Thursday, September 1, 2011

බොන්සායි කුරුමිටි ගස්

අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන නිර්මාණයක් බොන්සායි, බොන්සායි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන්න ජපානය වුණත් ඒ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්නෙ චිනයටලු... චීනෙ ඉඳලා ආපු බොන්සායි කලාව ජපානයේ සෙන් බුදුදහමේ ආභාශයත් එක්ක දියුණු වෙලා... වියට්නාමයෙත් බොන්සායි කරපු ගස් හදනව කියල කියවෙනව... දැන් නම් බොන්සායි කලාව ලෝකය පුරාම ව්‍යාප්තවුණු එකක්... ඒත් බොන්සායි නිර්මාණයට යොදාගන්නා උපකරණ වැඩිදියුණු වෙලා විකාශය වෙලා තියෙන්නෙ ජපානෙදි...

බොන්සායි ගස් නිර්මාණය කිරීමේ අරමුණ ඒ ශාකය වඩාත් ළංව තබා ගැනීම සහ දකින්නා පිනවීම, ඒත් බොන්සායි නිර්මාණයක් කරන කෙනෙකුට ඒක තමන්ගෙ මහන්සියෙත් කෞශල්‍යයෙත් තෘප්තිමත් ප්‍රථිපලයක්...

බොහෝදුරට ඕනෑම බහුවාර්ෂික ශාකයක් බොන්සායි කරන්න පුළුවන්... බොන්සායි නිර්මාණයක් සම්පූර්ණ වෙන්නෙ ඒ ශාකය ඉතාම කුඩා පරිමාණයෙන් නිර්මාණය කරන අතරතුරම සම්පූර්ණයෙන් වැඩුණු ශාකයේ ස්වභාවය ගත්තම... එය දකින අයෙකුට ඒ ගස වැඩුණු ගසක් අවප්‍රමාණ කරපු විදියට පේනව නම් නිර්මාණය සාර්ථකයි...

සුදුසු ශාක විශේෂයක කුඩා පැලයක් හෝ අත්තක් තෝරගෙන මේ නිර්මාණය අරඹන්නෙ ඒ ශාකය ඉතාම කුඩා කාලෙදි, හොඳින් අතු බෙදෙන සවිමත් ලී කඳක් හැදෙන ශාක විශේෂයක් හෝ පඳුරු වර්ගයක් මේකට ගන්න පුළුවන්... බඳුනක සිටුවීමෙන් හා මුල් හා අගිස්ස කප්පාදුවෙන් පැලය කුඩාවට වවාගන්නවා...
බොහෝවිට පැතලි තැටියක් වැනි බඳුනක බොන්සායි නිර්මාණයක් කෙරෙනව... අවශ්‍ය පරිදි  දියර පොහොර හා ජලය සැපයීමෙන් පැලය රැකබලාගත යුතු වෙනවා...තද ඉර එළියක්, තද සුළඟක් නැති එළිමහනක තබා, අනවශ්‍ය අතු ඉවත්කරමින්, පැලය හැඩගන්වමින් ඉතා අවදානයෙන් වසර ගණනාවක් තිස්සේ කරන රැකබලාගැනීමක කෙළවර ලස්සන බොන්සායි නිර්මාණයක් ලැබෙනවා... ඉතා ඉවසීමෙන් කරන නිර්මාණයක්...

බොන්සායි නිර්මාණයේ පළපුරුදු වෘත්තිකයන් විසින් පවත්වාගෙන ඕමියා බොන්සායි ගම්මානය පවත්වාගෙන යනව... පුද්ගලික හිමිකරුවන් දස දෙනෙකුගේ ගෙවතුවල බොන්සායි කරනලද ගස් විශාල ලෙස මේ ගම්මානයේදි දැක බලාගත හැකියි...
ඊට අමතරව ටෝක්යෝ ආසන්නයේ තවත් සුප්‍රසිද්ධ විශාරද බොන්සායි කලාකරුවෙක් වෙන කුනිඕ කොබයශි මහත්මයාගෙ ගෙවත්තත් දැක බලාගත හැකියි...පහළ පින්තූරයෙ තියෙන්නෙ ඔහුගේ ගෙවත්තේ බොන්සායි ගස් අතරින් ප්‍රධාන වෙන වසර 800 කට වඩා පැරණි පයින් ගස... බොන්සායි නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිරමාණයක්...


මේ තවත් ප්‍රසිද්ධ බොන්සායි නිර්මාණයක්... වෝල්ටර් පෝල් මහතා විසින් නිර්මිතයි...Japanese Maple ගහක්...


විශේෂ අවස්ථාවලදි අපි මේසයක් මත මල්බඳුනකට ලබාදෙන ස්ථානය බොහෝවිට ජපානයේදී බොන්සායි ගසකට හිමිවනවා... බොන්සායි ප්‍රිය කරන්නන්ට අන්තර්ජාලය හරහා බොන්සායි ශාක නිර්මාණ අලෙවිකරණයත් හොඳින් ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක් මේ වෙනකොට...

Source:
http://www.bonsaiempire.com/
http://www.bonsaishoponline.com/bia/country/japan/omiya.shtml
http://en.wikipedia.org/wiki/Bonsai

19 comments:

  1. මමත් හරි ආසයි ඔය කලාවට . මෙහෙත් තියනවා තමයි. මගේ යාලුවෙක් ලැබ් එකේ පෙට්‍රි දීසියක බෝ පැලයක් හදල තිබුන ඒ දවස් වල .

