Wednesday, May 25, 2011

මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්...

තිස්ස වැව්දියට රාස්සිගෙ අව්ව වැටිල...රත්තරන් පාටයි...දිලිසෙනව... 
රංචු පිටින් පීනගෙන යන කොරළි පැටව්... දැල එලන්න යන්න වෙලාව...
වැවෙන් නාල යන්න නැවතුන වන්දනා නඩ එකින් එක වාහනවලට ගොඩ වෙනව... ඉර වැටෙන්න කලියෙන් යන්න වෙන්න ඇති... 

ඒත් ඒ ඇහෙන හිනාහඬ...


තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්...
උකුළු මුකුළු සිනාහඬින් වැව්දියවර පිනා ගිහින්..
කවදාවත් නෙත නොගැටුණ සිදාදියේ අරුම සඳක්
මටත් හිතක් පහළ වුණා අමතක වී දුප්පත්කම්...
 
හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා 
ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා 
කොරළි පැටව් රංචුපිටින් වීසි දැලෙන් පැනල ගියා 
ඈ දෙස මා නෙත්යොමාන ඔරුකඳ ඈතටම ගියා 

දිය කැටපහනට ඉහළින් පෙම් දියවර උස්ව ගියා 
මගෙ රුව ඈ නෙත ගැටුණත් සමච්චලෙන් හිනා වුණා 
ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ මැවුණ සොඳුරු හැඟුම් සොරොව්කටින් එපිට ගියා

 චාමර වීරසිංහගේ හඬින්...

12 comments:

  1. mru maru.....thissa kollek

    ReplyDelete
  2. මනුස්ස ලෝකයට ආපු හැමෝටම ලැබෙන බෙදීම් කොපමණ තිබුනත් හිතක උපදින ආදරයට ඒ කිසිවක් වලංගු නෑ. ආදරය ආදරයම තමයි.

    මම සිංදු අහන්න මාර කැමතියි. චාමරගේ සිංදු වලටත් එහෙමයි.
    මේක වෙනස්ම කෝණයකින් බලල ලියවුනු ගීතයක්.
    කොහොම උනත් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  3. මාත් සෑහෙන්න ආසාවෙන් අහන සිංදුවක්...

    ReplyDelete
  4. චාමරගෙ සින්දු ගොඩකටම මමත් ආසයි... සංවේදී හැඟීම්බර කටහඬක්...

    ReplyDelete
  5. අහ් අලුත් ගීයක්... ජය ! (ඔබේ බ්ලොග් එක කියන්නියෙක්මි. කමෙන්ට් ලියන්නට කම්මෑලියෙක්මි) :)

    ReplyDelete
  6. Thanks for sharing this nice song.
    First time for me to hear this.

    露 from 東大

    ReplyDelete
  7. ලස්සන සින්දුව චේජනා...ඇහුවෙ නම් ප්‍රථම වතාවටයි... ගැමි කටගඩක් උරුම චාමරගේ හඩ පද වලට හොදට ගැලපෙනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
  8. හරිම ලස්සන සින්දුවක් නංගියේ. ආදරයක මහිම විදින්නට සීමා වැටකොටු කුමටද? ලොවේ කොතැනක කොහොම හිටියත් දැනෙන ආදර සුවඳ හරිම සොඳුරුයි. ඒ ගැන හරිම අපූරුවට ලියවුන පැදිපෙළක් මේ. ගායනයේ තියෙන හැගීම් බර බව නිසා ඒ ගීතයේ සොඳුරු බව තවත් වැඩිවෙලා කියල මට හිතෙනවා.

    ReplyDelete
  9. මේ සිංදුවට මමත් ලැයික්....!!

    "මගෙ රුව ඈ නෙත ගැටුණත් සමච්චලෙන් හිනා වුණා"

    ReplyDelete
  10. "ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ලිහිණි රෑන.."
    අපේ ගම් පලාත ගැන චාමර වීරසිංහ කියන මිහිරි ගීයක්...

    අහනවනං මෙතනිං පුලුවං

    ReplyDelete
  11. හේරත්, ස්තුතියි ලින්ක් එකට.. මම ඒ සින්දුව අහල තිබ්බෙ නෑ..

    ReplyDelete
  12. හිතේ මැවුණු සොඳුරු හැගුම් සොරොව් කටින් එපිට ගියා!
    මේක තමි මේ පද මාලාවේ තියෙන බලවත්ම වචන ටික,පොඩ්ඩක් හිතල බලන්න!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...