මීට වසර 15 කට පෙර මා මුලින්ම චේජනාගේ පිටුව ලිවීම ඇරඹුවේ දුරු රටක තනිව ගෙවෙන ජීවිතයේ තනිකම මකන ක්‍රමයක් ලෙසින්...
ඒ මා ජපානයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි කාලයයි... ඒ වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු නවකතාවක් කියවා රස විඳීමට තරම් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත නොහැකිකමත්, සිංහල භාෂාවෙන් ලියවුණු නවකතා හෝ අනෙකුත් කියවීමට තරම් කිසිවකුත් සොයාගත නොහැකිව සිටි මට බ්ලොග් අඩවි හමුවුණේ හරිම අහම්බයකින්...කියවීමට කිසිවක් සොයමින් සිටින විටක සිංහල බ්ලොග් මට දැනුණේ පවසට දිය පොදක් ලෙසින්...
Source: https://stock.adobe.com/
එහෙත් ඉන් වසර 15 කට පසුව අද කියවීමට ඇති දේ අන්තර්ජාලය පුරා වැහි වැහැල...සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම...විශේෂයෙන්ම වෙබ් නවකතා සහ ඒවා පළ කිරීම වෙනුවෙන්ම වෙන්වූ වෙබ් අඩවි බිහිවීම අන්තර්ජාලය තුළ කියවීමට යමක් සොයන මිනිසුන් වෙත නොසිඳෙන උල්පතක් මෙන් අනේකවිධ මාතෘකා යටතේ අනේක විධ නවකතා ප්‍රමාණයක් නොමිලේ කියවීමේ අවස්ථාව ලබාදෙනවා... අද වනවිට සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද නවකතා කියවීමේ හැකියාව මගේම මහන්සියෙන් මම ම උපයාගත් නිසා මේ වනවිට මට කියවීමට ඇති තරම් දේවල් ලැබිලා...
අතට අසුවන ඕනෑම දෙයක් කියවීමට කුඩාකල පටන් මා තුළ තුබුණ ආශාව අදත් එලෙසම ඉතිරිව තිබෙනවා...එහෙත් අනෙක් සියල්ල මෙන්ම කියවීම හා බැඳුනු පුරුදු කාලයේ පරිවර්තනයට යටත් වෙලා... කියවීමට පොතක් වෙනුවට වෙබ් නවකතාවක් සොයා ගැනීමට මම දැන් පුරුදු වෙලා...
අනෙක් අතින් තරුණ තරුණියන් අතීතයේ මෙන් නොව කිසිවක් නොකියවන බව පැවසුවත් වෙබ් නවකතා ඇති වෙබ් අඩවි සහ ඒවායේ පාඨකයන් සංඛ්‍යාව දෙස බැලූ විට මට ඊට එකඟ විය නොහැකියි... නමුත් නියාමනයකින් තොරව තමාට සිතෙන සියල්ල ලියා පළ කළ හැකි වීමේ නරක ප්‍රතිඵලත් තිබෙනවා... විශේෂයෙන්ම ඉන් නව යෞවනයට පා තබන නොමේරූ තරුණ දරුවන්ට වන බලපෑම දෙමව්පියන් විසින් පාලනය කරගත යුතු වෙනවා...
ඒ නමුත් නවකතාවක් ලිවීම මෙන් නොව, බ්ලොග් තමාට සිතෙන ඕනෑම මාතෘකාවක් යටතේ ලිවිය හැකි නිසා ඊට ඇති කැමැත්ත සහ එසේ ලිවීමේ නිදහස බ්ලොග් ලිවීම තුළින් මට හිමිවෙන නිසා මම ඊට තවමත් කැමතියි...එක්තරා යුගයක ඉතා ආදරණීය මිතුරන් කිහිප දෙනෙක් ජීවිතයට එක් කිරීම ද චේජනාගේ පිටුව විසින් සිදුකළ නිසා කොහොමටත් චේජනාගේ පිටුව මට කිසිදා අනෙක් කිසිවකින් ආදේශ කළ නොහැකි මගේ ජීවිතය තුළ ලැබූ අනන්‍ය අත්දැකීමක්...
ගොඩ කාලේක ඉදන් ලියන බ්ලොග් එකක් උනත්, මං හිතන්නේ මම අද තමයි මේ බ්ලොග් අඩවියට ගොඩ උනේ...
ReplyDeleteමගේ බ්ලොග් අත්දැකීමත් ඔබට සමීපයි. මාද ඕස්ට්‍රේලියාවේ පැමිණි අලුත තනියෙන් කාමරයකට වී සිටි කාලෙක තමයි , බ්ලොග් වලට හුරු උනේ. එත් කාලෙන් කාලෙට එන කාර්‍යබහුලත්වයත් එක්ක , විටින් විට තමයි ලියන්නෙ..
මම ත් එහෙමයි... හිතුන වෙලාවට ලියනවා... නැති වෙලාවට පාඩුවේ ඉන්නවා.. :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකරන්න දේවල් ගොඩක් තියෙද්දිත් ලියන එක තමයි වටින්නේ. දිගටම ලියන්න.
ReplyDeleteලිවීම කියවීම දෙකම සතුටක්...
Deleteපරණ බ්ලොග් මේ විදිහට රිබූට් වෙනව දකින එකම සතුටක්. ඒත් දැං හුඟක් අය මේ පැත්ත අමතක කරල වෙබ් නවල්ස් ෆේස්බුක් ගෘප් වලට බැහැල. ලොකු හේතුවක්.තමා ලයිව් ෆීඩ් බැක් එක. අනික බ්ලොග් වලට වගේ ලොකු මහන්සියක් කාලයක් වෙනම වැය කරන්න ඕන නැති කම.
ReplyDeleteමොන මොනව හරි දිගටම ලියමු
යකූ මේ කමෙන්ටුව ඇනෝ වැටුණෙ මොන මගුලක් වෙලාද. මම awanhala.blogspot.com මයියා වෙම්
Deleteමේක ගොඩාක් පරණ බ්ලොග් එකක්... ඒ කාලෙ පිට රටවල්වල හිටි අපි කීප දෙනෙක් හැන්දෑවට චැට් එකක් දාගෙන ඉන්නත් බ්ලොග් පාවිච්චි කළා... ජීවිත කාලෙටම තියාගන්න පුළුවන් යාළුවො කීපදෙනෙකුත් මේ බ්ලොග් එක නිසා මගේ ජීවිතේ ඉතිරි වුණා...
Deleteෆේස්බුක් මගේ හිතට හරියන තැනක් නෙවෙයි... වෙබ් නවල් නම් කියෙව්වට ලියන්න ආසාවක් මට නෑ... බ්ලොග් එකක් ඊට වඩා ගොඩක් වෙනස්... එවෙලෙ හිතට දැනෙන දේ කෙටියෙන් ලියල තිව්වැකි...