    ReplyDelete
  2. මාත් ආස දෙයක් කොරන්න ට්‍රයි කරන්න ඕනි

    ReplyDelete
  3. ලස්සන ගස් ටිකක්.
    මේවට ඉතින් ඉවසීමක් තියෙන්න ඕනා. මොකද ගහ හැදෙන්න අවුරුදු පහ හයක්වත් යනවනේ. :)

    ReplyDelete
  4. අඩු පරිසර සධක හමුවේ සැකසෙන වටිනා ගස බොන්සායි!

    බොහෝම ස්තුතියි හරවත් විස්තරයට.

    ReplyDelete
  5. මේ චායාරුප වල තරමට ලස්සන නැතිවුනත් මා සතුව බොන්සායි ගස් කීපයක්ම ඇත.නුග විශේෂ කීපයක් මේ සඳහා යොදා ගත්තෙමි.මා සතු පැරණිම ගස වසර හයක් පමණ වන අතර දැන් එය ආවේනික බොන්සායි හැඩය ගනිමින් සිටියි.රසායනික පොහොර යෙදීමේදී සැලකිලිමත් විය යුතු අතර පොහොර ප්‍රමාණය සුළු වසයෙන් හෝ වැඩි වුවහොත් පත්‍ර හැලීයාම සහ පත්‍ර පිළිස්සීම සිදුවේ.මාස කීපයකට වරක් ගොම පොහොර ටිකක් යෙදීම වඩා සුදුසුය.

    ReplyDelete
  6. මාත් හරිම ආසයි මේ නිර්මාණ බලන්න. මේ බොන්සායි නිර්මාණ වල හරිම කලාත්මක ගතියක් තියෙනවා. ස්තූතියි නංගි විස්තරයට. ආසාවෙන් කියෙව්වා. ලංකාවේ ප්‍රදර්ශන වලටත් ගිහින් තියෙනවා මේවා බලන්න.

    ReplyDelete
  7. මමත් ඔය බොන්සායි පැල රසවිඳින්න බොහොම ආසයි. ඒත් ඕව හදන්න තරම් ඉවසීමක් අපට නැති එක තමා ප්‍රශ්නෙ. නාරාහේන්පිට පැත්තේ පන්සලක අටවිසි බෝධි ඔක්කොම බොන්සායි ක්‍රමයට පැල කරලා තියෙනව මං දැක්ක.

    ReplyDelete
  8. අපේ රටේ ලොක්කෝ වනාන්තර විනාශ කරන හැටියට අපිත් බොන්සායි කරලා ගස් ටිකක් රැක ගත්තොත් අනාගත පරපුරට පෙන්නන්න පුළුවන් වෙයි !

    ReplyDelete
  9. මටත් හරි ආස හිතුනා බොන්සායි ගහක් හදලා බලන්න.ඒත් ඒකට ඕනෙ කරන කාලයවත්, පුහුනුවවත් නෑනෙ. ඉවසීමවත් තියෙනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේකට ඊ මේල් එකක් දාන්න GAYANXPRESS@YAHOO.COM

      Delete
  10. පුංචි කාලේ ඉඳලම ආසා සබ්ජෙක්ට් එකක් උනත් හැදෙන ගහක් හිර කිරීම ගැන මොකද්දෝ මන්ද හිත යට මෙව්වෙකකුත් තියෙනවා.

    අපේ ආච්චිලගේ ගෙවල් පැත්තේ වෙලක් මැද බකිනි ගහක් ඇත. උස අඩි 7-8 ක් විතර. කඳේ මහතම තැන මිනිහෙකුගේ කකුලකට වඩා පොඩ්ඩක් මහතයි. හැබැයි අපේ සීයා කියන හැටියට එයාගේ සීය පුංචි කාලෙත් ඔය ගහ තිබ්බලු. මල් එනවා ගෙඩි හැදෙනවා, ගංවතුරට සහමුලින්ම යට වෙනවා. මේ ගහ අන්තිමට ගිය දවසෙත් යෙහෙන් වැජඹී උන්නා. [දැන් අපේ සීයා ආච්චි දෙන්නත් නැහැ]

    නැචුරල් බොන්සායි.

    නරකද පොල අතු මෝදරේ පිටාර තැන්න දිහා හොඳින් බැලුවොත් [ගෙදර ආ වෙලාවක]

    ReplyDelete
  11. බින්දි,

    පෙට්‍රි දීසියක් හරිම පොඩියි නෙ බෝ පැලේ කොච්චර විතර උසට හැදිල තිබුනද ඒකෙ?

    ReplyDelete
  12. Anonymous,
    මමත් ලංකාවට ගියාම ඇට්ටේරිය ගහක් බොන්සායි කරන්න ඉන්නෙ,

    ReplyDelete
  13. Sujiewa,

    එහෙම ඉබේම පොඩිවට හැදිල ගොඩාක් කල් තියෙන ගසුත් ඇති තමයි, සමහර ගස් අපේ තාත්තත් කියනව මතක ඇති කාලෙක ඉඳල තියෙනව කියල,

    ReplyDelete
  14. හරිම වටිනා ඒ වගේම ආකර්ෂණීය තොරතුරු රැසක්...

    ReplyDelete
  15. අක්කා මං අහල තියෙන විදියට මේ ගස් රැකගන්නේ පරම්පරාවෙන් පරම්පරාවටලු. ඒක පරන වෙන්න වෙන්න වටිනාකමත් ගොඩක් වැඩියිලු.

    ලංකාවේ දේපොල පවරනවා වගේ බොන්සායි කරන රටවල් බොන්සායි ගස් එහෙම පවරනවා කියලත් අහලා තියෙනවා.

    ReplyDelete
  16. Dear Chejana,
    Waiting for your next article !
    Pls keep your writing
    -From 東大

    ReplyDelete
  17. බොන්සායි ගසක් හදාගන්න විදියත් මේ විදියට දැම්ම නම් ගොඩක් වටිනව.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...