Wednesday, December 1, 2010

මන්දාකිණියක තරුවක් වූ නුඹ....




මතක ද මේ කවි පද ටික...
වසන්තය ඇරඹුමේ වෙබ් පි‍ටුවක් හරහා දවසක් ඔයා ආව හැටි...

සකුරා මල් පිපි සොඳුරු වසන්තය ඇරඹුනු ගමන්ම නේද??ඉතින්
කවියක් ලියන්න සිතුවා පමණයි සකුරා මල් පෙති පාට අරන්
මල් පාවඩ මත පිය මැන ගිය ඒ අතීතයේ මතකයන් අරන්
කොහේට පියඹා යන්න හදනවද කියන්න පුලුවන් නේද ඉතිං
April 1, 2010 8:34 AM

නාඳුනන මගෙ හිතට දැනනව ඇති කියල හිතුන දුකට සංවේදී වුණ ඔයා....

මේ තරම් රිදෙන හිත
සඟවාන ඔබ ඔහොම
කොයිතරම් කාලයක්
තව ඉන්න හිතනවද
සැලෙන එක කොලයටත්
හමන මඳ පවනටත්
වහින මහ වැස්සටත්
නොරිදවාගෙන සිත
ඉන්න හැදුවොත් ලොව
පහසුවෙයි ජීවිතය
මීට වැඩියෙන් ඔබට
ඒ මිසක් මේ ලෙසට
කඩා ගෙන වැටුනු විට
දින ගණන් අපරාදේ
ඔබේ මහඟු කාලයේ
සිතමි මම සැබෑවට
විය යුතුයි මෙය මෙලෙස
පතන්නම් රිදුනු සිතට
සමාධිය ලං වෙන්න ඉක්මනින්....
April 23, 2010 8:07 PM

වසන්තයෙ අවසානෙ... මේ කියනව  වගෙම

හිතාගන්නවත් බැරි ඉක්මනකින් කාලය අපි පසු කරන් ගියත්
"යෝගී" කියන ලෙස බැඳුනු මිතුදමත් හරිම අපූරුයි නොවෙද උවම්
කොහේ ගියත් අපි අත්වැල් අල්ලන් ඉන්නට හැකිවෙයි නේද ඉතින්
මටත් ඔහොම වෙන බව සිහිවී මම කඳුලු සැලිමි මෙය දුටුව ගමන්
April 1, 2010 8:34 AM


කලින් ම ඔයා කිව්ව වගෙම හිතාගන්න බැරි තරම් ඉක්මනට කාලය අපිව පහුකරන් ගිහින් නෙ...
හිතාගන්න බැරි තරම් ඉක්මනින් ළංවුණ ඔයාට සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරන්නම්...
ඔයාව දකින තුරු  දින ගනින ගමන් ම....

කවිකාරියේ පද අමුණනා
දුර ඉඳන් හිත ළඟ හිනැහෙනා
සොයුරියක් මේ තරම් සොඳුරු ව
දැනෙන්නේ කිම කිව මැනා






2 comments:

  1. එදා සිතුනු ලෙස සමුගෙන යන්නට
    කාලය දැන් ලංවෙලා ඉතිං
    වෙන කවදාවත් නොවුනු ලෙසින්
    සිතට දුකක් ලංවෙලා වගෙයි
    එහෙම උනත් ඉක්මනින්ම දවසක
    හමුවෙන පැතුමක් හිතේ තියන්
    නික්ම යන්නෙමි අලුත් නැවතුමක්
    සොයාන නුදුරෙම දිනෙක ඉතිං..

    ReplyDelete
  2. නුදුටුවත් කිසි දින හිත් බැඳි
    මිතු දම බෝ බලවත්
    ගමන රේල්ලුවේ නැගි
    බැස යන්නට වේ කවදත්

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...