Friday, July 22, 2011

කබුකි රැඟුම්

කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-1629 අතර කාලයේ කාන්තාවන් විසින් සියළුම චරිත ඉදිරිපත් කරන නාට්‍ය කලාවක් විදියට කබුකි නිර්මාණය වෙලා තියෙන්නෙ...නමුත් බොහෝසෙයින් ශෘංගාරාත්මක වීම නිසා සහ ඒ හරහා අපචාරයන්ට තුඩුදීම හේතුවෙන කාන්තාවන් හා ළමයින් කබුකි රැඟුම්වලට එක්වීම 1629 දි අධිරාජයා විසින් තහනමට ලක් කරලා...ඉන් පසුව තරුණ හා වැඩිහිටි පිරිමි අය පමණක් රඟන වර්තමාන කබුකි සම්ප්‍රදාය බිහි වෙලා තියෙන්නෙ...

වර්තමානයේ කබුකි රැඟුම හා ගැයුම මතින් දිවෙන වේදිකා නාට්‍ය කලාවක්...වර්තමාන ජපානයේ ජනප්‍රිය ම පාරම්පරික රැඟුම් කලාව වෙන්නෙත් කබුකි... කබුකි රැඟුමක සියලු චරිත ඉදිරිපත් කරන්න නළුවන් විසින් ...ටෝක්යො, ක්යෝටෝ හා ඕසකා නගරවල ප්‍රධානම රංගශාලාවලට අමතරව තවත් කුඩා රංගශාලාවලත් කබුකි රැඟුම් පැවැත්වෙනව... ප්‍රධාන රංගශාලාවලදි කබුකි නරඹන්නන්ට Earphone guides ලබාගන්න පුළුවන්... විදේශිකයන් කබුකි රැඟුම් නරඹන්න පැමිණෙන නිසා ඉංග්‍රීසියෙන් විස්තර ලබා ගැනීමේ පහසුකමත් මේ වෙද්දි Earphone guide වලට ලබාදීල තියනව... වර්තමාන කබුකිවලදි, රංගනය ඇරඹීමට පෙර, නාට්‍යයේ රඟන සුන්දර තරුණ නළුවෙක් කබුකි ගැන හැඳින්වීමක් ඉදිරිපත් කරනව...ප්‍රේක්ශකයන්ට කබුකි රංගන වේදිකාව, සංගීතය සැපයීම පිළිබඳව ඔහු ඉදිරිපත් කළ විස්තරයෙන් බිඳක් මේ... 


මේ කබුකි වේදිකාව...

කබුකි වේදිකා සැකසීමත් ඊටම ආවේණිකයි...බොහෝ විට නළුවන් වේදිකාවට ඇතුළුවෙන්නෙත් පිටවෙන්නෙත් රඟමින්ම ප්‍රේක්ශකාගාරය තුළින්... "හනමිචි"( Flower path),  එසේ ඇතුල්වීම හා පිටවීම සඳහා ප්‍රේක්ශකාගාරය තුළ තැනෙන පටු වේදිකාව... 

කබුකි රැඟුම්වල සංගීතය ජපන් සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවලින් සැපයෙනව... කුරොමිසු, කළු පැහැ තිරවලින් ආවරණය කළ සංගීත කාමරය... ඒ තුළ විශාල ජපන් සම්ප්‍රදායික බෙර ඇතුළු සංගීත භාණ්ඩ රඳවනව... ඊට අමතරව වේදිකාවේ රඟන නළුවන්ට ඉහළින්, අවස්ථාව අනුව ගායකයා පෙනෙන හෝ නොපෙනෙන තවත් සංගීතය හා ගායනය කෙරෙන ස්ථානයක් තියෙනව... එහි ගායකයාත්, ශමිසෙන්, වයලීනයකට ආසන්න වශයෙන් සමාන තත් වාද්‍ය භාණඩයක් වයන්නෙකුත් රැඳී සිටිනු මා දුටුවා...


