Wednesday, May 11, 2011

කඳුමුදුනට නැග සඳ මඬලේවත් ලියාතියන්න ද මගේ කවී...



මේඝ වළාවක ලියා එවනු බෑ
ඔබෙ සෙනෙහස ගැන කියන කවි
මගෙ සෙනෙහස ගෙන සිව් සිය ගව් දුර
මේඝ වළාවට යන්න බැරී

ෆුජි සිඹින හිරු මඬලෙ ලියනු බෑ
ඔබෙ සෙනෙහස ගැන කියන කවී
මා අමතක කර, ෆූජිට ඒ කවි
හිරු කොඳුරනු මට අසනු බැරී

අඳුරු නිශාවේ ඔබ මා දෙදෙනගෙ
නෙත විසිතුර වී නැගෙනු රිසී
සඳ මඬලේවත් කඳුමුදුනට නැග
ලියාතියන්න ද මගේ කවී

8 comments:

  1. මේ පදපෙල තුලින් බොහෝමත්ම ගෞරවනීය දෙමාපිය වරුණාවක් දකින්නෙමි.

    ReplyDelete
  2. බොහෝ වෙලාවට සඳ සමග අපේ ලොකු සම්බන්දයක් තියෙනවා නේද කියල මට හිතෙනව. හරිම ලස්සනයි නංගියේ පද පෙල.

    ReplyDelete
  3. අම්මාගෙ සෙනහස ගැන වගේ මට තෙරුනේ ...
    මගේ කවි/නිසදැස් තේරුම් ගැනීම නම් හරිම දුර්වලයි.
    ඒත් පද ටිකනම් හරිම ලස්සනයි.

    -露 from 東大

    ReplyDelete
  4. පාලුවේ ගතකරන වෙලාවක දෙමාපිය සෙවනේ සුවය මතක් වෙලා ඉහිලුම් නැතුව ලියවුනක් කියලයි හිතෙන්නේ

    ReplyDelete
  5. අද ටිකක් සනීප මදි නිසා මට ගෙදර මතක් වුණා. පස්පංගුව තම්බල බොද්දි.. ගෙදර දි නම් ඉතින් අසනීප වුණාම ඕව හදාගෙන බොන්න වෙන්නෙ නෑ නෙ.. අඩුම ගානෙ ලංකාවෙ හිටිය නම් ගෙදර යන්නවත් තිබුණ නෙ කියල හිතුණ..

    ඒත් කැපවීමෙන් කරන හැම ආදරයක් ගැනම මෙහෙම ලියන්න පුළුවන් කියල ආයෙමත් කියවද්දි මට හිතෙනව...

    ReplyDelete
  6. මා දුටුව දෙමාපියන් ගැන ලියවුන වෙනස්ම විදියක පැදි පෙලක්. කොතැනකවත් අම්මා තාත්තා කියන වචන දෙක නෑ. ඒත් පැදි පෙල අවසානයේදි අපේ හිත නවතින්නෙ අපේ දෙමාපියන්ගේ ආද‍රය ලගින්. ඇත්තටම හ‍රිම අපූරුයි අක්කා.

    ReplyDelete
  7. "මගෙ සෙනෙහස ගෙන සිව් සිය ගව් දුර
    මේඝ වළාවට යන්න බැරී"
    හරිම ලස්සනයි..හිතට තදින්ම දැනෙන පද පෙලක්...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...