Saturday, January 15, 2011

ශිශිරයේ දවසක...

ඉසිඹුවක් නොලබා ම දිවෙන කාලය ආයෙම ශිශිරය අරන් ඇවිත්...සීතල ම සීතලයි...මේ දවස්වල හදිස්සියෙන්වත් වැස්සොත් ඒ වැහි බින්දු හිම පියලි වෙලා පොළවට වැටේවි... මම ජපානෙට ආව අවුරුද්දෙ ටෝක්යෝ අවට ප්‍රදේශයට පුංචි පුංචි හිම බිඳිති වැටුණත් පොළවෙ රැඳෙන තරම් හිම වැටුනෙ නෑ... හිම දැකල නොතිබුණ නිසා ඒ හිම බිඳිති වුණත් මගෙ හිත බැඳගත්තෙ ලොකු ආසාවකින්...
සැහැල්ලුවට පාවෙලා එන හිම බිඳිති විසිරිලා යන අපූරුව විඳගන්න සීතලේ ගැහි ගැහි මම එළියෙ හිටිය...



හිම වැටෙනවත් එක්කම මතුවෙන ජපන් ජාතිකයන්ගෙ හිත් ගත් ක්‍රීඩාවක් ස්කීන්ග් (Skiing)... හිම මත ලිස්සා යාම... ටෝක්යෝවට වඩා ඉඩ තියෙන ඊට ටිකක් උඩින් තියෙන පළාත්වල හිම රැඳෙන කාලය වැඩි නිසාම වෙන්න ඕනෙ මේකට වෙන්වුණු ප්‍රදේශ තියෙන්නෙ නගනෝ, ගුන්මා වගේ ප්‍රදේශවල... ස්කීන්ග් දැකල තියෙන්නෙ රූපවාහිනියෙ විතරක් නිසායි, ඇතිවෙන්න හිම අල්ලන්න ලැබෙන නිසායි... යාළුවො කීපදෙනෙකුත් එක්ක ස්කී කරන්න යන්න මාත් එකතු වුණා ඒ අවුරුද්දෙ...

කිසිම කරදරයක් නැතිව හරිම සැහැල්ලුවෙන් හිම මත ලිස්සා යන විදිය දැකල තිබුණ මම හිතාගෙන හිටියෙ ඒක හරිම සරල දෙයක් කියල... උදේම පිටත් වෙලා ගිහින් මග දිගේ හිම වැටුණ කඳුමුදුන් පාරවල් පහු කරගෙන ගිහින් ගුන්මා පැත්තෙ ස්කී කරන තැනකට අපි ළඟා වුණා, උදේ 10 ට විතර... මුළු දවසම ස්කී කරල හැන්දෑවට එන්න හිතාගෙන...



එතෙන්ට ගිහින් ස්කී කරන ආම්පන්න ටිකත් අරන් ස්කී කරන තැනට ගියාම තමා මම තේරුම් ගත්තෙ ඒක කොච්චර අමාරු දෙයක් ද කියල... ස්කී කරනව තියා අඩියක්වත් ඇවිදගෙන යන්නවත් බෑ... ලිස්සල වැටෙනව... වැටිලම මට ටිකකින් ඒක එපාම වුණා... ඒත් මට ආස හිතෙන දේවල් ගොඩාක් ඒ වටපිටාවෙ නම් රැඳිල තිබුණ... හීතල ඉවසගෙන දවස පුරාම ඒ දිහාවෙ බලන් ඉන්න පුළුවන් ලස්සන කඳුවලින් ඒ පළාතම වට වෙලා තිබුණ...

ඊට පස්සෙ අවුරුද්දෙ හිම ගැන මගෙ ආසාව පුරවන්න තරම් හිම වැටුණ ගේ ළඟටම... අන්තිමට පඩි පෙලේ මම ලිස්සල වැටෙන තුරුම....
 

