...

චේජනාගෙ පි‍ටුවට අවුරුද්දක් පිරෙන්න ළඟයි... ඒ වගේම මම එක එක දේවල් ගැන පි‍ටු 95 ක් ම ලියල මේ වෙද්දි... ඊළඟ පි‍ටු පෙරලුම් 5 ත් එක්ක ම චේජනාගෙ පි‍ටුවත් එක්ක ‍රැඳිල ඒක මේතරම් කාලයක් නොකඩවා ලියන්න මගේ හිතම පෙළඹුනු හැටි, ඒක ලියන්න මම ආස වුණ හැටි එක්ක මට ම හිතෙන විදියට අතීතය දිහාවෙ ආපස්සට හැරිල බලන්න මම හිතුවා...
ඒ අතීතාවර්ජනයට මගෙ හිත ගොඩක් ම ආසයි... ඒ හින්ද මම ඒ අතීතාවර්ජනය කරනව මෙතන ඉඳන්...

----------------------------

අදත් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න මට සිද්ද වෙන වාර ගණන අනන්තයි... ඒත් මීට අවුරුද්දකට කලින් මම හිටියෙත් එතන,
මම ඉස්සෙල්ල ම බ්ලොග් එකක් ගැන දැනගත්තෙ නම් අහම්බෙන්... එකමත් එක දවසක සුදාරක මල්ලි ලියපු බ්ලොග් සටහනකින්...
ඒකෙ මාතෘකාව වුණේ "මොර‍ටු සරසවි ගමන සහ තවත් කතා" කියල වගෙයි මට මතක, ඒත් ආපහු ගිහින් ඒක බලල ආවෙ නම් නෑ දැන්.. මතක අතීතය මතක විදියට ම ලියන්නම් කියල හිතල...
අහම්බෙන් වතාවක් ගිහින් පිටස්තර කෙනෙක් විදියට කැම්පස් එක දිහා බලල ලියුවත්, සරල විදියට ම මොර‍ටුවෙ කැම්පස් එකේ අපේ රිද්මය ඒ කතාවෙ කැටි වෙලා තිබුණ.. කවදාවත් ම බ්ලොග් එකක් බලල අහල නැති මගෙ අතින් කමෙන්ට් එකක් ලියවෙන්න තරම් ම මට ඒ සටහනට ආස හිතුන... ඒකෙ තිබුන කමෙන්ට්වලින් සහ තවත් එක එක විදියට එක එක ලින්ක්ස් පස්සෙ ගිහින් ගිහින් අන්තිමට මට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මුණ ගැහුණ,

"කතරට වැහි දිය පොදක් වගේ"

කියල කිව්ව නම් හරි ඒක... සිංහලෙන් කිසිම දෙයක් දකින්න කියවන්න නැතිව ඉඳල පිස්සු වගේ තිබුණ නිසාම මම හිතන්නෙ මම දවස් දෙකක් විතර ම අනිත් වැඩ නතර කරල ම බ්ලොග් කියෙව්ව...
බ්ලොග් කියවද්දි බ්ලොග් ලියන්න හිතෙන එක නවත්තගන්න බැරිව ඇති මම හිතන්නෙ කාටවත් ම... මටත් ඊළඟට හිතුනෙ බ්ලොග් එකක් ලියන්න... ඒත් ඉතින් බ්ලොග් එකක් ගැන මෙලෝ දෙයක් නොදැන කොහොමද බ්ලොග් ලියන්නෙ... ආයෙ "SBU", බ්ලොග් එකක් හදාගන්න ඕනෙ කරන හැමදෙයක් ම ඒකෙ තිබ්බ, තිබුණ ඊමේල් එකකට බ්ලොගර් බ්ලොග් එකක් හදාගත්ත ඔන්න ඉතින් අමාරුවෙන්.., ඒත් ලියන්න ආස වුණ හිතට ලියන්න මුකුත් ආවෙ නෑ නෙ... ඒ පාර ආයෙ ම ප්‍රශ්නයක්.., තනියම ඉන්දෙදි කියාගන්න කෙනෙක් නැතිව පොත් පි‍ටු අග ලියල තිබුන සටහන් කීපයක් තමා බ්ලොග් එකට මුලින් ම එකත් වුණේ...ඒත් අද ඒ සමහර සටහන් බ්ලොග් එකේ නෑ, පස්සෙ කාලෙක ඒ සටහන්වලින් කීපෙයක් මට ම හිතුන මකල දාන්න...
ඒත් බොහොමයක් සටහන් තාමත් තියෙනව මා ළඟ...

බ්ලොග් එකක් හදාගත්තට එතනින් එහා කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ නෙ, මම මේක ලියල මම ම කියවද්දිත් මට සතුටක් නොදැනුන ම නෙවෙයි, ඒත් කවුරු හරි කියවනවද කියල බලන්න ගොඩක් ආසයි නෙ... කවුරුවත් කියවනවද කියල බලාගන්න කිසිම විදියක්  නැතිව ඉන්දෙදි එක දවසක් බ්ලොග් එකට පලවෙනි ම කමෙන්ට් එක ලැබිල තිබුන... දසුන් මධුසංක සොහොයුරාගෙන්, ඇත්තමයි ඒක දැක්ක ම හරියට සතු‍ටු හිතුන එදා... මේ වෙද්දි නිවාඩුවට ලංකාවට යන කාලෙත් ඇවිත්, ඒ සතුට හිතේ දෝරෙගලපු නිසා ම බ්ලොග් එක ඒ දවස්වල මගේ හිත අයිති කරගත්තෙ නෑ...ඒත් හිතේ දෝරෙ ගලපු සතුට බ්ලොග් එකේ සටහන් කර නිසාම අදත් ඒ සතුට එදා වගෙම මට විඳගන්න ඉතිරි වෙලා තියෙනව...


අදට මතක අතීතය මතු සම්බන්ධයි කරන්නම්... ආයෙත් මතක අතීතයෙ තවත් පිටුවක් පෙරලන තුරු විතරක්...

6 comments:

  1. එහෙනම් ලියන්න අපි කියවන්නම්...

    අනික් කොටසත් එලිදක්වන තුරු බලා ඉන්නවා නංගී.

    ReplyDelete
  2. ඔහොමම හෙමින් හෙමින් යමු.. ජයවේවා...

    ReplyDelete
  3. අවුරුද්ද පිරෙනකොටම centuryයටත් කිට්ටු වෙලා....... ජයවේවා !
    ඉතිරි අතීතාවර්ජන ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා .....
    がんばってね
    -from 東大

    ReplyDelete
  4. මතක පොතේ ඉතිරි පිටු ටිකත් පෙරල්න්නම්කො හෙමිහිට, ඔයාලත් එක්ක රැඳුන මතකත් එක්කම..

    ReplyDelete
  5. ඔන්න නගෝ, මගේ සුභ පැතුම් වර්ෂ පූර්ණයට. ආපු ගැම්ම ඔහොම්මම තියාගෙන දිගටම ලියන්න ඔන්න.

    ReplyDelete
  6. සුබ පැතුම් නම් පිලිගත්තා..දුමී අය්යෙ, ගොඩක් සතුටින්.. ඒත් තාම අවුරුද්දක් ලියල නෑ, (තව ටික දවස්ක් තියනව අවුරුද්ද්දක් වෙන්න...)

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...