Saturday, April 23, 2011

වසන්තය ඇවිත්...

හැන්දෑවෙ වේලාසනින් නිදාගන්න හැමදවසකම වගෙම අදත් යාන්තම් පාන්දර පහට වෙනකොට ඇහැරිල... වසන්තයට හිමි දිග දවස් ගතවෙන වෙන නිසා ඒ වෙනකොටත් බිම්කරුවල මැකිල...සිරිපොද වැස්ස වැටෙනව...


වසන්තය ඇවිත්... සකුරා මල් පිපුනට වසන්තය නොඒවි කියල හිතුව ජපානෙට වසන්තය ඇවිත්... උණුසුමත් එක්ක ම සැනසුමත් අරන්... සකුරා මල් පියවිලි පොද වැස්සට හේදිල යද්දි දුක් දොම්නස් හේදිලා යන්න ඇති... ඍතු වෙනස හිමි රටකට ලැබෙන අපූර්වත්වය ඒ... එයිනුත් වසන්තය සුවිශේෂියි... ශිශිරයෙදි මිලාන වුණ ගහකොළ වසන්තයෙ ජීවත්වෙන්න පටන් ගද්දි මිනිස්සුන්ට දුක් වෙන්න බෑ...ඉතින් මිනිස්සුත් ඒ වසන්තයෙ ආයෙම ජිවත් වෙනව... අලුතෙන්ම පටන් අරන්...

හැම ගහක් කොළක් යටම රැඳෙන මල් පියවිලිත් හිරිපොද වැස්සත් එක්ක, අවුරුද්ද දැක දැක ගෙදරින් ආව මගේ හිතේ රැඳුන දුක්ඛ දෝමනස්සයනුත් හේදිලා යන්න වගෙ හදන්නෙ... උඩුහුළඟේ ගිහින් තැන තැන රැඳුන මල් පියවිලි ආයෙම පැල වෙලා හැමතැනකම ලස්සන ම ලස්සන මල් පිපිල...උදේ පාන්දරම හිරිපොද වැස්සෙ ඔහේ ඇවිදගෙන ගිහින් ආව මගෙ හිතත් හොඳටම සැහැල්ලු වෙලා... 

සරසවියෙ මම ආසම කරන ගහ... ශිශිරයෙ මිලාන වෙච්ච ඉපල් දැක්කම මටත් දුක හිතිල හිටියෙ... ඒත් මම ආයෙ එනකොට වසන්තය අරගෙන ඇවිත් ආයෙම සරසවිය ඉස්සරහටම...



11 comments:

  1. බොහෝම සන්තෝසයි මේ පොස්ට් එක දකින්න.

    /මිලාන වුණ ගහකොළ වසන්තයෙ ජීවත්වෙන්න පටන් ගද්දි මිනිස්සුන්ට දුක් වෙන්න බෑ.../

    සෘතු වෙනස අරන් ආ ජපානයට ඉදිරියට ඇදෙන්න එමගින් කරන අනුබල බොහෝ බලපාවි, ඔවුන් සොබා දහම හා ගොඩාක් සමීප උදවිය.

    පිපෙන අලුත් මල් බලාපොරොත්තුවේ මල් පොහොට්ටු වී දහිරියේ සුවඳින් ගත සිත පුරවා පල පුදන්න හේතු වාසනා වේවා!

    ReplyDelete
  2. සිත සතුටු නම් හැමදෙයක්ම ලස්සනට පෙනේවි..
    and vice versa...

    ReplyDelete
  3. අය්යෙ..
    ගෙදරින් ඇවිත් ටික දවසක් ගිහින් නිසා දැන් නම් චුට්ටක් විතර ගෙදර අමතක වෙලා...

    ඉතින් සිත සතුටින්.. ඒ හින්දා වෙන්න ඇති වසනතය ඇවිත් කියල පෙනුනෙ...

    ReplyDelete
  4. "සකුරා මල් පිපුනට වසන්තය නොඒවි කියල හිතුව ජපානෙට"

    මොන දේ වුණත් ජපානයට වසන්තය එනවා
    ජපන්නු කොහොමහරි තමන්ගේ රටට ආපහු වසන්තය ගේනවා
    ඒක තමයි එගොල්ලොනන්ගේ හැකියව සහ කැපකිරීම

    Nice post after one month silence

    露 from 東京大学

    ReplyDelete
  5. ඔහොම තමා අක්කේ ලෝකේ. ජීවිතෙත් එහෙමයි. එකම සෘතුවේ තියෙන්නෙ නෑ කවදාවත්. සෘතු වෙනස් වීම ද‍රා ගන්න එකයි වැදගත්.
    සතුටුයි ආයේ ලිපියක් දකින්න ලැබීම.

