Friday, March 4, 2011

Life in water...

ජලජ පැළෑටි...
ලන්කාවෙ ඉන්දෙදි වැඩිය දකින්න, අල්ලන්න නොලැබුන ජාතියක්...බොල්ගොඩ ගඟේ වැවෙන තඩි ජපන් ජබර ගස් එහෙම ඇරුණකොට... ගෙදර යද්දි නෙළුම් විලක් දකින්න ලැබුණත් ඒකට බහින්න ලැබෙන්නෙ නෑ...පුංචිම කාලෙ එකම එක සැරයක් ගෙදර අයට හොරෙන් ඒකට බැහැල පොඩි කුමුදු මලක් කඩා ගනිද්දි කටුවක් ඇනිල තුවාල වෙලා ගෙදරටත් ආරංචි වුණ නිසා ඒකට බහින්න බයයිත් එක්ක...
ඒත් ජපානෙට ආවම නම් ජලජ පැළෑටි දකින්න ලැබුන වගෙම, වවන්න, බලාකියාගන්නත් සිද්ද උණා...
ඒව වවන එකත් එක අතකින් සතුටක්, අනිත් අතින් වගකීමක්... කොහොමටත් පැල වවද්දි ඒව තමන්ගෙ වරදින් නොහොයන නොබලන නිසා මැරුනොත් දුක හිතෙනව...ඒ හින්ද වතුර හිඳෙන්න නොදී ඒව බලාගන්න ඕනෙ...
වතුරෙ හැදෙන ගස් වතුරෙ රඳන ප්‍රධාන විදි තුනක්.. වතුරෙ පාවෙන, වතුරෙ ගිලෙන ඒ නැත්නම් වතුරෙන් උඩට මතුවෙන පැල විදියට... සැල්වීනියා, ඩක් වීඩ් වගෙ ඒව වතුරෙ පාවෙනව... නෙලුම්, කැට්ටේල් වගෙ ඒව පතුලට මුල් ඇදල තියෙද්දි කොළ සහ කඳ වතුරෙන් උඩ මතුවෙනව... ඉලෝඩියා, වැලිස්නේරියා වගෙ ඒව සම්පූර්ණයෙන්ම වතුර යට හැදෙනව...හුඟක් වෙලාවට අපි මාළු ටැංකිවලට ගන්නෙ සම්පූර්ණයෙන්ම වතුරෙ යට හැදෙන පැල...
ජලජ පැළෑටි අතරින් මම හුඟක් ම ආසාවෙන් බලාගත්ත ජාතියක්... ඇල්ගී... මම ඉස්සරවෙලාම හදාගත්තෙ ඒව නිසා...අනික ඒව හදාගන්න අමාරුත් නිසා... ඇල්ගී කිව්වට ඒව පෙනුමෙන් අනිත් පැල වගේ...Characeae පවුලට අයත්...


ඒත් මුලින්ම ලංකාවෙන් හොයාගත්ත නිසා Chara zeylanica කියන නම ලැබුන විශේෂය මම දැකල නෑ...

ඒ ඇරුණම Egeria densa, Vallisneria වගෙ ලස්සන පැල වර්ග මා ගාව තියනව... හුඟක් ම මාළු ටැංකිවලට දාන ගස් ඒව...

මාංශ භක්ශක ජලජ පැළෑටි තියනව කියල ඒත් මේ මෑතක් වෙන තුරුම මම දැනගෙන හිටියෙ නෑ... ඒකත් දවසක් වෙන දේවල් හොයද්දි මට අහම්බෙන් අහුවෙච්ච දෙයක්...ඒත් දැක්ක වෙලෙම ඒක මතකෙට එකතු කළා පස්සෙ වෙලාවක හොඳට හොයන්න...

Aldrovanda vesiculosa - මේ එයින් එකක්...
ආසියාව, අප්‍රිකාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාවට ආවේණික උනත් දුර්ලභ පැළෑටියක්...
Venus fly trap වගෙම වැහෙන උගුලක් ඒකටත් තියනව...



 Utricularia australis - ඒ තවත් එකක්... ඕකිඩ් මලකට හුරු ලස්සන මලක් පිපෙනව... ඒත් ඉඩක් ලැබුණම ඉස්ගෙඩියො, මදුරු කීටයොව එහෙමත් අල්ලගෙන කනව...ශාක රාජධානියේ ආශ්චර්යමත් නිමවුමක් විදියට සැලකෙන මේ පැළෑටියෙ තියන උගුලට අහුවුණාම...









ඒත් ජල දූෂණය එහෙමත් නැත්නම් වතුරට නයිට්‍රජන්, පොස්පරස් බොහෝ සෙයින් එක්වීම (Eutrophication) නිසා, ජලයේ ජීවත්වන මේ ශාක හා සත්ව විශේෂත් ක්‍රමයෙන් අවදානමට ලක් වෙලා... ඒ වෙනුවට ජීවයට විෂ සහිත දේ මුදාහරින, ජලය පානයට නුසුදුසු කරවන ජීව විශේෂවල ගහණය වැඩිවෙමින්...


11 comments:

  1. Utricularia is very common water plant in sri lanka. it is widely distributed from the lowland to montane zone.

    ReplyDelete
  2. ඒක තමා මට ඒ මල දැකල හුරුයි... ඒත් පැලේ කොයිවගෙද කියල මට මතක නෑ...

    ReplyDelete
  3. අනේ මන්දා චේජනා,
    මං ඔයා යාළුවෙක් කියල ආශ්‍රය කළාට මං දැනං හිටියෙ නෑනෙ ඔයා විනෝදෙට පැල හිටෝන එක්කෙනෙක් කියල. නරකද ඔය මූදු පැලෑටි වවන එකේ මිරිස් පැලයක් , කරපිංච පැලයක් හිටෝ ගත්තනං.

