Friday, July 15, 2011

ගිම්හානයේ අසිරිය - කණාමැදිරි රාත්‍රිය

ඍතු වෙනසින් යුතු රටවල වෙනස් වෙන උෂ්ණත්වය, වර්ෂාව, ආර්ද්‍රතාවයත් එක්කම ඒ පරිසරයේ ජීවත්වෙන සත්ව විශේෂත් දවසින් දවස වෙනස් වෙනව... ඒ අතරෙ හිරු රශ්මියෙන් දැවුණත් ගිම්හානය වඩාත් සොඳුරු වෙන්නෙ ගිම්හානය පුරාවට ගහකොළත් සත්තුත් හිතට දැනෙන්න ජීවත් වෙන නිසා... ඉපල් විතරක් ඉතිරිවුණ ගස්වලට වඩා ගිම්හානයෙ ගෙඩි, කොළ පිරුනු ගස්වැල් ජීව ගුණයෙන් පිරිලා...ඒ ජීවගුණයෙන් යුත් ගස්වැල් කුරුල්ලන්ට ජීවත් වෙන්න අඬගහනව... ඒ නිසාම කාක්කෙක් කෑගහනව එහෙම අහන්න ලැබෙන්නෙ ගිම්හානයෙදි...


කණාමැදිරියන් නරඹන කණමැදිරි රාත්‍රීන්, වසන්තයේ අග සහ උණුසුම් ගිම්හාන රාත්‍රීන්වල පැවත්වෙන එක් උත්සවාංගයක්...ශිශිරයට පොළව යට හරි දිරාපත්වෙන කොළ රොඩු අතරෙ හරි සැඟවිලා ශිශිරතරණය කරන කණාමැදිරි කීටයන්, ජපානයට වසන්තයේ අග සහ ගිම්හානයේ මුල රංචු පිටින් දකින්න ලැබෙන කෘමි විශේෂයක්... තෙත්බිම්, කුඹුරු, ළඳුකැලෑ ආශ්‍රිතව ජනනය වෙන නිසා ටෝක්යොවෙ කොන්ක්‍රීට් වනාන්තරයේ ඔවුන්ගෙ ස්වභාවික ජනනය සීමා වෙලා... ටෝක්යෝවෙ ඉතබශි කණාමැදිරි අභිජනන මධ්‍යස්ථානය  ජුනි මාසයේ අග එම මධ්‍යස්ථානයේ දි අභිජනනය කළ කණාමැදිරියන් රාත්‍රී ප්‍රදර්ශනයකට එක් කරනව...ඊටත් වඩා ස්වභාවිකව ම ඔවුන් දකින්න කැමති නම් ෆුස්සා ගංඉවුරේ කණාමැදිරි රාත්‍රියට එක්වෙන්න පුළුවන්... මේ උත්සවයෙදි දකින්න ලැබෙන්නෙ නගර වැසියන් පිරිසක් විසින් අභිජනනය කර මුදාහරින කණාමැදිරියන්ලු... මීට අමතරව පුංචි පුංචි කණ්ඩායම් විදියට, කණාමැදිරියන් බලන්න යන අවස්ථා බොහොමයක් ගිම්හානයේදී සංවිධානය වෙනව...ජපානයේ අනෙක් ප්‍රදේශවලත්...ටෝක්යෝවෙන් තරමක් ඈත්වෙද්දි ස්වභාවිකම ජනනය වෙන කණාමැදිරියන් බලන්න පුලුවන්... ජපානෙ පුරාම ගිම්හාන රාත්‍රීන්වල ගංගා, විල් ආශ්‍රිතව කණාමැදිරි නැරඹන ස්ථාන තියෙනව...

ලෝකයේ සෞම්‍ය හා නිවර්තන කලාපවල කණාමැදිරි විශේෂ 2000 විතර ඉන්නවලු, උදරයේ යට පෙදෙස ආශ්‍රිතව සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා මේ කෘමියා තුළ ආලෝකය උපදින්නේ සහකරුවෙක් සොයාගැනීමට බවයි කියවෙන්නෙ... තවම අපේ ගෙදරට නං කණාමැදිරියෙක් රෑ බදුල්ලෙක් අමුත්තෙක් නෙවෙයි... අපි හැමදාම දකින, හොඳ කුරුමාණමක් හරිගියොත් සමහර වෙලාවට පූසට ගොදුරක් වෙන තවත් එක සතෙක්... දොර පඩිය උඩ වාඩිවෙලා බලා ඉඳිද්දි රැයේ අසිරිමත් දසුනක්... ඒත් ඉවක් බවක් නැති කෘමිනාශක භාවිතය අපිටත් කණාමැදිරි රාත්‍රියකට යන්න සිද්ද කරාවිද මන්දා...

