Tuesday, March 1, 2011

ජපන් කෑම... (Soba, Udon and Tempura)

ජපන් කෑම අතරෙ නූඩ්ල්ස් වර්ග ගණනාවක් තියනව... ලංකාවෙත් තියෙන ක්ෂණික නූඩ්ල්ස් වර්ග, ස්ගැගටි, මැකරෝනි ඇරුණම ඉතිරිවෙන නූඩ්ල්ස් වර්ග තමා, සොබා සහ උදොන්...උදොන් කියන්නෙ ජපානෙ තියන ටිකක් මහත නූඩ්ල්ස් වර්ගයක්... සොබා නම් සාමාන්‍ය ප්‍රමාණෙ නූඩ්ල්ස් වර්ගයක්...


සොබා වර්ගත් කීපයක් ම තියනව... ඒ වගෙම ඒව වියළි නූඩ්ල්ස් විදියට වගෙම...තම්බල වතුර ඇරල ගත්ත තෙත් නූඩ්ල්ස් විදියට... එහෙම නැත්නම් තම්බල ෆ්‍රීස්z කළ නූඩ්ලස් විදියට විකුණන්න තියනව... උණුවතුර ටිකකට දාල හරි, මයික්‍රොවේව් කරල හරි අරගෙන කන්න පුළුවන් වෙන්න...ගෙදර ගෙනත් හදනව නම්...

සොබා හදන එක විදියක් තමයි යකි සොබා කියන්නෙ...මේ විදියට හදපු සොබා වියළිවට තියෙන්නෙ... අපි තෙම්පරාදු කරල නූඩ්ල්ස් හදනවට සමානයි...ගොඩක් වෙලාවට සකුරා මල් බලන්න ගියාම, ගිම්හාන මල්වෙඩි සංදර්ශන තියෙන තැන්වල, මේ විදියට හදපු යකි සොබා විකුණන පුංචි කඩ තියනව... යකි සොබාවලට දාන්නෙ ගෝවා... ආයෙ මුංඇට පැලවෙලා එද්දි එන පැල වගේ ජාතියක්...මෙහේ මොයශි කියනව ඒවට...සහ ඌරුමස් තමයි හුඟක් වෙලාවට...ඒත් කැරට්, ලූනු එහෙමත් දානව... ඒකට දාන සෝස් පැකට් එක තියෙන්නෙත් පව්ඩර් එකක් විදියට...ඒක කුරුඳුයි සීනියි මිශ්‍ර වෙච්ච මිශ්‍රණයක් සුවඳයි... ඒ රසයි... ඒත් ඒක දාල ඉව්වම සොබාවලින් එන්නෙ ලුණු රසක් විතරයි...හදල ඉවර වෙලා ඒක දෙද්දි රෝස පාට ඉඟුරු කෑලි ටිකකුත් උඩින් තියල දෙනව...

උඩ පින්තූරෙ තියෙන්නෙ යකි සොබා...
ඒ ඇරුණම කඩේකින් සොබා හරි උදොන් හරි කන්න ගන්නව නම් උණුවෙන් වගෙම සීතලට දෙවිදියට ම කන්න ගන්න පුළුවන්... උණුවෙන් කන්න ගන්නව නම් උණුවතුරයි සෝසුයි, නූඩ්ල්සුයි දාපු ලොකු කෝප්පයකට... සීතලට කනව නම් සෝස් වෙනම ගෙනත් දෙනව පොඩි කෝප්පෙකට, නූඩ්ල්ස් අයිස්වලට දාල තියල සීතල ක‍රල ගෙනත් දෙනව... විශේෂයෙන්ම ගිම්හාන කාලෙදි සීතලට නූඩ්ල්ස් කන්න ජපන් ජාතිකයො කැමතියි...මේ සෝස්වර්ගය ට්සුයු (Tsuyu), ඒක සෝයාසෝස් සහ මාළු ස්ටොක් එකක මිශ්‍රණයක්...ඊට පස්සෙ පොඩිවට කපපු ලූනුකොළ... තවත් මේක උඩට එකතුකරන එකේක ජාති ගොඩක් තිබුණත් ප්‍රධාන වශයෙන් සොබාවලට එකතු කරන්නෙ ඔය දේවල්... 

මේ තියෙන්න අපි සීතලට සොබා කන්න හිතුවොත් ලැබෙන විදිය... සොබා නූඩ්ල්ස් ටික ටික අරන් අර කෝප්පෙ තියෙන සෝස් එකට දාල අරගෙන කන්න ඕනෙ...

මේ පින්තූරෙ තියෙන්න අපි උණුවෙන් කන්න ගත්තොත් ලැබෙන උදොන් කෝප්පයක්...ලූනු කොළත් කපල දාල සෝසුත් දාල...

උදොන් සහ සොබා එක්ක ගොඩක් වෙලාවට කන්න ගන්න දෙයක් තමයි තෙම්පුරා කියන්නෙ... පොඩිවට කපාගත්තු එළවලු මිශ්‍රණයක් හරි, ඉස්සො, මාළු වගෙම එළවලු අතරින් බතල, නෙළුම් අල, බර්ඩොක් අල, කැරට්, වට්ටක්කා, ලූණු, හතු... වගේ හැම දෙයකින්ම තෙම්පුරා හදනව... තෙම්පුරා හදන්නෙ මේ එළවළු, පිටි මිශ්‍රණයක ගිල්ලවල බැදල... සෝයා සෝස් එක්ක තෙම්පුරා කන්නෙ... සෝයා සෝස්වල ලුණු රස වගෙ සැර රසත් එකතු වුණාම තෙම්පුරා රසයි... ජපන් කෑම අතරෙ තෙම්පුරාත් මම කන්න හුරුවුණ කෑමක්... පැත්තකින් පොඩි සෝයා සෝස් භාජනේකුත් එක්ක මේ තියෙන්නෙ තෙම්පුරා... ඒත් නරකම දේ මේ බැදපු තෙම්පුරා සමහර වෙලාවට අර උදොන් භාජනේ උඩින් පෙඟෙන්න තියල දෙන එක... මම හිතන්නෙ මම ඒක එපා කියන්න දන්නෙ නැති නිසා වෙන්න ඇති එහෙම වෙන්නෙ...

