Friday, August 10, 2012

ඉඩෝර බිම තෙමාලන අකල් වැස්ස...


ඉඩෝරෙට අහුවෙච්ච මහපොළව තෙමාගෙන 
අකාලෙට නිකිණි වැස්ස වහිනවා...
වහං වෙන්න බැරි වුණ බට්ටිත්තෙක් අත්තෙන් අත්තට පනිනව...
කුසීත හැඟීමකින් වෙලුනු අහස පසුබිම කරගත්තු
ගස් කොළං හුළඟෙ කැරකෙනව...
හිතිවිලි එකිනෙක පැටලිලා හිතේ ඇඳිල මැකිල යනව...


"අකලට වට මහ වරුසාවක් සේ..."
කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා...
ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ...
සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ඈ ඉල්ලපු ඉල්ලීම ඉටු වුණා නං 
එහෙම වෙන එකක් නෑ, මගේ හිත කියනව...

නටුවෙන් ගිලිහුන කොළයක් අහසෙ ඉබාගාතෙ පාවෙනව...
අකල් වැස්ස වගේම ජීවිතේට එන දේවල් උපේක්ෂාවෙන් බාරගන්න
මම උත්සාහ දරනව...
අටලෝ දහමට කම්පා නොවී ඉන්න කියල වෙන කෙනෙක්ට කියන්න කලින්...

හිතට අමූතු හැඟීමක් දැනෙනව,
ඒක දුකද සතුටද බලාපොරොත්තුවද ආශාවද කියල තෝරගන්න අමාරුයි...
පුංචි දැරියකගෙ වතින් එන කෝමල කිරි සුවඳ මගේ හිත කුල්මත් කරගෙන
අපිළිවෙළ සිතිවිලි අතරෙ වල්මත් වුණ මගේ හිත
ඈ දිහාවට අදිනව...

සීරුවට ඇදහැලුන අනෝරා වැස්ස,
කැඩි කැඩි වැටෙන සිරිපොදයක් වෙලා ඉවර වෙන්න තතනනව...
විවර වුණ කවුළුවෙන් ඈත වැටෙන නිකිණි වැස්සෙ, හිතේ පිබිදෙන සිතිවිලි දමත්
ඒ එක්කම බිඳ වැටෙනව...
ආපහු පැහැදිලි අහස අස්සෙන් පොල්ගස් කරටි හිනැහෙනව...

21 comments:

  1. අෆ්ෆා .... ඔහොම වහිනකොට හිතට කොච්චර හැඟීම් ඇති වෙනවද? මම නම් වැස්සට හරී......... ආසයි.

    ReplyDelete
    Replies
    1. වැස්ස දිහාවෙ ඔහේ පාඩුවෙ බලන් ඉන්න තියෙනව නං විතරක්..

      Delete
  2. වැස්සට කලින් වැහි ළිහිණියෝ පියාඹනවා කියලා අහලා තියනවා. ඒකද ඇත්තද සහෝ ? මම වැස්සට මහ ගොඩාක් ආදරේ කරන කෙනෙක්. වැස්ස දිහා බලාගෙන හිතේ හැඟීම් ඒ වැහි වතුරත් එක්ක දිය කරන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. මම හරියටම වැහි ළිහිණි අඳුනන්නෙ නෑ, ඒත් වැස්ස එනබව අපිට වඩා කලින් දන්න ඔක්කොම කුරුල්ලො හෙවණකට යනව...

      Delete
  3. වැස්සත් තියෙන නිසා ලිපිය දැනුනා හොඳට...

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔයාලටත් නිකිණි මාසෙ අකල් වැස්ස ලැබෙනව...

      Delete
  4. කලට වසිනා වැස්සට වඩා,
    අකලට වට වැසි අගනේය සැමදා,
    ජීවිතයේ අප අපේක්ෂාවනට වඩා,
    අනපේක්ෂිත සොඳුරු සිදුවීම් වටනේය සැමදා,

    අපූරු සංකල්පනාවක් චේජනා...:)

    ReplyDelete
  5. the perfect picture...!!!!

