Saturday, February 20, 2010

ජීවිතයයි සැමවිටම වටින්නේ.


සෙනෙහස පොදි බැඳ හදවත් පතුලේ
සුදු මල් පියවිලි අතුල මාවතේ..
අත් වැල් පටලා අනන්තය කරා
පිය මැන යන්නට සිහින දකින්නී..

පිපුන මලේ රුව නුඹ නොම දන්නී..
මල වට බමරිඳු ‍රැඟුම් රඟන්නේ..
මිලින වුනොත් මල බමරිඳු හැර යයි
නුඹට තවම නෑ එය වැටහෙන්නේ..

සොඳුරු යොවුන් සිත රාගය නො‍රැඳේ..
නොඉඳුල් නුඹ සිත නුඹ ‍රැකගන්නේ..
රුව සේ සුවඳ ද සු‍රැකි කුසුමමයි
සැමදා ලොව තුළ අගය ලබන්නේ..


(බිඟුවා ගෙ පෝස්ට් එක දැකල තමයි මේ සිතිවිල්ල මගේ හිතට ආවෙ..
ගොඩක් වෙලාවට ආදරේ සුන්දරයි කියල දැකල ලස්සන හීන මවල කවුරුන් හෝ අතින් විනාශ වෙන නව යොවුන් මල් කැකුලු ගැන මගේ හිතට දැනෙන්නෙ වේදනාවක්..පිපෙන්නත් කලින්ම පර වෙලා යනව..ඒත් වගකීමෙන් තමන්ගෙ ජීවිතය දිහා බලනව නම්....සුන්දර හෙටක් ඒ ජීවිතවලට උදා වේවි..)

4 comments:

  1. හරිම ලස්සනයි චේජනා,

    සිංහල වල තියෙන අගේ බලන්නකො, සංකල්පනා එක මොහොතින් නිසැඳැස්, කවි, සිංදු වලට පෙරලෙන හැටි.
    නියමයි...!

    /බිඟුවා...!

    ReplyDelete
  2. හරිම සුන්දරයි පින්තූරෙට හොදටම ගැලපෙනවා.. ඒ වගේම විරහවත් තියෙනවා කියලා මට හිතෙනවා

    ReplyDelete
  3. @ බිඟුවා..
    ස්තුතියි කමෙන්ට් එකට...
    ඔයා මතු කරල තිබුනු අදහසටත්..
    ඒක නිසානේ කවියක් ලියන්න පුලුවන් උනේ..

    @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    විරහවකුත් ඒකෙ තියෙනවා.. ඒත් ඒක අපි එදිනෙදා කතා කරන හැම යොවුන් ජීවිතේකටම වගෙ පොදු විරහව නම් නෙවේ..ටිකක් බුද්ධිමත්ව තමන්ගෙ ජීවිතය දිහා නොබැලීමෙන් ඇති කරගන්න විනාශකාරී විරහව..(මම දන්නෙ නෑ ඒ අදහස කවියෙන් ලබෙනවද කියල නම්..)

    ස්තුතියි කමෙන්ට් එකට...

    ReplyDelete
  4. රාගය තිබිය යුතුයි.. නමුත් අපි මනුස්සයොනෙ... අපෙ ඉට වඩා ඉස්සරහට ගිය හික්මිමක්... ආදරයක්, ගෞරවයක්.. බැදිමක් එක්ක තිබිය යුතුයි. මිනිස්සු රැවටෙනවා, වැරදි කරනවා.. නමුත් වැඅරදි වලට සමාවදෙන එක තමයි වඩාත්ම වැදගත් දෙ.....

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...