මේ අවුරුද්දෙත් දැන් නම් හිම වැටෙන උෂ්ණත්වය ළඟා වෙලා, හැබැයි හොඳ වෙලාවට තාම වැස්ස නෑ...


19 comments:

  1. අබුඩාබි වලටත් අංශක විසි ගනන් වල සීතලක් තියෙනවා මේ දවස්වල. වැසි වහින්න කළුකරලා අද නෙවෙයි හෙට... කියනවා වාගේ වැහි බර වලාකුළු හනි හනිකට කොහේ දෝ ඇදිලා යනවා. මේ රටේ අනික් පලාත්වලට වැස්සත් පහුගිය වසර දෙක තුනක ඉඳන් මහා යෝධ ගස් කපා හෙලන විදියට වැස්සත් උරණ වෙලා වගේ...

    රචනය සුන්දර හිමෙන් පිරි පරිසරයකට අරන් ගියා. ලස්සන පිංතූර ටික. තවත් වතාවක් ජපානයේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  2. තාම හරියට ලිස්සලා වැටුනේ නෑ...!!!!

    ReplyDelete
  3. තව ටික දවසක් යද්දි ඔයාලටත් වහියි අය්යෙ... හැබැයි වැහි වළාකුළු බර අහසක් නම් තියෙන්නෙ අව්වෙ සැර ගතියවත් අඩු වෙලා යනව ඇති නෙ...

    ReplyDelete
  4. හරියට ලිස්සල වැටිල අතක් පයක් කඩා ගන්න තුරු වෙන්න ඇති බලා ගෙන ඇත්තෙ... අනේ ද කියන්නෙ ඉතින් මේ වගෙ යාළුවො ගැන...

    ReplyDelete
  5. ඉතිං අර මුල වතාවෙං පස්සෙන් පහු ස්කීං වැඩේ අල්ලල දැම්මැයි?, එහෙම කරන්ඩ එපා ආයෙ පාරක් පොඩි ට්‍රයි එකක් දෙන්න, තිස්ස කිව්ව වගෙ හරියට වැටෙන්ඩ වත් බැරිය, හෙහ්, හෙහ්,

    ReplyDelete
  6. ආ ඔය පටන් අරන් තියන්නේ:-)

    ReplyDelete
  7. අපෝ ඔව් රවි අය්යෙ,
    මම හිතුවෙ තිස්ස අය්ය විතරයි කියල වැටිල අතක් පයක් කැඩෙන තුරු බලන් ඉන්න යාලුවො ඉන්නෙ, දැන් බලද්දි ඔය පැත්තෙ ඉන්න ඔක්කොම ඒ වගෙ නෙ... :)

    ReplyDelete
  8. අළුතෙන් පටන්ගන්න නවත්තල තිබුණෙ නෑ නේ... :D

    ReplyDelete
  9. @කමලිකා: "ඇත්තටම මට හිතාගන්න බෑ..."
    :-)

    ReplyDelete
  10. "කිසිම කරදරයක් නැතිව හරිම සැහැල්ලුවෙන් හිම මත ලිස්සා යන විදිය දැකල තිබුණ මම හිතාගෙන හිටියෙ ඒක හරිම සරල දෙයක් කියල"...

    ඒකනෙ , හැමදාම තේරුම් කරල දෙන්ඩ හැදුවට තේරුං ගන්නෑ නෙ.
    මතුපිටින් හරිම සැහැල්ලුවට පේන දේවල් කරන්ඩ ගියාම කොච්චර අමාරුද කියල :D

    ReplyDelete
  11. ඔව් නෙ යෝගි, මඩ ගැහීම උදාහරණයක් විදියට අරගෙන ඕක කියාදෙන්න ඔයා සෑහෙන ට්‍රයි කළානෙ... මම කියන්නෑ ඉතින්...

