Wednesday, February 23, 2011

ජපන් කෑම... (Curry rice and onigiri)

ජපානෙ ගැන එකේක දේවල් මගෙ අතින් ලියවුණත් ජපන් කෑම ගැන කිසිම දෙයක් මගෙ අතින් ලියවිලා ම නෑ... ආසියාතික රටක්, බත් කන රටක් වුණත් ජපානෙ ආහාර රටාව හුඟක් ම වෙනස්... මුලින්ම ජපන්නු කන ඕනම විදියකට අමුවෙන් හරි කනව කියල ජපානෙට ආවට, මෙහෙට ආව අලුත ජපන් කෑම කන්න ගිහින් බඩගින්නෙම ඉන්දෙදි කෑම එක එපා වෙලා ගෙදර ඇවිත් උයාගෙන කන්න ම සිද්ද වෙන තරම් ජපන් කෑමවල රස වෙනස්...

අපේ කෑම රටාවට ආසන්නම ජපන් කෑම 'කරෙ රයිස්', දේශීය ජපන් කෑම වේලක් නොවුනත් කරෙ රයිස් ජපන් කෑම අතරට එකතු වෙලා ශතවර්ශයකට වඩා වැඩි කාලයක් ගත වෙලා ගිහින් තියනව කියල තමා කියන්නෙ... ඒත් කරෙ රයිස්වල දුරු තුනපහ රස ඉස්මතුවෙන රහක් තියෙන්නෙ... මිරිස් රසට වඩා... ඒ නිසාම කරෙ රයිසුත් මට කන්න ආස හිතුන කෑමක් උනෙ නෑ... පිඟානෙ පැත්තකට බත් බෙදල අනිත් පැත්තට ඒ කරෙ රයිස් සෝස් එක දාල දෙනව... කොහොම උනත් වෙන කරන්න දෙයක් නැති වෙලාවක සාමාන්‍ය මුදලකටත් බඩ පිරෙන්නත් කන්න පුළුවන් කෑම වේලක් මේ...ඒ නිසාම හුඟක් කරෙ රයිස් කඩ දුම් රිය පොළවල් ආසන්නෙ තියනව...


ජපන් කෑම අතරෙ මුහුදු පැළෑටි ආහාරයටත් ප්‍රධාන තැනක් තියනව... කොහොමටත් මුහුදෙන් ලබාගන්නා ආහාර ජපන් ආහාර අතරෙ ප්‍රධානයි... ආහාරයට සුදුසු මුහුදු රතු ඇල්ගීවලින් හදන නොරිකොළ ජපානෙ බොහොමයක් ආහාරවලදි පාවිච්චි කරනව...


නොරි කොළ කඩදාසි කොළ වගෙ... හරිම ගුණයි කියල කියනව... නොරිකොළ හදන්න රතු ඇල්ගී වවනව මූදේ... ජපානය, චීනය හා කොරියාව මේ නිශ්පාදනයේ ප්‍රමුඛයින්... වවල, අස්වනු නෙලල. සකස් කරල එන මේ අවසන් නිෂ්පාදනය කඩදාසි කොළයක් වගේ... කළු පාටට හුරු කොළ පාට...

විශේෂයෙන්ම 'ඔනිගිරි' කියල ජපානෙ කියන ප්‍රසිද්ධම ඉක්මනින් කන්න පුළුවන් ඕනෙ තැනකදි හොයාගන්නත් පුළුවන් ත්‍රිකොණාකාර බත් ගුලි ඔතන්නෙ මේ 'නොරි' කොළවල...රතු ඇල්ගී වේලල හදන මේ කොළ කද්දි මාළු රසක් වගෙ දිවට දැනුනත්, ජපානෙ තියන මම කැමතිම කෑම නම් 'ඔනිගිරි', ඕනම හදිසි වෙලාවක,  ඕනෙම 'convienient shop' එකකින් හදිස්සියට අරගෙන කාල දවස් ගත කරන්න පුළුවන් නිසා...(අනිත් අතින් ඔනිගිරි කෑවම අද බත් කන්න වුණෙ නෑ නෙ කියල හිතල දුක් නොවී ඉන්නත් පුළුවන් නිසා...)

