Saturday, October 2, 2010

නාඳුනන අහස යට දෙවසරක්...


ඔක්තෝබර් දෙවෙනිදා, හරියට ම අද වගේ දවසක මේ රටට ආවෙ...ඒත් අද වෙනකොට මේ නාඳුනන අහස යට ගතවෙන දෙවෙනි අවුරුද්ද ඉවරයි...තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නව...ජීවිතේ යමක් කමක් තේරෙන කාලෙ වැඩි හරියක්ම ගත වුණේ ගෙදරින් පිට නිසා රටින් පිට වෙලා ඉන්න එකෙත් ලොකු අමුත්තක් නොදැනුනත් සති අන්තෙට ගෙදර යන්න බැරි ඇයි කියල හිතට පහදන්න නම් එච්චර ම පහසු වුණෙත් නෑ ආව මුල් කාලෙ...කාලෙ ගතවෙලා යනවත් එක්ක ම මම මේ රටට, මේ ගෙදරට හුරුවෙලා මේ ගෙදර රැඳෙන නිදහසට ආදරය කරන්න පටන්ගත්ත,ඒ හින්ද ම නිවාඩුවට ගෙදර ගියාම නම් මෙහේ ගෙදර මතක් වුණෙ නෑ ම කියන්න බෑ... ලංකාවෙ ඉඳල ඇවිත් මේ ගේ ළඟට එනකොට ආපහු ගෙදර ආව කියන හැඟීම හිතට ආව, කොයි තරම් දුකින් ආවත් අම්මල ව දාල...

මේ අවුරුදු දෙක ජීවිතේට පුදුමාකාර අත්දැකීම් ගොඩකුත් එකතු කළා... වෙනස් ම පරිසරයක රැඳුන සහෝදර සහෝදරියො වගේ යාළුවො... ආගම, ජාතිය ඒ විතරක් නෙවේ අපි එකිනෙකා අතර දුර, මේ කිසිම දෙයක් බැඳීම්වලට බල පාන්නෙ නැති බව මම තේරුම් ගත්තෙ මේ අවුරුදු දෙකේදි... සරසවිය තුළ බැඳුන සුවිශේෂි ම බැඳුම් අතරෙ මගේ ආදරණීය ම යෙහෙළිය සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ සංස්කෘතියක් තුල ඉපදිල හැදිල වැඩිල මෙහේදි හමුවුණ කෙනෙක් වුණත්, මගේම සොයුරිය වගේ දැනෙද්දි ජීවිතේ මොනතරම් නම් අපූරුද කියල මට හිතුණ...

ඒ විතරකුත් නෙවේ... කෙනෙක් ගැන අපි හිතන හැටි, හැඟීම් සම්පූර්ණයෙන් ම වෙනස් වෙන හැටි... මේ ඔක්කොම වටහ ගන්න අත්දැකීම් මේ අවුරුදු දෙකේ ජීවිතේට එකතු වුණා...

අනිත් දේ, අවුරුදු 12 ත් 14 ත් අතරෙදි වගෙ නතර කළ සිංහලෙන් ලිවීම ආයෙ පටන් ගන්නත් මේ දැනුන පාළුව ම තමා හේතුව වුණේ... පොත් පිටු අග කවුරුත් නොදැක තිබුණ පුංචි පුංචි කවි බ්ලොග් අවකාශයෙ සටහන් වෙන්න පටන්ගත්ත... ඒත් එක්ක ම බ්ලොග්කරණය ජීවිතේට තවත් අපූරු අත්දැකීමක් ගෙනත් ජීවිතේ වඩාත් සුන්දර කලා කිව්වොත් හරි...නිර්නාමිකත්වයට සහ හමුනොවීම ට වහං වෙලා මිනිස්සු නොමිනිස්සු වගේ හැසිරෙන හැටි, නාඳුනන ම කෙනෙක් තවත් කෙනෙක්ගෙ දුක වේදනාව, සතුට බෙදාගන්න එකතු වෙන හැටි... ඔය දෙකම අත්විඳල දැන් නම් හිත රිදවන දේවල් දිහා උපේක්ෂාවෙන් බලල සෑහෙන තරමක ට විඳගන්නත් පුළුවන්...

