Thursday, June 28, 2012

ආන්දෝලනාත්මක මාතෘකා...


ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන එක මම මගහරින්නෙ හිතාමතාම... වෙලාවකට මට හිතෙනව ඒක වරදක් ද කියලත්... අනිත් අතින් ඒව කතා කරන්න ගිහිල්ල ඒවට උත්තර දෙන්නත්, හිත රිදවගන්නත් මගෙ කැමැත්තක් නෑ... ආයෙම මට මෙහෙමත් හිතෙනව, ආන්දෝලනාත්මක මාතෘකා ගැන එකේක තැන කමෙන්ට් කර කර ලිය ලිය කාලෙ ගත කරනවට වඩා තමන්ගෙ තරමට, තමන්ට පුළුවන් ප්‍රමාණෙන් ඒවට උත්තරයක් හොයාගන්න ගත කරන එක ඒව ගැන ලිය ලිය ඉන්නවට වඩා හොඳයි නේද කියල...

හුඟක්ම මිනිස්සු කතා කර කර ඉන්න විතරක් කැමති මේ දේවල් ගැන අපිට කරන්න පුළුවන් දේවලුත් නැද්ද ඇත්තටම, හුඟක් වෙලාවට බුද්ධාගමට විරුද්ධව කටයුතු කරනව, බුද්ධාගම නැතිවෙන්න යනව කියල කෑගහ ගහ ඉන්නෙ නැතිව, එහෙම නැත්නං ඒ වෙලාව වැය කරල ජනප්‍රිය හාමුදුරු නමක් පස්සෙ නොයා, බුදු හාමුදුරුවො දේශනා කළා වගෙම තම තම නැණ පමණින් විමසල බලන්න බැරිද අපිට...

විශේෂයෙන්ම කිසිම ප්‍රයෝජනයක් නැතිව කාලෙ ගෙවා ගන්නත් අනිත් කෙනෙක්ට අපහාස කරන්නත් උත්සාහ කරන එක විතරක්ම කරන අන්තර්ජාලයෙ රස්තියාදු වෙන්නො කොයිතරම් ඉන්නවද කියල දැනගන්න පුළුවන් මොකක් හරි ප්‍රවෘත්තියක් ගැන කමෙන්ට් කරන්න ඉඩ දුන්න ගමන්... උඩින් තියෙන පුවතට අදාළ වෙන හරි නොවෙන හරි මොනව හරි දේවල් ටිකක් ලියල කමෙන්ට් තීරුව පුරවල තියෙනව දැක්කම ...
මිනිස්සු තමන් අවට තමන් ජීවත්වෙන ලෝකෙ සිදුවෙන දේ දැනගෙන ඉන්න ඕනෙ තමයි... ඒවගෙම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙනව... ඒත් අපි මේ කරන්නෙ ඒකමද කියල තවත් වතාවක් හිතල බැලුවොත්....

ලංකාවෙ අන්තර්ජාලය බොහෝ සෙයින් භාවිතා කරන්නො බොහෝ දෙනෙක් ඒක කරන්නෙ කාර්යාලෙදි... එහෙමත් නැත්නං උසස් අධ්‍යාපන ආයතනවලදි...ඒ වගේම ඒ ගොල්ලො බොහෝ දෙනෙක් තරුණයි...එහෙමත් තියෙද්දි,  ඒ තාරුණ්‍යය මෙහෙම කාලෙ නාස්ති කරද්දි, අපි අනිත් අයටම බැන්නට සියල්ල නිවැරදි වෙයිද කියල ආයෙම හිතද්දි මට ම හිතෙනව...

7 comments:

  1. තාරුණ්‍යය නාස්ති වන්නේ තාරුණ්‍යයට වටිනාකමක් දෙන්නට අසමත් වෙලා තියෙන නිසා..
    මං පුද්ගලිකවම කිව්වොත් මාෙග් කාර්යාලයේ මට රාජකාරි තියෙන්නෙ සුවල්ප වෙලාවයි.....ඉතිං අනික් වෙලාවෙ මං කරන්නෙ තේරුමක් නැති දේවල්...
    මං පොතක් ලිව්වොත් කාට විකුනන්නද?
    මං සිංදුවක් කලොත් කෝ ඒකට මාකට් එකක්??
    අපිට මාකට් එකක් හදල බන්දේසියෙ තියල පිලිගන්වන්නෙ නැති එක ඇත්ත...ඒත් අපිට ඒ සදහා මහා විශාල කාර්යන් රාශියක් කරන්න වෙලා තියෙනවා..මං ඒකට ආසා නෑ.... ඒනිසා ඔහේ වැනෙන්නා වාලේ වැනෙනවා විනා....කිසිවක් නෑ කරන්නට...