19 comments:

  1. පුංචි කාලෙ කණාමැදිරියො අල්ලන්න රෑ තිස්සෙ මිදුලෙ දුවපු හැ‍ටි මතක් වෙනව ... :)

    ReplyDelete
  2. ඇත්තටම දැන් ලංකාවේ කලමදිරියෝ දකින්න අම්මරුයි. අපි පුංචි කලේ ලක්ෂ ගණනින් හිටියට දන උන්ව හොයන්න යන්න ඕනා. මෙහෙ මැලේසියාවේ එක තැනක් තියෙනවා firefly park කියල සල්ලි දීල බලන්න. බොහොම ලස්සනයි. ඒ මිනිස්සු සංරක්ෂණය කරනවා. අපේ රටේ හැම දේම විනාශ කරන මිනිස්සු මිසක් සංරක්ෂණය කරන අය ඉන්නවය.. කන මදිරියෝ සංරක්ෂණය කරන්න කිවුවොත් අපිට හිනාවේවි අලි වත් සංරක්ෂණය කරන්න බැරිකොට..

    ReplyDelete
  3. චහ්...
    සහකරුවෙක් සොයන්න ඇවිත් නතරවෙන්න වුනේ පූසගේ බඩේ... :-(

    ReplyDelete
  4. මේක දැක්කම කණාමැදිරි එක්ක සම්බන්ධ කරලා හදාපු ලස්සන ජපන් චිත්‍රපටියක් මම ලඟදී ගෙදර කට්ටියත් එක්ක බැලුවා...
    මේ තියෙන්නේ ඒක...
    http://en.wikipedia.org/wiki/Grave_of_the_Fireflies
    ලොකු පුතා මේක බලලා නින්ද නොයා දුක්වින්දා...
    පොඩි පුතාට දහ ගමනක් විතර බලන්න ඕනෑ වුනා...
    අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි ගැන අපූරුම අපූරු කථාවක්...
    ඕනෑනම් ඔබටත් මෙතැනින් බාගත හැක..
    http://thepiratebay.org/torrent/6361154

    ReplyDelete
  5. පොඩි කාලෙ දැකපු කණා මැදිරියන්ගෙන් භාගයක ප්‍රමාණයක්වත් අද දකින්න නැහැ

    ReplyDelete
  6. සාතන්, තාම ගම්පළාත්වල පුංචිවුන්ට නම් කණාමැදිරියො පස්සෙ දුවන්න පුලුවන්,තාම මිදුල්වලට එන්න උන් ඉන්න නිසා.


    සරත් ලංකාප්‍රිය
    මැලේසියාවත් කණාමැදිරියො ගැන උන්නන්දු රටක් නේ ද? කණාමැදිරි බලන්න යන චාරිකා ගැන එහෙමත් දැන්වීම් තියෙන්නෙ නෙට් එකෙත්.

    ReplyDelete
  7. මේකනෙ අය්යෙ, අපේ පූසත් මොනවහරි දඩයමක් කරගන්න එපෑ,

    අනික, Grave of the fireflies animation ෆිල්ම් එකට අමතරව මිනිස්සු රඟපාන ෆිල්ම් එකකුත් තියෙනව,
    ඔයා ඒ දෙකෙන් මොකද්ද බැලුවෙ, මිනිස්සු රඟපාන එක බැලුව නං වැඩිපුර දැනෙනව කතාවෙ දුක්බර බව.

    ReplyDelete
  8. DBL, දැනට ඔහොමටවත් ඉන්න එක මදෑ :(

    ReplyDelete
  9. එහෙම දෙයක් දිහා බලලා සතුටු වෙන මිනිසුන් ඉන්න බව ඇසීමත් සතුටට කරුණක්.
    අපි පොඩි කාලෙ කිව්වෙ කලා මැදිරියො කියලා. (කණා නෙවෙයි.) :D
    මාදුරුඔය වනයෙ වඩු කුරුළු කූඩු බලන්න ගිය දවසක යාළුවෙක් පෙන්නුවා, වඩු කුරුල්ලො, කූඩුව එළිය කරන්න (හෝ කිරිල්ලියක් ආකර්ෂණය කරගන්න) කලාමැදිරියන් ගෙනවුත් මැටි ටිකකින් කූඩුවට අලවා ඇති අයුරු.

    අර චිත්‍රපටිය බලන්න ඕන.

    ReplyDelete
  10. උන්ට තියන luciferase සහ luciferin රසායන දෙක නිසා තමයි ලයිට් පත්තු වෙන්නෙ. ඔය රසායන දෙක දාලා විශ්වයේ ජීවය තියනවා දැයි හොයන්න ලයිට් හයි කරලා තියනවාළු රොකට් වල!!