අද මේ වෙලාව වෙනකොට සරසවිය ගෙදර විතරක් නෙවේ මේ පාරවල් මං සලකුණු ගස් කොළනුත් හිතට දැනෙනව... හුරුපුරුදුයි කියල... මගේ කියන ආදරණීය බැඳීම් සියල්ල ම තියෙන මගෙ රටට යන්න හරිම ආසයි... ඒ අදහස ආවදා ඉඳල ඒ වගෙම තියෙනව... ඒත් දාල ගිය මුල් දවස්වල මෙහෙ ගැනත් පාලුවක් හිතේ ඇතිවෙන්නෙ නෑ කියන්න නම් බෑ දැන්...
තනියම ඉඳගෙන හිතද්දි මම රටින් පිටවෙලා ගෙදරින් ඈත් වෙලා, අවුරුදු දෙකක් හිටිය කියන එක ටිකක් අදහගන්නත් අමාරුයි වගෙ... ඒත් එහෙම ඉන්න පුළුවන් වෙන්න නිතරම ගෙදරට කතා කරන්න තියෙන හැකියාවයි, සමීපම යාළුවොයි පුදුමාකාර ශක්තියක් වුණා කියල නම් මට හිතෙනව...
ඉතින් නාඳුනන රටක තනියම ගතවෙන මගේ ජීවිතේ සැබෑවටම ජීවත් වීමක් කළ ආදරණීය ම මිතුරන් සියල්ලන්ට ම සෙනෙහසින්...කියන්නම්...
ඔබට ස්තුතියි...!!!

2 nd October, a special day... two years before... I left my country and came here..Today it starts the third year in Japan...Being away from home, almost half of my life, it was not so strange to be out of the country... however it was so difficult to make understand my mind why I cant go home in the weekend. In the beginning every weekend I was suffering a lot... Later, I got adapt to the life here and I started to love my home here...When I came back after vacation, it made me feel that I came home when I saw may home here... though I was worrying about leaving my loved ones in Sri Lanka.
These two years, specially the second year here made me to understand nothing matters for a friendship, if we can understand each others feelings. The distance between us, totally different cultures did not matter...Friends could make life interesting and joyful...

The loneliness I felt here made me to start writing in Sinhala again, which was stopped when  I was 12-14 years...It was a really nice experience to find a set of very good friends who can care a lot... and who can share hurt and love with each other, sometimes even unknowns in person...
However now this environment is familiar too... I have been started to love it... though I m  impatiently waiting for returning to my home country, I will miss here one day...
Sometimes it s unbelievable that I was out of country for two years...still the ability to talk to home when ever I feel and close friends who shared ups and downs of my life made it possible...

So....
THANKS A LOT ALL MY FRIENDS, WHO MADE MY LIFE LIVING HERE...!!!

This is written in English BECAUSE OF YOU my dearest friend,
Though you can't differentiate any Sinhala character from each other,
Though you see every Sinhala character as a flower,
and still imagines you are a member of my blog
by counting the comments and the number of posts I have done.


18 comments:

  1. සකුරා මල් පිපෙන කාලෙ ආපුහාම ලංකාවෙ අපිත් එක්කත් ඒ ලස්සන බෙදා ගන්න :)

    ReplyDelete
  2. oya kohedha wastuwe inne ?

    ReplyDelete
  3. ඉතිරි කාලෙත් ඔහොමම ගෙවිලා යයි.. සුබ පැතුම්, අවුරුදු 2ක් සම්පූර්ණ කරාට

    ReplyDelete
  4. සුන්දර මිනිසුන් මුණ ගැසුණම නිවසෙන් බැහැර වුනත් ගෙදර වගේ තැනක් ඇති වෙන එකේ පුදුමයක් නැහැ. අක්ක ඇත්තටම වාසනාවන්තයි, අපි හීනෙන් විතරක් දකින සුන්දර සකුරා මල් පිපෙන දේශයේ කඩිසර, සුන්දර මිනිසුන් මැද ජීවත්වෙන්න ලැබුණු අවස්ථාව නිසා. කවදාහරි අක්ක ආයෙම ලංකාවට එත්දි ඔය සුන්දර මතකයන් අපූරුම මතකයන් වේවි. අක්කේ ඔබට ජය!

