Monday, June 17, 2024

e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා හරහා වෙබ් නවකතා වෙත...

මම බාගත කරගෙන කියවිය හැකි  e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට වඩා ඒ පුරුද්ද අවුරුද්දක් හෝ එකහමාරක් විතර පරණ ඇති...

Count of Monte Cristo, Morning Star වගේම She  - අදටත් මගේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන මේ පොත් තුනේම මුල් ඉංග්‍රීසි පොත් මම කියෙව්වෙ e-book විදියට...ඉංග්‍රීසි තේරීම අඩුකමයි, e-book වීමයි, ඒවයේ තියෙන අමුතු තාලෙ ඉංග්‍රීසියි එක්ක ඒව එහෙම කියවන එක කොච්චර අමාරු වුණත්, ඒවායේ සිංහල පරිවර්තන කියවල ඒවාට වහ වැටිල හිටපු මම 2008 ජපානෙ ඉගෙන ගන්න කාලෙ තිබුණ තනිකමත් එක්ක ඒවා කොහොම හරි ටික ටික කියෙව්වා... පොතක් කියවද්දි ඒකෙ අන්තිම වෙන්නෙ මොකද්ද කියල බලල පොත කියවන නරකම වර්ගයේ පාඨකයෙක් වෙන මට, සිංහල පොත් කියවපු ඒවායේ ඉංග්‍රීසි පොත් නිසා ඒ පොත්වල මම කැමති තැන් හොයාගෙන ආයෙ ආයෙ කියවන්න e-book වලින් ලැබුණේ ලොකු උදව්වක්...ඔහොම නොසැලෙන ධෛර්‍යයෙන් ඒවා කියවල ම තමයි මට ඉංග්‍රීසි නවකතා තේරෙන්න ගත්තෙත්...

ඔය අතරෙ scanned pdf  විදියට අන්තර්ජාලයේ තිබුණු සිංහල නවකතාත් මම අනන්ත ප්‍රමාණයක් කියවල ඇති...කොහොමත් පොඩි කාලෙ ඉඳලම අකුරු තියෙනව නං ඒවා කියවන එක පුරුද්දක් වුණ මට ඒවායෙ ස්වභාවය ඒ තරම් වැදගත් වුණෙත් නෑ... චාතුර්යා...සින්දූර් වගෙම තව ඔය අනන්ත මල් නවකතාත් මම ඒ දවස්වල කියවල තියෙනවා...

pdf විදියට භාගත කරගත් නවකතා කියවීමේ දී සිංහල පරිවර්තන නැතිව අලුතෙන්ම කියවපු ඉංග්‍රීසි පොත් අතරෙ මට අමතක නොවෙනම පොත් තුනම ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු නවකතා වගෙම චිත්‍රපටත් බිහිකළ Twilight series, Fifty Shades of Grey series සහ Me before You series...ඒ ඔක්කොම පොත් එකකට වඩා වැඩි ඒවා...

Fanfiction කියන ඒවා මගේ ලෝකෙට ආවෙ Twilight හරහා...මම මුලින්ම Fanfiction එකක් විදියට කියෙව්වෙ බෙලාගෙ පැත්තෙන් නවකතාවේ රචකයා (Stephenie Mayer) ලියන කතාව එඩ්වර්ඩ්ගෙ පැත්තෙන් කියන එකක්...පොත්වල මම කැමති නැති අවසානය මට ඕනෙ විදියට ලියන්න පුළුවන් කියල මම ඉගෙනගත්තා Fanfiction කියවලා... ඒකත් නියම අදහසක්... අපිට කැමති විදියට අපේ ලෝකෙ ඇතුළෙ නවකතා ප්‍රතිනිර්මාණය කරගැනීම...


වෙබ් නවකතා ලෝකෙ මුලින්ම ඇතිවුණේ 2000 දි විතර කියල අන්තර්ජාලෙයෙ තියෙනවා... ඒත් වෙබ් නවකතා මගේ ලෝකෙට ආවෙ 2018 විතර මම හිතන්නෙ...ඒ Fanfiction හරහා...