    මිණි මිණි පොද වැටේවි - මල් මිණි ඇඳිරි වේවි - නුඹ එනවා නම් - දේදුනු පාලම උඩ හැන්දැවේ....

    අර ඉන්නේ බලන්..!

    පමා වෙන්ට එපා :-)

    ReplyDelete
    Replies
    1. මහ වරුසාවට පසුව නැගෙන සඳ...

      :)

      Delete
  6. නිරංජලාගෙ ගීත වලට මම පෙම් බැන්දෙ පාසැල් කාලෙමයි. එකම පාසැලේ අකුරු කෙරුවත් මගෙ නිසදැස් එයාගෙ ලස්සන කටහඬින් කනිටු සරසවියෙ කියෙව්වත් අපි දෙන්නා කවදාවත් එකට හමුවෙලා කතා කරල නෑ.

    නංගිගෙ නිර්මානය මාවත් අතීතයට ඇදන් ගියා.

    ආදරය.......... වැස්ස..... කොයි තරම් අපිට කවි සිතුවිලි මවනවාද? හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයා වාසනාවන්තයි...මම ඇගේ හඬ මිස ඈ කිසිම දවසක දැකල නෑ...

      Delete
  7. අබේවර්ධන -නිරංජලා මම කැමතිම ගායිකා යුගලයක්. ඒ එක්කම මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි අබේවර්ධන බාලසුරියට, ඔහුගේ හැකියාවට සහ ඔහු කරපු සේවය වෙනුවෙන් නිසි ගෞරවය ලැබුනේ නෑ කියන එක.

    නිරන්ජ්ලාගේ නිහඬ බවට ඔයාගේ පිළිතුර තරම් ලස්සන , ඒවගේම සරල පිළිතුරක් මට නම හිතගන්න බෑ...

    "අකලට වට මහ වරුසාවක් සේ..."
    කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා...
    ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ...
    සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ඈ ඉල්ලපු ඉල්ලීම ඉටු වුණා නං
    එහෙම වෙන එකක් නෑ, මගේ හිත කියනව...

    මගේ හිත කියන්නෙත් ඕකම තමයි. ඒ වුණාට ඔයා ලියපු තරම් ලස්සනට මට නම් ඕක ලියන්න හිතාගන්නවත් බෑ ..

    විශිෂ්ටයි !

    露 from ルフナ

    ReplyDelete
  8. හරිම ලස්සනයි. තව ලියන්න.මට කතා කරන්න පුලුවන් නම්

    ReplyDelete
  9. ටික කලකින් එන්න බැරි උන. අපුරු කවි ටික.. වැස්ස මම හැමදාමත් කැමති දෙයක් මොන හේතුවක් හින්දාද මන්දා. සමහරවිට පුංචි කාලේ අපි වැස්සේ සෙල්ලම් කරන්න ආසා කල හින්දා වෙන්න ඇති..

    ReplyDelete
  10. අපූරු සිතුවිලි පෙළ.. මමත් වැස්සට ආදරෙයි. නිරංජලා අබේවර්ධන යුවළගේ ගීතවලටත් හරිම ආදරෙයි. මම නිරංජලා එක්ක දුරකථනයෙන් කතා කළා.. ඇගේ තීරණයේ වෙනසක් වෙන්නෙ නැහැ කියල තමයි කිව්වෙ. ඇත්තටම ඒක අපට ලොකු පාඩුවක්.. ඒත් ආදරය වෙනුවෙන් ඈ ගත්ත තීරණය හරි වෙන්න පුළුවන්. අබේවර්ධනයන්ගේ ජීවිතේ ළගින් හිටියෙ ඇයනෙ. තමන්ගෙ හඬ අහිමි වීමේ වේදනාව ඔහු වින්ඳ හැටි දැක්කෙත් ඇයනෙ... සමහර විට කාලයක් ගිහින් ඇගේ හිත හැදුණු දවසක මුල්ම ගීතය ඔහු වෙනුවෙන්ම ගයන්න ඕන කියලයි මම ප්රාිර්ථනා කරන්නෙ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...