කුරොකො කියල හැඳින්වෙන්නෙ කබුකි වේදිකාවෙ රඟනය අතරතුරම දර්ශනතලය තුළ ඇති භාණ්ඩ ඉවත්කිරීම ගෙනත්තැබීම කරන අය... තනිකර කළු පාට ඇඳල මූණත් කළුපාටින් ආවරණය කරල ඉන්න ඔවුන් ප්‍රේක්ශකයන්ට නොපෙනෙන්නන් ලෙසින් සිතනවා (Invisible)...පුටුව පිටිපස්සෙ කළු පාටට ඉන්නෙ එයින් කෙනෙක්...



කබුකි වේදිකාවෙ නළුවන් හැඩගැන්වීමත් ටිකක් අමුතුයි... කාන්තා චරිත රඟන නළුවන්ගෙ (එයාලට කියන්නෙ ඔන්නගතා කියල...) මුහුණ සුදුම සුදුපාට වෙන්න හැඩගන්වල... ඊට අමතරව කබුකිවලදි යොදාගන්න පාටවලට ඒ ඒ හැඟීම් නිරූපණය කරන අර්ථයක් තියනවළු... සාමාන්‍ය නාට්‍ය සම්ප්‍රදායන්වලදී වගේ නැතිව මේ අමුතුම විදියට හැඩගන්වන නලුවන් කතාකරන විලාසයත් සාමාන්‍ය ජපන් භාෂාව කතා කරන විලාශය නෙවෙයි... ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ලතාවකට වචන උච්චාරණය කරනව...

හුඟක් ප්‍රසිද්ධ කබුකි කතා ඉතිහාසෙට සම්බන්ධ කතා...ඒවයින් මම දැක්කෙ ‍‍Yoshitsune Senbon Sakura, පැය දෙකහමාරක්... කබුකි රංගශාලවකදි ප්‍රේක්ශකයො නිශ්ෂබ්දව කබුකි බලන්නෙ නෑ...කබුකි බලන ගමන් එහි සුවිශේෂී තැන්වලදි ප්‍රේක්ශකයො අත්පොළසන් දෙනව...ඒ වගෙම සමහර ප්‍රේක්ෂකයො මොකද්ද කියල කෑගහනවත් (ඒක මොකද්ද කියල මට තේරුනෙ නෑ...) අනිත් දේ කබුකි බලන්න එද්දි බොහොමයක් කාන්තාවන් ජපන් සම්ප්‍රදායික කිමෝනාවකින් සැරසිලා එන්න අමතක කරන්නෙත් නෑ...


ඉචිකවා, කබුකි නාට්‍ය සම්ප්‍රදායේ ඉහළින්ම කියවෙන පවුල් නාමයක්... 1673 ඉඳන් අද වෙනකනුත් මේ පවුලෙන් බිහිවන නළුවන් කබුකි රංග ක්ෂේත්‍රයේ රැඳෙනව... ඒත්  අතීතයේ මේ විදියට පාරම්පරික පවුල්වල උරුමයක් ලෙස ගෙන ආ කබුකි රැඟීම අද වෙනකොට ටෝක්යෝ රංගශාලවෙදි කැමති අයට ඉගෙනගන්න පුළුවන්...

http://www2.ntj.jac.go.jp/unesco/kabuki/en/3/3_01.html
http://en.wikipedia.org/wiki/Kabuki

26 comments:

  1. "කබුකි රැඟුම් නෝ රැඟුම් බැලූවෙමු..
    රඟ මඬලේදී හැන්දෑවේ...
    රස මදිරා තොල ගෑ හැටි මතකයි...
    අවන් හලක හිඳ රෑ යාමේ..."

    http://hadageepotha.blogspot.com/2010/03/blog-post_28.html

    අපූරු සටහනක්..! ජය...!
    (ලින්ක් එකක් දැම්මට චේජනා අමනාප නැතැයි සිතමි)

    ReplyDelete
  2. නියමයි අක්කා.. ගොඩක් දේවල් දැන ගත්තා. පුළුවන් නම් බොන්සායි ගැන ටිකක් ලියන්න.

