Monday, November 16, 2009

අම්මේ .....මට ගමට එන්න කුරුළු පිහා‍ටුවක් එවන්න...

මා ලොවට ගෙනෙන්නට නුඹ වින්ඳ දුක නම් මම දන්නෙ නෑ අම්මේ... මම ඒක දැක්කෙ නැති නිසා, මාව අතට දුන්නම තාත්තට හරියට සතු‍ටු හිතුනළු..
මට ඒක මතකත් නෑ... ඒත් මතක අතීතයෙ හැමදාම අම්මයි තාත්තයි මාව ලොකු මහත් කරන්න, මට උගන්නන්න වෙච්ච මහන්සිය නම් මට හොඳටම මතකයි...උදේ පාන්දරම නැගිටල බතුත් උයල බෙදල දීල පාරට ගිහින් ඇරලවල තමයි අම්මයි තාත්තයි වැඩට ගියේ..ඒ මහන්සියට නිගා නොකර මම ඉගෙනගත්ත.. ඒක තමයි මට දැනෙන ලොකුම සතුටත්...
අම්මයි තාත්තයි දාල ඇවිත් මෙහේ ඉ‍ඳෙද්දි නම් ඒත් පාළුයි... මම දන්නව ඒ පාළුව එහෙමම අම්මටයි තාත්තටයිත් දැනෙන්න ඇති.. ඒත් මගෙ වැඩ පාඩු වේවි කියල ගෙදර එන්න කියල කියන්න නැතිව ඇති...ඒත් මම නම් ගෙදර එන්න ලෑස්තියි ඔන්න....

ලේ කිරි උනිලු හද ඉපදුනු සෙනෙහසට...
ඒ කිරි පොවා මා හැදුවලු ඔබෙ තුරුලේ...
සිප්සත දුන්න පඬිවරු කී ලෙස පොරණේ..
මහමෙර වගෙ නුඹ උන්නා දිවිගමනේ..

පිය සෙනෙහසට කව් ගී ලියවුනේ නැතත්....
අත්වැට වුනේ නුඹෙ සවියයි දිවිමගට...
මවකට මුවා උනු නුඹෙ සවිමත්කමට...
මම සවිමත් උනා දිවිමග දිනන්නට...

පියඹා ඇවිත් ගව් සියගණනක් දුරට...
සිප්සත උගෙන එනවා නුඹෙ තුරුල්ලට...
නැතිමුත් ඔබ දෙපල සෙනෙහස ලබන්නට...
අම්මේ... ආදරෙද නුඹෙ දූ පොඩිත්තට...

ලොවක නොනිමෙන කෙනෙහිලිකම් මැද
සෙල් රුවක් සේ නොසැලී සිටින්නට
ශක්තිමත් දුවක් තැනු
ආදරණීය අම්මේ...තාත්තේ
මේ පුංචි කව් පද දෙකත්
නුඹ තැනූ දියණිගේ ශක්තියත්
නුඹට උපහාරයක් වේවා..!

2 comments:

  1. සිදාදියෙන් ආපසු මගෙ
    ගමට යන්න ආසයි මට
    එත් ගමට යන්නට දැන්
    පාර මතක නැත්තෙ..

    ඇත ඉදන් අතවනලා
    අම්මෙ මට ගමට එන්න
    පාර කියාපන්නෙ...

    මහගම සේකර/ ගම අමතකයි /සක්වාලිහිණි..

    මහගම සෙකරගෙ පොත් කියවලා තියනවද...?

    ReplyDelete
  2. සිදාදියෙන් ගමට යන්න
    පාර හිතෙන් මැකෙන්නෙ නෑ..
    සිදාදියේ සිරි දු‍ටුවට..
    මගෙ හිත එහි ‍රැඳුනෙත් නෑ..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...