
සෙනෙහස පොදි බැඳ හදවත් පතුලේ
සුදු මල් පියවිලි අතුල මාවතේ..
අත් වැල් පටලා අනන්තය කරා
පිය මැන යන්නට සිහින දකින්නී..
පිපුන මලේ රුව නුඹ නොම දන්නී..
මල වට බමරිඳු රැඟුම් රඟන්නේ..
මිලින වුනොත් මල බමරිඳු හැර යයි
නුඹට තවම නෑ එය වැටහෙන්නේ..
සොඳුරු යොවුන් සිත රාගය නොරැඳේ..
නොඉඳුල් නුඹ සිත නුඹ රැකගන්නේ..
රුව සේ සුවඳ ද සුරැකි කුසුමමයි
සැමදා ලොව තුළ අගය ලබන්නේ..
(
බිඟුවා ගෙ පෝස්ට් එක දැකල තමයි මේ සිතිවිල්ල මගේ හිතට ආවෙ..
ගොඩක් වෙලාවට ආදරේ සුන්දරයි කියල දැකල ලස්සන හීන මවල කවුරුන් හෝ අතින් විනාශ වෙන නව යොවුන් මල් කැකුලු ගැන මගේ හිතට දැනෙන්නෙ වේදනාවක්..පිපෙන්නත් කලින්ම පර වෙලා යනව..ඒත් වගකීමෙන් තමන්ගෙ ජීවිතය දිහා බලනව නම්....සුන්දර හෙටක් ඒ ජීවිතවලට උදා වේවි..)