    ReplyDelete
  3. මම මොකට අමනාප වෙනව ද ලින්ක් එකක් දැම්මට... (අනික ඒක මට මේ පෝස්ට් එක ලියද්දිත් කබුකි බලද්දිත් මතක් වුණත් එක්ක..)

    ReplyDelete
  4. බොන්සායි ගැනත් වෙලාවක ලියන්නං...

    ReplyDelete
  5. නංගි ස්තූතියි පෝස්ට් එකට. කබුකි නැටුම් දැක්කා සුපර් ස්ටාර් වර්ගෝ කියන නැවේ යත්දි. ඒක අමතක වෙන්නෙ නැති ගමනක්. ගොඩක් රටවල් වල සංස්කෘතික අංග තිබුනා අපිව පිනවන්න. ආසාවෙන් බැලුවා. ඔයාගෙ මේ සටහනෙන් මතකය අලුත් උනා. මගෙ මහත්තයා ජපානෙ සංචාරයකට ආව වෙලාවෙ රැඟුම් හලක මේ නැටුම් බලලා අපිට විස්තර කීවා. මම නොදන්න විස්තර මම අද දැනගත්තා.

    ReplyDelete
  6. අලුත් අත්දැකීමක්...

    ReplyDelete
  7. මම ආසම රටක, තවත් වැදගත් කලාවක් ගැන, අද ගොඩක් දේවල් දැන ගත්තා. මේ.... බෙදා හදා ගැනිම්, තව දුරටත් අප අතර පවතින මිත්‍රත්වය තර කරාවි.

    ReplyDelete
  8. මොහොතකට ජපානයට ගිහින් ආව වගේ තේරුනේ....
    ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    ReplyDelete
  9. තොරාතුරු ටික බොහොම වටිනවා.
    මම A/L කරන නිසා මට ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන්.....

    ReplyDelete
  10. ඉතා වටිනා ලිපියක්.
    මමත් කබුකි , නෝ නාට්‍ය ගැන මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ලිපි කිහිපයක් කියවලා තියනවා.
    ඔයාගෙ ලිපි වලත් ඒ වටිනාකමම පේනවා. මොකද අත්දැකීමෙන්ම ලියපු නිසා :)

    ReplyDelete
  11. කමෙන්ට් එකක් දාල ගිය හැමෝටම ගොඩක් ස්තුතියි.. ඒ කමෙන්ට් දැක්කම මම මේක ලියනන් ගතකරපු වෙලාවත් මගෙ මහන්සියත් වටිනව කියල හිතෙන නිසා,

    ReplyDelete
  12. බොහොම අපූරු විස්තරයක්. සංස්කෘත නාට්‍ය රංග ශෛලියට කබුකි සම්ප්‍රදාය නෑකම් කියන බව මම අහල තියෙනවා. වල්මත්වෙලා තිබුණු සිංහල නාට්‍ය කලාව නිවැරදි මගට ගන්න නිසි නාට්‍ය සම්ප්‍රදායක් සකසාගන්නට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට උත්තේජනයක් ලැබුනේ ඔය කබුකි සහ නෝ නාට්‍ය බැලීමෙන් පසුව බවයි එතුමන් කියල තියෙන්නෙ. කබුකි නාට්‍ය වල භාවිතාවන හනමිචිය සරච්චන්ද්‍රයනුත් "පේමතෝ ජායතී සෝකෝ" සහ "භව කඩතුරාව" කියන නාට්‍ය වලදී භාවිත කලා.

    ReplyDelete
  13. අලුත් කරුණු බොහෝමයක් දැනගත්තා. බෝහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  14. රූපවාහිනියෙන් කබුකි රංගනයන් දැකල තියෙනව මට නම් ඒ රිද්මය බොහොම අලස එකක් විදිහට දැනුනේ.

    ReplyDelete
  15. කබුකි ගැන සඳහන් වෙන අනික ගීය තමයි [ඉහත තිස්ස සඳහන් කල ඒක හැරෙන්නට] ජෝතිගේ "සයොනාරා... ජපන් ලඳේ සයොනාරා.."