    අනිත් එක මමයි ලොකු අයියයි මෙච්චර මහන්සි වෙලා බබාට නම් හෙව්වෙ. ඔයා අර මොකද්ද දුනු බැහැපු නමක් කිව්ව මිසක්, නිකමටවත් මේ ලස්සන නමක් මතක්කළේ නෑ නෙ.
    බලන්ඩ ,
    Chara zeylanica
    Egeria densa,
    Vallisneria
    එකක් දැම්මනං බබා කොච්චර සතුටු වෙයිද ? කමන්නෑ ඉතිං
    ඔයාට ජයවේවා

    මීට
    අගුණ බණ්ඩා දිසානායක

    ReplyDelete
  4. දූ පැටියට නමක් තියල ඉවර වුණ එක ගැන පුදුම සතුටක් දැනෙන්නෙ, මේ කමෙන්ට් එක කියෙව්වම, නැත්නම් ඉතින් මේ විදියට දකින දකින ඒව දූගෙ නම විදියට තියන්න හිතෙන ලෙඩේ කොහොම කෙළවර වෙලා අගුණ බණ්ඩගෙ දූ පැටියට මොකක් නම විදියට ලැබෙයිද දන්නෑනෙ... :)

    ReplyDelete
  5. දැණුමට ගොඩාක් දේ එක්කල පොස්ට් එකක්. බොහෝම ස්තුතියි නංගී විස්තරයට.

    ජෛව විවිධත්වය පවතින්න දිය ගොඩ හැමතැන පුංචි පැලයක් පවා මොනතරම් කාර්යයක් කරනවද? ඒවා අතර ඇති තුලනයට බාධා වුනාම වෙන්න ඇති පරිසරයට හානි වෙන්නේ.

    අපේ රටට ආවේණික පැලෑටි මොනතරම් නම් තියෙනවද? ඒවා zeylanica වගේම ceylanica යන නමිනුන් හැඳින්වෙනවා. ලඟකදී එවැනි පැලයක් ගැන සොයද්දි කියන Plumbago zeylanica (iliee) පැලය ගැන දැනගත්තේ, ඒත් පැලයේ නම වෙනස් වෙලා තියෙන හැටියක්. විස්තර පහත ලින්ක් එකෙන්:

    http://www.hear.org/starr/images/species/?q=plumbago+zeylanica&o=plants

    මුහුදේ ඉන්න අපේ අයෙක් Phyllidiella zeylanica:

    http://www.seaslugforum.net/find/phylzeyl

    ReplyDelete
  6. වලට උද්භිද විද්‍යාව කරත්දි කියෙව්වට පසුව අද තමයි නංගි ආයෙත් මේව ගැන කියෙව්වේ. හරිම ආසාවෙන් කියෙව්වා. දැනුම ලබාදීම ගැන ගොඩාක් ස්තූතියි. කාලයක් ගත උනත් සොදුරු අතීතයකට පිය නගන්නට හැකි උනා. සමහර ඇල්ගී ජපානයේ ආහාරයට ගන්නවා නේද?

    ReplyDelete
  7. hai..this is the first time , i come in your blog..i also start to read blog from last week (same as u)...try to read any one in our language....meet the blog...but next week i go to sri lanka....and i am also interest about the aquatic filed..this is the good blog

    ReplyDelete
  8. ගල්මල් අය්යෙ,
    මම ඉස්සර ඉඳන් ජීව විද්‍යාව ඉගෙන ගෙන නැති නිසා මට මේව ගැන ගැඹුරු දැනීමක් නෑ, ඒත් මම තනියම ම ඉගෙනගත්ත මේ දේවල් සින්හලනෙ ලියද්දි මට ආසයි..ඒ නිසා මේ ටික ලිව්වෙ... අය්යත් ඒ සටහනට ලංකාවට ආවේණික විශේෂ ගැන එකතු කරල ගිය සටහනට ස්තුතියි...

    ReplyDelete
  9. Chandi අක්කෙ,
    ඔයා මේ දේවල් මට වඩා දන්නව වගෙ නේ... ජපානෙ මුහුදු ඇල්ගී ආහාරයට ගන්නව. අර මම දවසක් කිව්ව නොරිකොළ හදන්නෙ මුහුදු ඇල්ගීවලින්... ඒව වවනව ජපානෙ චීනෙ කොරියාව වගෙ රටවල්...

    ReplyDelete
  10. කමල්

    හිටිගමන් සින්හලෙන් ලියපු දෙයක් අහුවුණාම ඔයාට සතුටු හිතෙන්නැති නේද... ලංකාවට ගිහින් ඇවිත් එහෙම හෙමිහිට සිංහල ඉන්ස්ටෝල් කරගෙන එන්න අපි සින්හලෙන්ම කතා කරමු...
    වතුරෙත් ගොඩබිමත් දෙකේම පැළෑටිවල ජීවිතේ මම හුඟක් ආසම දේවල්වලින් පිරිලා...

    ReplyDelete
  11. චේජනා ඔයා කොහොමද මේවා ගැන මෙච්චර දන්නේ ? මට හිතෙනවා ඔයා මේ දේවල් ගැන ගැඹුරින් අධ්‍යනය කරලා තියෙනව කියල.
    ඔයා මේවා ගැන research එකක් කරනවද ?
    "වගෙ ලස්සන පැල වර්ග මා ගාව තියනව... "

    මොකද මමත් මේවා ගැන ගොඩක් study කලා.

    good luck on your research

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...