    ReplyDelete
  2. මේකත් පිහිය වගේ තමා. බෙලි කපන්නත් පුලුවන් පාන් කපන්නත් පුලුවන්. ඒක නිසා නිවැරදි දේට නිවැරදිව යොදා ගමු

    ReplyDelete
  3. ඕනෙම දෙයක් තමන් භාවිතා කරන විදිහ අනුව හැම දේම වෙනස් වෙනවා සහෝ..

    ජය !

    ReplyDelete
  4. හ්ම් ... ඔයත් ඉඳල ඉඳල මාර ප්‍රශ්නනේ එළියට දාන්නෙ. :)
    හැම දේකම වගේ ඔය කතන්දරෙත් දෙපැත්තක් තියනව මට පේන හැටියට. ඔන්න ඔහේ අල්ලල දාන්න යාළු. ඕව ගැන වැඩිය හිතන්න එපා අෆ්ෆා. අපිට තියන ප්‍රශ්න හොඳටම මැදෑ.

    ReplyDelete
  5. හරියට හරි චේජනා !!
    ඔන්න හිට්ස් එහෙම වැඩි වැඩියෙන් ඕන නම් අර කිව්වා වගේ සංවාදාත්මක මාතෲකා ගැන ලියන්න තියෙන්නේ !!!

    ReplyDelete
  6. මමත් කියන්නේ ඔයා කියන දේ පැහැදිලිව ඇත්ත.මොකද මේ ලගකදී ඉඳලා කවුදෝ මන්දා කෙනෙක් විවිධ නම් භාවිතා කරමින් මට විරුද්ධව මගේ උපාධි හා පශ්චාත් උපාධි වලට එරෙහිව මඩ ප්‍රහාරයක් දියත් කරමින් එයිනුත් නොනැවතී මගේ පුද්ගලික කරුණු පවා ඊට ඈඳා ගෙන මහා දරුණු විදිහට ප්‍රහාර එල්ල කරන්න පටන් අරගෙන.එතනිනුත් නොනැවතී මේ පුද්ගලයා මම පුවත්පත් වෙබ් සයිට්වලට කමෙන්ට් කරන ඒවටත් ඇවිත් ප්‍රවෘත්තිය ගැන මම කමෙන්ට් කරන තැනම ප්‍රවෘත්තියට කිසිසේත්ම අදාළ නොවන පරිදි මගේ පුද්ගලිකත්වයයි,මගේ අධ්‍යාපන සුදුසුකමුයි ප්‍රශ්න කරන පහත් මට්ටමට වැටිලා මානසික රෝගී චර්යාවක් ප්‍රකාශ කරමින් මට නොනවත්වාම පහර එල්ල කරන තරමට ඔහුලේ මානසික පෞඛ්‍ය අන්තිමටම පිරිහිලා.මට හිතාගන්නවත් බැහැ ඒ පුද්ගලයා කවුද කියලා ඔහු වරෙක ගෑනු නම්වලිනුත් මට පහර එල්ල කරනවා.වරෙක අලිබබා, ඇල්කෙමියා,ඇටිකිච්චා ආදී අන්වර්ථ නම්වලිනුත් මට පහර එල්ල කරනවා.මම පුද්ගලිකව කාටවත්ම වරදක් කරන පුද්ගලයෙක් නොවෙයි.එත් මේ පුද්ගලයා මට එලවා එලවා මෙසේ පහරදීම මටත් ගැටළු සහිතයි.ඔයා කිව්වා වගේ කරන්න වෙන දෙයක් නැති වුනාම මිනිස්සු අනුන්ට මඩ ගහලා සතුටු වෙනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
  7. චේජනා තවම මෙබ් සයිට් එකට ඇවිත් නැහැ වගේ. ඔබතුමිය ලංකාවේ ඉන්න කෙනෙක් කියලා හිතනවා.කොහොම වුනත් මේ පිටුව හරිම ලස්සනට කරගෙන යනවා.මමත් ගොඩාක් කැමතියි මේ පිටුව කියවන්න.උදේට නම් අමාරුයි.ඔෆීස් එකේ වැඩ නිසා.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...