Saturday, April 23, 2011

වසන්තය ඇවිත්...

හැන්දෑවෙ වේලාසනින් නිදාගන්න හැමදවසකම වගෙම අදත් යාන්තම් පාන්දර පහට වෙනකොට ඇහැරිල... වසන්තයට හිමි දිග දවස් ගතවෙන වෙන නිසා ඒ වෙනකොටත් බිම්කරුවල මැකිල...සිරිපොද වැස්ස වැටෙනව...


වසන්තය ඇවිත්... සකුරා මල් පිපුනට වසන්තය නොඒවි කියල හිතුව ජපානෙට වසන්තය ඇවිත්... උණුසුමත් එක්ක ම සැනසුමත් අරන්... සකුරා මල් පියවිලි පොද වැස්සට හේදිල යද්දි දුක් දොම්නස් හේදිලා යන්න ඇති... ඍතු වෙනස හිමි රටකට ලැබෙන අපූර්වත්වය ඒ... එයිනුත් වසන්තය සුවිශේෂියි... ශිශිරයෙදි මිලාන වුණ ගහකොළ වසන්තයෙ ජීවත්වෙන්න පටන් ගද්දි මිනිස්සුන්ට දුක් වෙන්න බෑ...ඉතින් මිනිස්සුත් ඒ වසන්තයෙ ආයෙම ජිවත් වෙනව... අලුතෙන්ම පටන් අරන්...

හැම ගහක් කොළක් යටම රැඳෙන මල් පියවිලිත් හිරිපොද වැස්සත් එක්ක, අවුරුද්ද දැක දැක ගෙදරින් ආව මගේ හිතේ රැඳුන දුක්ඛ දෝමනස්සයනුත් හේදිලා යන්න වගෙ හදන්නෙ... උඩුහුළඟේ ගිහින් තැන තැන රැඳුන මල් පියවිලි ආයෙම පැල වෙලා හැමතැනකම ලස්සන ම ලස්සන මල් පිපිල...උදේ පාන්දරම හිරිපොද වැස්සෙ ඔහේ ඇවිදගෙන ගිහින් ආව මගෙ හිතත් හොඳටම සැහැල්ලු වෙලා... 

සරසවියෙ මම ආසම කරන ගහ... ශිශිරයෙ මිලාන වෙච්ච ඉපල් දැක්කම මටත් දුක හිතිල හිටියෙ... ඒත් මම ආයෙ එනකොට වසන්තය අරගෙන ඇවිත් ආයෙම සරසවිය ඉස්සරහටම...