    ReplyDelete
  5. ස්වප්නා
    සකුරා මල් පිපුණ කාලෙ පින්තූර ටිකක් මෙතන තියෙනව...
    http://chejanas.blogspot.com/2010/04/blog-post_18.හ්ට්ම්ල්

    ආයෙ ලබන අවුරුද්දෙ සකුරා මල් පිපෙද්දි ආයෙ පින්තූර ටිකක් දාන්නම්කො.

    ReplyDelete
  6. Ano,
    නාඳුනනා අහස යට නෙ ඉන්නෙ.

    ReplyDelete
  7. සමීර, ස්තුතියි
    දන්න නොදන්න හැමෝම යාලුවො වෙලා හිටිය නිසා තමයි තනියි කියල නොදැනුනෙ, අවුරුදු දෙකක් ම

    ReplyDelete
  8. මල්ලි, ජපානෙ අපි ලංකාවෙ ඉඳන් දකින් තරම් ම සුන්දර නෑ, ඒත් අසුන්දරත් නෑ,
    කොහොමටත් මම මෙහෙ හිටි කාලෙ ජීවිතෙට අලුත්ම අත්දැකීම් ගොඩක් එකතු වෙච්ච කාලයක්.

    ReplyDelete
  9. කොහේ හිටියත් හිත සතුටින් නම් කොච්චර හොඳද! ගෙදරින් පිට ඉද්දි හොඳ යාලුවෝ හම්බවෙන එක තරම් දෙයක් තවත් නෑ. ඒ අතින් චේජනා වාසනාවන්තයි!

    ReplyDelete
  10. oyata asa nam mage blog eka balanna. "yatharthawadiya"

    ReplyDelete
  11. බුද්ධි, මෙහේ ඉන්නෙ හිත සතුටින් තමයි, ඒත් අනේ මන්දා, ගෙදර එන්නත් මතක් වෙනව නිතරම.

    ReplyDelete
  12. You can't take your home everywhere you go,
    But you can make a home any where you like,
    where ever you are,

    You can't take your friends everywhere you go,
    But you can make a friend with any one you like,
    Where ever you are,

    Sayonara for now,

    ReplyDelete
  13. Ravi,
    I hope that s what I ve been done. Thanks a lot dear, I felt your idea truly..

    ReplyDelete
  14. ලෝකෙ කොහෙ සැරිසැරුවත් ඕනෑම කෙනෙකුට දුවගෙන යන්න හිතෙන එකම තැන තමයි තමන්ගේ ගෙදර.. අවුරුදු හතරකට කලින් මම ලංකාවෙන් පිටත් වුණ දා ඉඳලා අද වෙනකල් නිතරම හීනෙන් ගෙදර යනවා... ආයෙ වැඩට යන්න ඕන කියලා ඊලඟ ප්ලේන් එකේ නඟිනවා... ඇහැරිලා බැළුවම තමයි දන්නේ මම ගෙදර ගිහින් නැහැ, ඒක හීනයක් කියලා...

    ReplyDelete
  15. Dear Chejana,
    I wish for one more fruitful year in Japan.
    All the best for your studies, because this final year is crucial and most important.
    I also 100% agree with what "Ravi" said above. And I believe on this saying " Everyone is a friend, until they prove otherwise ".
    Cheers ......
    - from 東大

    ReplyDelete
  16. Jeew
    ගෙදර යාමෙ රස දන්නෙ ගෙදරින් පිට ඉඳල ගෙදර යන අයම තමා...

    ReplyDelete
  17. Thanks a lot for wishes ayye,
    I m soo lucky to have nice friends in Japan and also outside of Japan.
    I wanted to thank u all.

    ReplyDelete
  18. I encourage you to write a book by combining all these memories. wonderful..!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...