Monday, June 13, 2011

අඩසියවසක නිහැඬියාවකින් පසු...(චිලි ගිනිකඳු පිපිරුම)

අඩසියවසක් නිහඬව හුන් චිලි රටේ Puyehue-Cordón Caulle ගිනිකඳු පන්තිය නැවත වරක් ක්‍රියාත්මක වෙලා, ජුනි හතර වෙනිදා... උදේ වරුවේ සිදුවුණ අනතුරු හඟවන භූ කම්පා රැසකින් පස්සෙ...හවස්වරුවෙ ගිනිකන්ද පුපුරලා...රික්ටර් මාපාංක 4.0 ට වැඩි භූකම්පන 12කුත් ඇතුළුව භූ කම්පන 230 ක් විතර සිදු වුණාලු...ගිනි කඳු පිපිරුමත් සමගින් 3000 ක් පමණ දෙනා ප්‍රදේශයෙන් ඉවත් කරගන්න චිලි රජයට සිදු වුණාලු...
ගිනිකඳු පිපිරුමෙන් නිකුත්වුණ අළුවලින් සමහර ගංගා, පාරවල්, ගොවිපොළවල් වැහිල ම ගිහින්... සමහර ඒව මීටර් බාගයක් විතර ගනකම් අළු තට්ටුවකින් වැහිලා...


A view of the Nahuel Hapi lake in Bariloche, covered by ash from the Puyehue volcano. AFP PHOTO / Francisco Ramos Mejia

මෙය රූගත කරගන්නත් වීඩියො කරගන්නත් උනන්දු වුණ අය නිසාවෙන් මෙහි විශිෂ්ට ගණයේ සේයා රූ හා විඩීයෝ පට බොහොමයක් තියනව, බොහෝ වෙබ් අඩවිවල...
මේ එවැන්නකින් ලබාගත් වීඩියෝ පටයක්...



භූ ගැබ තුළ ඇති අති දැවැන්ත පීඩනය මුදාහරින ගිනිකඳු විවරය...



තරුකැට වගෙ දිලියෙන ගිනිපුළිඟු මවන සොඳුරු දසුන...
මේ ගිනිකඳු පිපීරුමක් සමග ඇතිවන විදුලි අකුණු... Volcanic lightning කියන අපූරු සංසිද්ධිය
ගිනිකඳු පිපිරුමත් එක්ක නිකුත්වන අලු, ගල් කැබලි, ලාවා එක්කම සෑහෙන අයිස් ප්‍රමාණෙකුත් එළියට එනවලු... අළුවළා තුල මේව ගැටෙද්දි සිදුවන ස්තිථි විද්‍යුත් විසර්ජනය මේ විදියට අපිට දකින්න ලැබෙන්නෙ ඒ නිසා කියල තමයි ඒ ගැන පර්යේෂණ කළ විද්‍යාඥයො කියන්නෙ...


Volcanic lightning is seen over the Puyehue volcano. (AP Photo/Francisco Negroni, AgenciaUno)

මේ වෙද්දි ගිනිකඳු පිපිරුම හීනවෙමින් පැවතුනත් එය ලෝකයට කළ බලපෑම තවම නැවතිලා නෑ...ගිනි කඳු අළු වළාකුලු පැතිරුම නිසා චිලි, ආජන්ටිනා උරුගුවේ රටවල්වල සමහර ගුවන් තොටුපලවල තාවකාලිකව වසා දමන්නත්, ඔස්ට්‍රේලියා නවසීලන්ත කලාපයේ පවා, ලොව ප්‍රධාන ගුවන් ගමන් සේවා කිහිපයකම ගුවන් ගමන් අඩාල කරන්නත් වාලුගෝලයේ රැඳුන ගිනිකඳු අළු සමත් වෙලා...

විස්තර සහ සේයා රූ...
http://www.heraldsun.com.au/news/photo-gallery/gallery-e6frf94x-1226070116594?page=1
http://bigthink.com/ideas/38754
http://en.wikipedia.org/wiki/2011_Puyehue_eruption
http://www.flickr.com/photos/cashflowchampion/5807132621/in/set-72157626780666161/

8 comments:

  1. ඉතා වැදගත් ලිපියක්.
    තුති

    ReplyDelete
  2. ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි නංගී විස්තරයට. සිද්ධිය බලවත්, බලපෑම දරුණුයි. ඒත් ඒ සම්බන්ද ඒ.පී. ෆොටෝ ටික නම් පංකාදුයි, මේ සෙට් එකේ ෆොටෝ ගනනාවක් තිබුණා.

    පහළින් තියෙන්නේ තවත් ලින්ක් එකක්:

    http://www.theatlantic.com/infocus/2011/06/chiles-puyehue-volcano-erupts/100081/

    ReplyDelete
  4. චිලේ හි ගිනි කඳු පිපුරුමෙන් කොච්චර ස්ලෆර් ඔක්සයිඩ් ප්‍රමාණයක් stratosphere වෙතට ගියා ද දන්නෑ... ගෝලීය උණුසුම අඩුවෙන්නැති. 1991 දී පිලිපීනයේ Mount Pinatubo පිපුරුමෙන් පසු වසර 100 ක් පුරා එකතුවෙච්ච ගෝලීය උණුසුම අඩුවුනාලු.

    ReplyDelete
  5. එහෙම බැලුවාම අපේ රට ගොඩක් වාසනාවන්තයි නේද.
    වෙනදා වගේම අදත් සෑහෙන්න වැදගත් කරුණු පිරුන පෝස්ට් එකක් තමයි ඔයා දාලා තියෙන්නේ...චේජනා.

    ReplyDelete
  6. හරිම හොඳ ලිපියක් .

    ReplyDelete
  7. සටහනක් තියල ගිය ඔයාල කාටත් ස්තුතියි...

    arunishapiro
    මම දැනගෙන හිටියෙ නෑ ගිනිකඳු පිපිරුමකින් පස්සෙ ගෝලීය උණුසුම අඩු වෙනව කියල... එහෙම බලද්දි ගිනිකඳු පිපිරුමකත් ප්‍රයෝජනත් නැත්තෙම නෑ නේ ද?

    ReplyDelete
  8. වටිනා දැනුවත් කිරීමක්... ස්තුතියි

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...