    ReplyDelete
  6. ශා.. නියමෙට ලියල තියනවා . ඔයා ජපානේ කොහෙද ඉන්නේ.? මමත් ජපානේ තමයි.

    ReplyDelete
  7. සතුටුයි නංගිගෙ ලිපියක් දැක්කම. මටත් මේ ටිකේ ටිකක් අවිවේකයි. ඉතින් පරිසරයේ සුන්දරත්වය දකින්න මනස නිරවුල්ව තියෙන එකත් ලොකු දෙයක්. මට ඊයේ යහලුවෙකුගෙන් ආව ලිපියක ජපාන ජාතික පුතෙකුගෙ කතාවක් තිබුන. මට කඳුළු ආව ඒක කියවලා. මට ඒක මෙහි පලකරන්න පුලුවන් ද දන්නේ නෑ. මම බලන්නම්. ඔයාට මල්බර වසන්තයක්! පතනවා.

    THIS letter, written by Vietnamese immigrant Ha Minh Thanh working in Fukushima as a policeman to a friend in Vietnam, was posted on New America Media on March 19.
    Brother,
    How are you and your family? These last few days, everything was in chaos. When I close my eyes, I see dead bodies. When I open my eyes, I also see dead bodies.
    Each one of us must work 20 hours a day, yet I wish there were 48 hours in the day, so that we could continue helping and rescuing folks.
    We are without water and electricity, and food rations are near zero. We barely manage to move refugees before there are new orders to move them elsewhere.
    I am currently in Fukushima, about 25 kilometers away from the nuclear power plant. I have so much to tell you that if I could write it all down, it would surely turn into a novel about human relationships and behaviors during times of crisis.

    People here remain calm - their sense of dignity and proper behavior are very good - so things aren't as bad as they could be. But given another week, I can't guarantee that things won't get to a point where we can no longer provide proper protection and order.

    They are humans after all, and when hunger and thirst override dignity, well, they will do whatever they have to do. The government is trying to provide supplies by air, bringing in food and medicine, but it's like dropping a little salt into the ocean.

    Brother, there was a really moving incident. It involves a little Japanese boy who taught an adult like me a lesson on how to behave like a human being.

    Last night, I was sent to a little grammar school to help a charity organization distribute food to the refugees. It was a long line that snaked this way and that and I saw a little boy around 9 years old. He was wearing a T-shirt and a pair of shorts.

    It was getting very cold and the boy was at the very end of the line. I was worried that by the time his turn came there wouldn't be any food left. So I spoke to him. He said he was at school when the earthquake happened. His father worked nearby and was driving to the school. The boy was on the third floor balcony when he saw the tsunami sweep his father's car away.

    I asked him about his mother. He said his house is right by the beach and that his mother and little sister probably didn't make it. He turned his head and wiped his tears when I asked about his relatives.

    The boy was shivering so I took off my police jacket and put it on him. That's when my bag of food ration fell out. I picked it up and gave it to him. "When it comes to your turn, they might run out of food. So here's my portion. I already ate. Why don't you eat it?"

    The boy took my food and bowed. I thought he would eat it right away, but he didn't. He took the bag of food, went up to where the line ended and put it where all the food was waiting to be distributed.

    I was shocked. I asked him why he didn't eat it and instead added it to the food pile. He answered: "Because I see a lot more people hungrier than I am. If I put it there, then they will distribute the food equally."

    When I heard that I turned away so that people wouldn't see me cry.

    A society that can produce a 9-year-old who understands the concept of sacrifice for the greater good must be a great society, a great people.

    Well, a few lines to send you and your family my warm wishes. The hours of my shift have begun again.

    Ha Minh Thanh

    ReplyDelete
  8. අනුරාධ මල්ලි,

    ගොඩාක් ස්තුතියි... වෙනස්වීමට දැන් හුරුවෙලා, ඉස්සරවගෙම ආයෙම මේ දවස්වල වැඩට හිරවෙලා, :)

    ReplyDelete
  9. Chandi අක්කෙ,

    මම ඒ මුලු ලියුම ම අකුරක් නෑර කියෙව්ව...
    භූමිකම්පාවෙන් පස්සෙ සෙන්දායි ගැන මගේ මිතුරියකගේ අත්දැකීමුත්, ටෝක්යෝව අවට ගැන මගෙ අත්දැකීමුත් තිබුණත් ඒ සියල්ල විවිධාකාරයි... තරමක් පැටලිලි සහගතයි...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...