    ස්තුතියි දැනුම පුළුල් කරන සටහන් වලට.

    ReplyDelete
  16. කබුකි බලන්න ආසාවක් තිබුනට අවස්තාවක් නැහැ. ටිකට් එක ගොඩක් ගණන් කියලත් යලුවෙක් මට කිව්ව. නියම අත්දැකීමක්. බෙදාගත්තට ස්තූතියි...

    ReplyDelete
  17. Anonymous,

    ඒක වෙනස්ම කලාවක්, සමහරවිට විදේශිකයන්වෙන අපිට කම්මැලි හිතෙන්න පුලුවන් ඒක බලද්දි, අනිත් අතින් TV එකේ බලල කබුකි බලන හැඟීම දැනෙන්නෙ නෑ,

    ReplyDelete
  18. Sujeewa, ජෝතිගෙ සින්දුවෙත් හොඳට වවටාපිටාවෙ විස්තර එක්කම කබුකි බැලිල්ල ගැන තියනව නෙ..

    ReplyDelete
  19. චමිල,මම බැලුවෙ නං National Theatre- Hanzomon. හැම අවුරුද්දෙම වතාවක් හරි ඊට වඩා හරි තියනව, මේ සැරේ මම බලපු එක නං 24 වෙනිදා ඉවර උනේ, ටිකට් එක නං එච්චර ගණන් නෑ... ස්ටුඩන්ට් 1300 යෙන්. (නෝමල් ටිකට් 3800 යෙන්)

    ReplyDelete
  20. ඔන්න මේක නම් ඇඩ් එකක්

    සුනිල් අයිය... දන්නෙ නැද්ද?

    බලලා අදහසක් දෙන්නකෝ.

    ReplyDelete
  21. ඉතාම පැහැදිලි විස්තරයක්.. බොහොම ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත.. [ අර කලුපාට ඇඳගත්තු කට්ටිය ගැන ඔය ඇහුවමයි ]

    කබුකි සහ නෝ කියන දෙක හැම තිස්සෙම එකට කියවුණාට හැමෝම කතා කරන්නෙ කබුකි ගැන... ඔයාගෙ පෝස්ට් එකෙත් මුල්ම වාක්‍යය කියල පටන් ගත්තට කබුකි ගැන විතරයි කතා කලේ...

    අපි වගේ ජපානෙ හීනෙන් විතරක් පේන කට්ටිය වෙනුවෙන්වත් නෝ කියන්නෙ මොකක්ද කියල ඩිංගක් පැහැදිලි කරන්නකො..

    ReplyDelete
  22. Sujeewa,
    සින්දුවත් අහල, ඇඩ් එකත් බලල, ඇඩ් දාන්න කලින්ම ඔයාගෙ අනිත් බ්ලොග් ටිකත් බලල ආව..:)

    ReplyDelete
  23. සපතේරු උන්නැහේ,
    මම නෝ රැඟුම් ගැන ලිව්වෙ නැත්තෙ නෝ රැඟුම් දැකල නැති නිසා, ඒ හින්ද හොයාගත්ත විස්තර ටිකක් ලියන්න ගත්තත් ඒක ටිකක් දිගයි. ඒ නිසා වෙනම පෝස්ට් එකකින්...

    ReplyDelete
  24. මාත් කබුකි රංගනයක් දැකල තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි..

    අක්කේ.. අර මං කලිනුත් ඉල්ලුව වගේ ජපන් සංස්කෘතිය ගැන අක්කට පුළුපුළුවන් වෙලාවලට ලිපි පළ කරනවට ගොඩක් ස්තූතියි !

    බොන්සායි කලාව වගේ ම සමුරායිවරු ගැනත් සටහනක් පළ කරනවානම් අගෙයි...

    ReplyDelete
  25. ගොඩාක් තොරතුරැ වටිනවා.....ගොඩාාාාක් පිං....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...