13 comments:

  1. ජපානෙ ගියදාක කන්නම්......

    ReplyDelete
  2. මම හිතන්නෙ මේ සමහර ඒව දැන් ලංකාවෙ තියනව.. ඒත් මේව එච්චර රස නම් නෑ හොඳේ... :-)

    ReplyDelete
  3. මම නම් වැඩියෙන්ම කැමැති Tempura වලට (සොබා, උදොන් සහ ටෙම්පුරා වලින්). ඒ වුනාට favourite නම් සුෂී, සශිමි තමයි.

    -露 from 東大

    ReplyDelete
  4. Tempura කන්න නම් මමත් කැමතියි... ඒත් ඔය ඔක්කොමට වඩා මම නම් අර --- අක්ක හදල දෙන විදියට කිරිකොසුයි, හාල් මැස්සො තෙල් දාලයි කන්න කැමතියි...

    ReplyDelete
  5. මම නම් නංගි මේ තෙම්පුරා හා උදොන් කාල තියෙනව. මේව අපිට කන්න ලැබුනේ අපි සුපස්ටාර් වර්ගෝ නැව ලංකාවට ආපු වෙලාවෙ දින හතරක ගමනකට සහභාගී උනා. ඒ නැවේ තිබුනා ජපන් ආපන ශාලාවක්. ඒකෙදී අපිට ලැබුනා විවිදාකාර කෑම වර්ග වල රස බලන්න. මම වැඩිය ජපන් කෑම වලට කැමැත්තක් නැහැ. නමුත් මම හරිම කැමතියි එහේ තියෙන මුහුදු පාසි ඔතල තියෙන ක්‍රීම් ක්‍රරැකර් වගේ පුංචි බිස්කට් ජාතියට.

    ReplyDelete
  6. හුඟක් වෙලාවට ලුණු රසේ වෙනස් ප්‍රභේද විදියට දැනෙන ජපන් කෑම ලංකාවෙ කෑම හුරු වෙලා තියෙන අපිට රසයි කියල දැනෙන්නෙ නෑ අක්කෙ. එයාලට නම් ඒ රසවල්වල වෙනස දැනෙනව, එයාල තුනපහ රසට හුරුනැති නිසා.

    ReplyDelete
  7. කට්ටිය හිතනව ඇති නේද අක්කෙ පේන විදියට රසත් ඇති කියල.

    ReplyDelete
  8. ඒක තමා මම කලින්ම ලිව්වෙ ඒව රස නෑ කියල... ඔය ඉඟුරුවල ලස්සන රෝස පාට නිසා මම මුලින්ම හිතුවෙ හරී...ම රස ඇති කියල...
    ඒ වගේ සුවඳයි රසයි පාටයි මැච් නොවෙන නිසා එක කටක්වත් කන්න බැරි කෑමවලට මම හරියට ආස වෙලා තියනව මුලින්...

    ReplyDelete
  9. ජපන්නුන්ට හරියට කෑම එකක්වත් හදාගන්න බෑනෙ...

    ReplyDelete
  10. මෙතන තියන කෑම වලින් මම වැඩිපුර කැමති යකිසොබා වලටයි සීතල සොබා(Zaru soba) වලටයි.Zaru soba සෝස් එකට වසබි(http://en.wikipedia.org/wiki/Wasabi) දාලා කද්දි හරිම රසයි.තෙම්පුරා වලට නන් විශේෂ කැමැත්තක් නෑ. ඔයා කිව්ව වගේ ලංකාවේ මාලුපිණි එක්ක බත් කාපු අපට මුලින්ම මේවා කද්දි මෙලෝ රහක් නෑ. ටික කාලයක් ගියහම තමයි පොඩ්ඩක් රහක් කියල එකක් දැනෙන්නෙ.
    @ හරී
    ලංකාවෙත් ජපන් කඩ තියනවා කියලා අහල තියනව. ඒත් ගිහින් නම් නෑ. ට්‍රයි එකක් දීලා බලන්න :)

    ReplyDelete
  11. චමිල, මට නම් තාමත් ඕවයෙ ලොකු රසක් දැනෙන්නෙ නෑ, ඒත් කරන්න දෙයක් නැති වෙලාවට ඔය මොනාහරි කන්න පුළුවන් තරමට දියුණු වෙලා... ; )
    වසබි ගැන විස්තරේකුත් එක්ක ම සුශි සශිමි ගැන විස්තර ඊළඟ සටහන ට එකතු කළා...

    ReplyDelete
  12. යාලු තෙම්පුරා සෝස් කියලා කියන්නේ එළවලු තෙම්පුරා දාන එක තම එපා වෙන්නේ
    ඕගොල්ලෝ ඔය තෙම්පුරා කෑවටඕවා හදන චෙෆ්ලගේ අත පිච්චිලා තියෙන්නේ

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...