    කළාමැදිරියා කොහොම ද කණමැදිරියා වුනේ කියන එක හරියට දන්නෑ, දෙකම ඌට කියන සිංහල වචන තමයි.

    මම ආසාවෙන් බලපු රසවත් ඇමෙරිකන් රූපවාහිනි ටෙලිනාට්‍ය සීරිස් තමයි ස්පේස් කව්බෝයිස්ලා ඉන්න විද්‍යා ප්‍රබන්ධයක් Firefly (2002) කියලා.
    http://en.wikipedia.org/wiki/Firefly_(TV_series)

    ReplyDelete
  11. නලිනි, අපිත් පොඩිකාලෙ කිව්වෙත් දැනුත් කතා කරද්දි කියන්නෙත් කලාමැදිරි කියල තමයි, ඒත් මම හිතන් ඉන්නෙ හරි වචනෙ කණාමැදිරි කියල, ඒකයි ලියද්දි එහෙම ලිව්වෙ.

    ඒ චිත්‍රපටයෙ මිනිස්සු ඉන්න එක වඩාත් තාත්විකයි(ඒක දෙවනි ලෝක යුද්ධය ඉවර වෙලා 60 වෙනි සංවත්සරය වෙනුවෙන් ජපන් රූපවාහිනිය හදපු එකක්ලු), හැබැයි මම බාගයක් බලල නතර කළා,ඊට වඩා ඒක විඳගෙන බලාඉන්න මට අමාරු නිසා. ඒ තරම්ම දුක හිතෙනව.

    ReplyDelete
  12. අරුණි අක්කගෙ දැනුම් ගබාගවෙනුත් ටිකක් දීල ගිහින් තියෙන්නෙ :)

    කණාමැදිරියො ගැන කතා ගොඩයි නෙ,Firefly (2002) ඒ ෆිල්ම් එකත් බලන්න ඕනෙ චුට්ටක් ඉඩ ලැබුනම...

    ReplyDelete
  13. හරිම වැදගත් ලිපියක් අපි පුංචිම කාලේ කළාමැදිරියො අල්ලන්න වත්ත වටේ දුවපු හැටිත් , උන්ව වීදුරු බෝතල්වල දමල රෑට කාමරේ තියාගත්ත හැටිත් මතක් උනා චේජනා.

    ReplyDelete
  14. අපි පුංචි කාලෙ මිදුලට බැස්සහම කොයි තරම් නම් කලාමැදිරියො හිටියද...අපි කොයි තරම් සෙල්ලම් කලාද... මට මතක හැටියට කැප්පෙට්ටිය කියන ගස් අශ්‍රිතව තමා කනාමැදිරියො බෝ වෙන්නෙ... දැන් නම් කැප්පෙට්ටිය ගස් නැතුවද... වෙන හේතුවක්ද දන්නෙ නෑ අපේ දරුවන්ට සෙල්ලම් කරන්න තියා ආසාවට දකින්න වත් කලාමැදිරියො දකින්න නෑ...

    ReplyDelete
  15. අඳුරු රැයක පියාසර කරන කණාමැදිරි එළිය අලංකාරයි. ඒත් පොළොවේ ඉන්නා රෑබදුල්ලා නම් අරකී එළිය ඇතිවෙලා ජීවත් වෙන්නේ සතිදෙකක් තරම් කෙටි කාලයක්ලු.

    සොබාදහමේ සුන්දර තැන් ගෙනහැර දක්වන තවත් ලස්සන පොස්ට් එකක් නංගී.

    ReplyDelete
  16. කණාමැදිරි රාත්‍රිය කිව්වම මෙහෙ ඉන්න [බස්වල යන] අපිට නම එන්නේ මාර මානසික පීඩාවක්. මොකද මල කන කරච්චල් රේඩියෝ වැඩසටහනක් යනවා ඔය නමින් ඔෆිස් ඇරිලා ගෙදර යනකොට.

    ReplyDelete
  17. ගිණි පෙලෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයිලු නෙ...

    ReplyDelete
  18. අනේ ඇත්තටම පුංචි කාලෙ මතක් උනා.
    ඉස්සර මේ හැමතැනම හිටපු කණමැදිරියෝ.
    හැබැට දැන් කෝ?

    ReplyDelete
  19. අපිත් හැම අවුරුද්දෙම යනවා කණාමැදිරියො බලන්ඩ. රෝඩ් ට්‍රිප් එකක් දාලා, ඔන්සෙන් ගිහින්, මත්සුරි එකෙන් කාලා, කට්ටියත් එක්ක විනෝදවෙලා කණාමැදිරියො බලද්දි ගතියක් තියනවා...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...