13 comments:

  1. අන්න මම ආස ලිපියක්...
    හැබැයි මේ මදි..?
    හෙට අනිද්දට ජපානේ පැත්තේ රවුමක් දාන්න හිතං ඉන්නේ..ඒ ආවම කන්න බොන්න කලින් දැනගෙන ඉන්න එපැයි

    ReplyDelete
  2. හෆොයි ආපු මුල් දවස් වල ඔනිගිරියි,නූඩ්ලසුයි තමා.සෝබ එහෙම දන්නවනෙ.හැබැයි මේ කෑම වලට ලෙඩ නම් නෑ.

    ReplyDelete
  3. තව ටිකක් දිගට ජපන් කෑම ගැනත් ලියන්න හිතන් ඉන්නෙ... ඒත් ඉතින් ඔක්කොම එක සැරේට ලියන්න මට බෑ නෙ...

    ReplyDelete
  4. එදිරි, ලියපු එක වෙන්නැති නේද රසවත්... :-)

    දිනේශ්,
    සෝබ මම ගෙදර හදන වෙලාවලුත් තියනව දැන් නම්... ඒ වගෙම ආව අලුත් ඔනිගිරිවල නොරි කොළේ අයින් කරල කාපු වෙලාවලුත් තියනව...:-)

    ReplyDelete
  5. good post. need to explore more on foods

    ReplyDelete
  6. Oyshi desu nee..sugooiie

    ReplyDelete
  7. වෙන වෙලාවල් වලදි නොරි කොල ටික ප්ලේට් එකට දාගෙන ටේබල් එක ලඟට යනකොට හුල‍ඟෙ යන එක වලක්ව ගන්නත් මාර ගේමක් දෙන්න ඕනෙ...හික්......

    ReplyDelete
  8. Can me make kites from Nori Kola ?

    ReplyDelete
  9. කරෙ රයිස් තමයි මගෙ නම් ෆේවරිට්. ඒකත් එක්ක කරාගෙ(ඒ කියන්නෙ කරාගෙ කරෙ ) තියනවනම් මට ඒ ඇති. මුල් කාලේ කෑවේ ඒවා විතරයි. පස්සෙ රාමෙන්, සෝබ එහෙම කන්ඩත් පුරුදු උනා. සුශි, සශිමි, බසශි(අමු අශ්ව මස් පෙති ) විතරක් නෙවේ එක පාරක් පණපිටින් පොඩි මාළු (ගප්පි ) පැටියෙකුත් කෑවා(කෑවා නෙවේ ගිල්ලා)
    අනිත් කෑම ගැනත් ලියන්න. නත්තො ගැන එහෙම ;)

    ReplyDelete
  10. ම්ම්.. ඔයා නම් ඕනම දෙයක් තියන විදියට කනව වගෙ.., මම නම් උයාගෙන කන එක තමා වැඩිය කරන්නෙ...

    ReplyDelete
  11. තව ජපන් කෑම වර්ග සිය දහස් නණනක් තියෙනවා නේ, ඒත් කවදාවත්ම රස බලන්නවත් හිතෙන්නැති කෑමත් තියෙනවා, නමුත් පෝෂ්‍ය ගුණයෙන් අනූනයි මේ කෑම වර්ග බොහොමයක්,සුෂි කියන්නෙත් ඉතා ගුණවත් ආහාරයක්. නමුත් අමු මස් මාලු නිසා සමහර අය කන්න අකමැති. නත්තො කියන්නෙත් ඉතාමත් ගුණදායක ආහාරයක්, එය දුගදක් හමන ආහාරයක්. ( වතුරෙ දාල සතියක් විතර පල් කරපු ඇට වර්ගයක් වගේ) මමත් මෙය ඉතා අප්‍රිය කල ආහාරයක් මුලින්, නමුත් දැන් දවසට එකක් අහාරයට ගන්නවමයි. එය ඉතා රසවත් මෙන්ම ඉතාමත් පෝෂන ගුණයක් සහිත ආහාරයක්. පෙරදිග ආහාර ප්‍රමුඛත්වය දී ඇත්තේ රසයට වුවත් ජපානයේ ආහාර වල ප්‍රමුඛත්වය දී ඇත්තේ පෝෂන ගුණයටයි.ඒ නිසා ජපන් කෑම කන්න දෙපාරක් හිතන්න එපා

    ReplyDelete
    Replies
    1. අතුරුපස වර්ග ගැන ලොග්ස් නැතිද

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...