    ReplyDelete
  12. ඇත්තටම අක්කේ ඔයා කිව්වත් වගේ හිම දකින්නත් හිම මත ලිස්සල යන්නත් මටත් තියෙන්නේ පුදුම ආසාවක්..

    ඒත් කෝ ඒකට පිනක්..

    ඇත්තටම ලස්සන පින්තූර ටිකක්.. අක්කමද ගත්තේ ?

    ReplyDelete
  13. ඔව් ඔව් ඔක්කොම පින්තූර ගත්තෙ මම...

    ReplyDelete
  14. ලස්සන Photo ටික.
    Hmm... ස්කී කරන එක ලේසි නෑ තමයි ..
    ඒ වුනාට අලුත් අත්දැකීමක් නේ...

    露 (from North Thailand)

    ReplyDelete
  15. ඒක නෙ එක වතාවක් ගියේ බලන්න... :)

    ReplyDelete
  16. කාලෙකින් මේ පැත්තෙ ආවා. ස්කීන්ග් ලේසි කෙලියක් නෙවේ. මමත් කීප පාරක් කරල තියනව. දැන්නම් යන්තම් ගොඩදාගන්න පුලුවන් උනාට පළවෙනි දවසේ හිටියෙ ගස් බදාගෙන, කණු බදාගෙන, වැටී වැටී.
    ස්ලෙජින්(Sledding - http://en.wikipedia.org/wiki/Sledding) කරල බලන්න. ඒක ස්කීන්ග් වගේ කිසිම අමරුවක් නෑ. ඊට වැඩිය ෆන්.
    මම ඉන්නෙ තෝක්යෝ වලට උතුරට වෙන්න ෆුකුශිමා වල Aizu wakamatsu කියන සිටී එකේ. මෙහෙනන් හිම ඕනෙ තරම්. දොර ගාවටම පිරිලා. පේන මානෙ ස්කී රිසොර්ට්ස් 2ක් තියනවා. මේ අවුරුද්දට තවම යන්න බැරි උනා.

    ReplyDelete
  17. මම පලවෙනි වතාවටයි අන්තිම වතාවටයි දෙකට ම තමා ඒ ගියෙ.. :)


    දෙවියන්ගෙ පිහිටෙන් මේ පාර තාම මෙහාට හිම වැටුනෙ නෑ...

    ReplyDelete
  18. ඔන්න නංගි, අද තමයි ඔයාගෙ හිම පතනය තියෙන පිටුව කියෙව්වෙ. මම හිම පතනයක් මුලින්ම දැක්කෙ අපි රුසියාවට ගිය වෙලාවෙ. එදා මාත් ලොකු නංගිත් හිම බෝල හදමින් හරිම සතුටක් වින්ද. ඔයා වගෙම සීතලේ ගැහි ගැහී හෝටල් භූමියෙන් එළියට ඇවිත් අත්පා කීරි ගැහෙන කල් හිටපු හැටි මතක් වෙනව. අපේ රටේ හිම නැති නිසා ද දන්නෙ නැහැ අපි මෙපමණ ආස හිම දකින්න. කොහොම උනත් මගෙ මහත්තයා නම් කියන්නෙ ජපානේ තමයි පරිසරය ලස්සනම හිම වැවුනම කියල. මම ඔහේ ඇවිත් නැති නිසා ඔයාගෙ පින්තූර වලින් ඒ සුන්දරත්වය නම් හොද හැටි විදගත්තා. ස්තූතියි.

    ReplyDelete
  19. ඔයා දවසින් දවස ඇවිත් ටික ටික බලනව නේද අක්කෙ,
    හිමවලට තියෙන ආසාව අපිට විතරක් ම සීමා වෙච්ච දෙයක් කියල මට හිතෙන්නෙ නෑ... ශිශිරයේ පළවෙනි හිම පතනය මාත් එක්ක ඉන්න ජපන් ලමයිත් සතුටින් නරඹනව මම දැකල තියෙනව...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...