ඒත් මේ වෙනකොට වෙබ් නවකතා ලෝක සාහිත්‍යයට දැඩි බලපෑමක් කරන තත්වයට ඇවිත්... විශේෂයෙන්ම ආසියාවේ... වෙබ් නවකතා කිහිපයක්ම ඉතා සාර්ථක TV series බවට පත්වෙලා තියෙනවා...ඒ TV series ලෝකය පුරාම බිලියන ගණනක් ප්‍රේක්ශක අවධානය දිනාගෙන තවත් අති විශාල Fanfictions ගණනක් සමග තවමත් ඉදිරියට යන ගමන්...ඉලෙක්ට්‍රොනික යුගයත් එක්ක ඉදිරියට යන ලෝකෙ මින් ඉස්සරහට නවකතා ලෝකය තව දුරටත් වෙබ් නවකතා අතට පත්වේවි ද කියලත් මට හිතෙනවා...

වෙනස් වෙන ලෝකෙක හැමදෙයක් ම වෙනස් වීම විතරක් නියතයි...කොහොම වුණත් මගේ කියවීමේ පිපාසය නිවන්න වෙබ් නවකතාත් නරකම නෑ... ටිකින් ටික ඒවායේ ගුණාත්මක බවත් දියුණු වෙමින් වඩා පුළුල් පරාසයක කියවීම අත්දැකීමක් ලබාදෙන්න වෙබ් නවකතාවලටත් පුළුවන් වේවි...

https://www.forbesindia.com/article/lifes/in-asia-web-novels-are-writing-a-new-chapter-in-fiction/75807/1

5 comments:

  1. සිංහල භාෂාවෙන් කියවන පිරිත සීමිතයි වගේම ලංකාවෙ හුඟක් තරුණ පරපුර කියවීමට ඒ තරං නැඹුරුවක් නැති නිසා සහ කියවන අය තාම කැමති පොත් පෙරලන්න නිසා අන්තර්ජාල ලිවීම් වලට ප්‍රතාචාර අඩුයි කියල හිතෙනව. මේ ලියන මම වුණත් ඩිජිටල් තිරය ඉස්සරහට වෙලා ඉන්නවට වඩා පිටු පෙරලන්න කැමතී.
    ඒත ළඟකදි ඉඳල මන්ගා වගේව කියවනව. ඇප්ස් තියෙනව නේ.
    ඊ පොත් නං Zlibrary හෝ PDFDrive වගේ වෙබ් පිටු වලිං ලබාගන්නව. ඒත් මට ස්ක්‍රීන් එක දිහ බලං කියවන්න අමාරු නිසා සීමිත විදිහට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් බුක් ගෙන්නගෙන ැට ගහ ගහ කියවනව. මමත් තාම ඉංග්‍රිසි වලට හුරු වෙන ගමං.

    කතුවරයා කියල ඇප් එකක් තියේ. ට්‍රයි කරල බලන්න. හුඟක් අය ලියනව ඒකට. මීඩියම් එකෙත් ලංකාවෙ අය ඉන්නව.
    සිංහල බ්ලොග් නං කලිනුත් කිව්ව වගේ තව ටික කාලෙකින් හේදිල යයි කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න තරුණ පරපුර කියවන්නෙ නැඑ කිව්වට වෙබ් නවකතා ලියවෙන වෙබ් සයිට්වල නම් පාඨකයො, වීව්ස්, කමෙන්ට්ස් ගොඩායි...
      අනිත් අතින් මන්ගා කියන්නෙත් ලෝකෙ පුරාම තරුණ පරපුර කියවන නවකතා ජාතියක් තමයි...ජපානෙ මම ඉගෙනගත්ත කාලෙ ජපන් ළමයි මන්ගා පොත් ගෙනල්ල අපේ ලැබ් එකේ ඒවා ගොඩගහල තිබුණා... ඒත් මට මන්ගා අල්ලන්නෙම නෑ...

      Delete
  2. Count of Monte Cristo ඉංග්‍රීසි පොත වගෙම පරිවර්තනයත් අති විශිෂ්ටයි. මාත් අලුත් පොත් බොහොමයක් වෙබ් අඩවිවලින් කියනවා. ඒත් අතේ තියාගන පිටු පෙරළනවා තරම් මිහිරක් ලබන්න පුද්ගලිකව මට අසීරුයි!

    ReplyDelete
    Replies
    1. කාලෙත් එක්ක ඒකත් වෙනස් වේවි... මට නම් දැන් ඉලෙක්ට්‍රොනික කියවීමෙයි පොත කියවීමෙයි වෙනස නොදැනෙන තරම්...අවුරුදු 15 කටත් වැඩී නේ ඉලෙක්ට්‍රොනික කියවීම පටන් අරන්...ඇස්වලට තමා ඉතින් හොඳ මදි...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා හරහා වෙබ් නවකතා වෙත...

මම බාගත කරගෙන කියවිය හැකි  e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට ...